SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අරගලය යනු ආණ්ඩු පෙරළීම නොවන බවත් රටේ ජනාධිපති කාර්යාලය අත්පත් කරගැනීම, අගමැති කාර්යාල අත්පත් කරගැනීම සිදුකළ පිරිස සොයා

ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් ඉතිහාසයේ පළමු වරට රටේ විධායක ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ ඊයේ (20) සවස ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අභිනව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීමෙන් අනතුරුව ගංගාරාම විහාරස්ථානය වෙත ඊයේ (ජූලි 20) පස්වරුවේ පැමිණ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අද ඇති ක්‍රමවේදයට වෙනස් විය යුතු බවට අදහස් දක්වන සාමකාමීව අරගලකරුවන්ට අවශ්‍යනම් වේදිකාවක් තමන් සකස් කර දෙන ද ජනාධිපතිවරයා පැවසිය. එහෙත් අරගලය මුවාවෙන් ආණ්ඩු පෙරළන්නට ඉඩ දිය නොහැකි බව ඔහු අවධාරණය කළේය.

සාමකාමීව විරෝධතාවල නිරත වීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව පවතින අතර අරගල මුවාවෙන් නිවාස ගිනි තැබීම මෙන් ම ජනාධිපති කාර්යාලය ඇතුළු විවිධ ස්ථාන අත්පත් කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බව ද ඔහු සඳහන් කළේය.

එවැනි ක්‍රියා නීති විරෝධී වන අතර එවැනි කටයුතුවල නිරතවන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, අරගලයේ නිරත තරුණයන්ට අනාගතයක් ගොඩනැගීමට අවශ්‍ය නම් ඊට සම්පූර්ණ සහය ලබාදෙන බව ය.

සාමකාමීව අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය මේ වන විට යටපත් වී ඇති අතර අවශ්‍ය නම්, ඔවුන්ට අදහස් ප්‍රකාශ කිරීමට වේදිකාවක් සකස් කර දීමට ද හැකි බව ජනාධිපතිවරයා පැවසීය.

 

''ජනතාවට අවශ්‍ය වෙනස ලබා දෙනවා ''

ජනතාවට අවශ්‍ය වෙනස ලබා දෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසිය.

තමන් රාජපක්ෂ පවුලේ මිතුරෙකු නොව ජනතාවගේ මිතුරෙකු බව ඔහු එහිදී විදෙස් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, තම බලාපොරොත්තුව පාර්ලිමේන්තුව තුළ සිටින සෙසු පක්ෂ සමග සහයෝගයෙන් වැඩ කිරීම බව ය. 

@TheLeader

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි