SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සජබෙ රැකගන්න සජිත් ජනාධිපතිගේ ආරාධනය පිළිඅරන්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා කරන ලද ආරාධනය පිළිගැනීමට ප්‍රධාන විපක්ෂය වන ජාතික සමගි ජනබලවේගය තීන්දු කර ඇති අතර ඒ අනුව අනිද්දා (05) පැවැත්වෙන සාකච්ජාවට සහභාගිවීමට නියමිතය.  

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජික් ප්‍රේමදාස විසින් අගෝස්තු 02 වැනිදා දාතමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එබව දැනුම් දී තිබේ.

රටේ ආර්ථික සහ සමාජ අර්බුදයන්ට පිලියම් සෙවීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුළු ඉදිරි පියවර පිළිබඳව සංවාදයකට ජනාධිපති වික්‍රමසිංහ විසින් කර ඇති ආරාධනය තමන් පිළිගන්නා බව ඔහු සිය ලිපියේ සඳහන් කර ඇත.

විපක්ෂ නායකවරයා විසින් යවන ලද ලිපියේ මෙසේ සඳහන් වේ.

ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.

''ඔබතුමා විසින් එවන ලද PS/PCA/03/02 අංක දරණ 2022 ජූලි මස 29 දාතමින් යුක්ත ලිපිය හා බැඳේ.

දැනට අප මාතෘභූමියෙහි උද්ගතව ඇති ආර්ථික, දේශපාලන සහ සමාජ අර්බුදය නිමකොට ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතුව ඇත.

එකී කරුණු සැලකිල්ලට ගෙන ඉහත ලිපියෙහි සඳහන් පරිදි රටේ ආර්ථික සහ සමාජ අර්බුදයන්ට පිලියම් සෙවීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුළු ඉදිරි පියවර පිළිබඳව සංවාදයකට ඔබතුමා විසින් කර ඇති ආරාධනය සමගි ජන බලවේගය ඇතුළු සමගි ජන සන්ධානය පිලිගැනීමට තීරණය කර ඇති බව මෙයින් ඔබට ගෞරවයෙන් දන්වා සිටිමි.''