SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගරු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමනි,

පෞද්ගලිකව ඔබට බොහෝ සෙයින් මම කැමතියි. ඒ ඔබ සතු නායකත්ව ලක්ෂණ සහ වර්ධනය වූ දේශපාලකයෙක් ලෙස පසුගිය කාලය තුළ පලකළ පරිචය හේතුවෙන් ය.

නමුත් මාසයක පමණ සිට ඔබ ගමන් ගැනීමට උත්සාහ කරන්නේ වැරදි පීල්ලක බව පෙනී යයි.

ඊයේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය මම දැඩිව හෙළා දකිනවා. එය වැඩිහිටියෙක්, ජ්‍යෙෂ්ඨ දේශපාලකයෙක්ටත් වඩා පියෙක් විදියට ඔබ නොකළ යුතු ප්‍රකාශයකි.

ඒ අගෝස්තු 9ත් කොළඹ එන්න කියන ප්‍රකාශයයි.

පසුගිය දිනවල ඔබතුමාගේ ෆේස්බුක් සටහන් බැලූ කල පැහැදිලි වූයේ ඔබතුමාටද රටේ ව්‍යවස්ථාව ගැන අවබෝධයක් තවම ලැබී නැති බවයි. එමෙන්ම ඔබතුමන් විසින් උසිගන්වන්නට යෙදෙන නොමේරූ තරුණ සමූහයද ව්‍යවස්ථාව තබා දේශපාලනය යනු කුමක්දැයි නොදන්නා පිරිසකි.

ඔවුන් වැරදි උපදෙස් මත වැරදි ස්ථාන කරා මෙහෙයවා ලැබූ ප්‍රතිඵල ලෙස ඔවුන්ට නීතිය පාරාවළල්ලක් වී ඇත.

එබැවින් දේශපාලන පෙරළි සිදුකළ යුත්තේ දේශපාලන පක්ෂ එකතු වී නිසි නායකත්වයකින් මිස, ජනතාව කුපිත කර ගෙන්වාගෙන පන්නා දැමීමෙන් නොවේ.

ඔබ දෙවැනි රාජසිංහ රජු කළාටත් වඩා විකාරයක් කරන්නට යන්නේ ඇතැම් අන්තවාදී වාමාංශික දේශපාලන ව්‍යාපාර කිහිපයක පෙළඹවීම මත බව නොපෙනෙන්නේද නොවේ.

එබැවින් වගකිවයුතු පුරවැසියෙක් ලෙස ප්‍රකාශ නිකුත් කිරීමේදී ප්‍රවේසම් වන්න.

ඔබ පිළිබඳ විශ්වාසකරන, ඔබේ නායකත්වය අගයකරන, අතීත රණශුරත්වය ආදරයෙන් සමරන මිනිසුන් ලක්ෂ ගණනක් මේ භූමියේ ඇති බව සිහිතබාගෙන ප්‍රකාශ නිකුත් කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා...

ඒ වගත් මෙසේම

මම!

මනෝරම වීරසිංහ

@මුහුණු පොතෙන්

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි