SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

චන්ද්‍රිකාගේ දෙවන ධූර කාලයෙන් පස්සේ රාජ්‍ය නායකයෙක් කථා කරනවා ඇහුණා.

චන්ද්‍රිකා ගේ හොඳම ඇමතීම තිබුණේ එදා පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු දවසේ. දෛවයේ සරදමකටදෝ එදා පැකේජය ගිනි තියලා චන්ද්‍රිකාව දෙකේ කොලේට දාපු විපක්ෂේ නායකයා අද ඉතාම අර්ථවත් කථාවක් කරනවා. මිනිසුන් වැරදි වලින් ඉගෙන ගත යුතුයි. රනිල් ට ත් ඒ න්‍යාය වෙනස් වෙන්නේ නැහැ.

ගෝටාගේ කථාව ඇහුවා..පරම්පරාවේ පම්පෝරිය හැරුණු විට යමක් තිබුණේම නැහැ. රනිල්, නීතියේ ආධිපත්‍ය ගැන කාන්තාවන් ගැන කථා කළා. තරුණයන් ගැන කථා කළා. ඔහුව ද්‍රෝහියෙක් කළේ ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටපු නිසා කියලා කිව්වා..ඒ කථාව කොටින්ට මහින්ද වෙනුවෙන් සල්ලි දීපු ටිරාන්, වගේම ජාතික සමගිය ද්‍රෝහී කමක් කරපු රතනෙත් අහගෙන හිටියා.

ඒ කතාවේ ගොඩක් කතන්දර නාමල් අහගෙන හිටියේ නෝමල් විදියට නෙවෙයි. හිත යට මොකක්දෝ කිණ්ඩියක් තිබුණා. කොහොම නමුත් කාලෙකට පස්සේ ලංකාවේ රාජ්‍ය නායකයෙක් කථා කළා. එහෙම කථා කරපු බව ගොඩක් දෙනෙක් ට ඇහෙන්න ඇති. ඒත් 225 කී දෙනෙකුට ඒ කථාව තේරුණාද දන්නේ නැහැ. ඒ කරුණු වැටහුනාද දන්නේ නැහැ..කට්ටියක් නිදාගෙන හිටියේ ආත්මීය සුවයක් ලබලා වගේ.සිරිසේනත් නිදාගෙන හිටියා. කොහොම වුණත් විදේශීය නියෝජිතයෝ කරුණු සටහන් කරනු පෙනුණා. මේ විදියේ දේශපාලන කථාවක් අගය කරන්න පුළුවන් වෙන්න වගේම ඒ කතාවේ කරුණු ක්‍රියාත්මක වෙන්නත් හැකි වෙන්න ඕන.

මහ සෙනග සමග කතා කරනකොට උඹට පුළුවන් නම් උඹේ සද්භාවය පෙන්වන්න,

රජු සමග ගමන් කරන කොට උඹට පුළුවන් නම් උඹ පොදු මිනිහෙක් කියලා පෙන්නන්න, 

සතුරා ද මිතුරා යන ඕනෑම කෙනෙක් ප්‍රමාණයට ඇසුරු කරන්න උඹට පුළුවන් නම්, 

උඹට ලැබෙන කාලය මිනිත්තු 60 වුණත් ඒක ප්‍රයෝජනවත් විදියට පාවිච්චි කරනවා නම්....... 

(රඩ්යාඩ් කිප්ලිං)

seda44

 

seda40

 

seda41