SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිතවත් රනිල් වික්‍රමසිංහ,

මේ මොහොතේ අප මුහුණ දෙමින් සිටින්නේ දැවැන්ත ආර්ථික, දේශපාලන සහ සමාජ අර්බුදයකට බව ඔබට නැවත මතක් කර දිය යුතුව ඇතැයි මා සිතමි.

ඔබ අගමැති ලෙසත්, වැඩ බලන ජනාධිපති ලෙසත් ඉනික්බිතිව අනුප්‍රාප්තික ජනාධිපති ලෙසත් පත්වූයේ ද ඉහත අර්බුදය නිසා බව ඔබට අමතකව ඇතැයි ද මා සිතමි.


හිතවත් රනිල්,

විශේෂයෙන් ම මෙම ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා වේගවත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව ජනාධිපතිවරයා ලෙස ඔබේ අවධානය යොමුවිය යුතුව තිබේ.

එසේම අවම වශයෙන් මාස 6ක කාලයක් සඳහා හෝ ඉන්ධන සඳහා ණය පහසුකමක් (credit line) ලබා නොගතහොත් ඉදිරි මාස කිහිපයේ උදාවන සංචාරක සමයේ විදෙස් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම අසීරු වනු ඇත. එයින් පාස්කු ප්‍රහාරයේ සිටම බිඳ වැටුණු සංචාරක කර්මාන්තයට අවසන් හුස්මක් වීමට ද හැක.


හිතවත් රනිල්,

ඔබ විසින් යෝජනා කළ ණය ආධාර සමුළුව පිළිබඳව වැඩි උනන්දුවක් ඔබ තුල නොමැති බවත්, ගිනිබත් වූ මන්ත්‍රී නිවාස අළුත්වැඩියා කිරීමට අවමය මිලියන 100කට යටත්ව මන්ත්‍රීවරුන්ට මුදල් ලබා දීමට ඔබගේ ඇතිව තිබෙන උනන්දුව පිළිබඳවත් මම වික්ෂිප්ත වීමී.

එසේම ඉන්ධන අර්බුදය හේතුවෙන් පුද්ගලික ප්‍රවාහනය සේම පොදු ප්‍රවාහනය ද කඩා වැටී තිබිය දී, ඔබ විසින් ආණ්ඩු පක්ෂයට සහය දෙන මන්ත්‍රීවරුන්ට තීරූ බදු සහන සහිත වාහන බලපත්‍ර ගෙන්වීමේ බලපත්‍ර ලබා දීමට පොරොන්දු වී ඇති අසන්නට ලැබීම පිළිබඳව ඇත්තේ අතිශය පිළිකුලකි.


හිතවත් රනිල්,

ඔබේ නිවස ගිනිබත් වීම පිළිබඳව කනගාටුවට පත්වූ අයෙක් ලෙස මා ඔබෙන් ඉල්ලා සිටින්නේ වල්ගයට ගිනි ඇවිලුණු හනුමා මෙන් රටට ගිනි නොතබන ලෙසයි.

හිතවත් රනිල්,

දේශපාලනය ස්ථාවරත්වය ගොඩනැගීම සඳහා සිදුකළ යුත්තේ මාධ්‍යවේදීන්ට දනගස්වා ගුවන් හමුදාව ලවා අමානුෂිකව පහර දීම නොවේ. කඩිනම් දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා අවධානය යොමු කිරීමයි. ඊනියා 22වන සංශෝධනය වෙනුවට 19වන සංශෝධනය වහා ගෙන ඒමට කටයුතු කිරීමයි. එසේ නොමැති නම් කාරක සභා අවස්ථාවේ දී යෝජිත 22වන සංශෝධනය පෝෂණය කිරීමයි. අවසාන වශයෙන් ආර්ථික සහ දේශපාලන අර්බුදයන් විසඳමින් සමාජ අර්බුදය අවසන් කිරීමයි.

හිතවත් රනිල්,


වයස 73දී ජනාධිපති පදවියට පත් ඔබට කළහැකි සහ කළයුතු වගකීම් සහ යුතුකම් රාශියක් ඔබ ඇස් ඉදිරියේ තිබිය දී විධායක ජනාධිපති ධූරයේ 'නරක' රසයට ලොල් වීම නම් ඔබේ සෞඛ්‍යයටත් වයසටත් තරම් නොවනු ඇත.



හිතවත් රනිල් ,

ඔබගේ සටහන් පොතේ මුල් පිටු අතර දෙකට නවා ඇති "ගාළුමුවදොරින් ඔබ්බට" යෝජනාවලියේ #GoHomeRanil ලෙස ලියා නැත. එහි ලියා ඇත්තේ උග්‍ර වාමාංශික කඳවුරේ සිට උග්‍ර ලිබරල් කඳවුර දක්වා ටොයි, ජෙපි, බයි, ජාතිවාදී, නිරාගමික, හිපි ආදී බහුතර කඳවුරු වල එකඟතාවය මත ප්‍රකාශයට පත්වූ ලියවිල්ලකි.

එය නැවත කියවන්න...


මර්ධනයට වඩා යමක් ඔබට රට වෙනුවෙන කළ හැකි බව ඔප්පු කරන්න...

රනිල් බටලන්දේ තියා බටනන්දයෙක්වත් නොවන බව ඔප්පු කරන්න...

ඉතිහාසය වෙනස් කරන්න.... නැත්නම් ඔබට ද ඉතිහාසයේ අඳුරුම පරිච්ඡේදය වෙන්වනු ඇත.

 

@ විමුක්ති දුෂාන්ත
    සම කැඳවුම්කරු
    Black Cap Movement

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි