SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් සහ වටිනාකම්, ස්ථාපිත ආයතන මෙන්ම ව්‍යවස්ථාමය ප්‍රතිපාදන හරහා ශ්‍රී ලාංකික ජනතාවගේ අභිලාෂයන් සාක්ෂාත්

කරගැනීම උදෙසා ඉන්දියාව සහයෝගය ලබා දෙන බවට සහ ඉන්දියාව වෙනත් රටක අභ්‍යන්තර කරුණු සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට මැදිහත් නොවන බවට ඉන්දියාව අවධාරණය කර සිටියි.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත්කරමින් එම කාරණය සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවති පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන්ට ඉන්දියාව විසින් දේශපාලන මට්ටමෙන් බලපෑම් කිරීමට උත්සහ දරන ලද බවට පළ වන පදනම් විරහිත සහ සම්පූර්ණයෙන්ම කාල්පනික මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවත්, එම වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඒවා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් එම නිවේදනයේ සඳහන් වේ.

එම වාර්තා පැහැදිලිවම කවරකුගේ හෝ කල්පනා මාත්‍රය බව එකී නිවේදනය මගින් අවධාරණය කර ඇත.


මෙරට තත්ත්වය ගැන ඉන්දියාව කණස්සල්ලෙන් !


ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාව කණස්සල්ලෙන් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් පවසයි.  

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාවේ පැවති සර්ව පාක්ෂික සමුළුවේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

කිසිම විටකත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මාලදිවයිනට යාමටත් එතැන් සිට සිංගප්පූරුවට යාමටත් ඉන්දියාව පහසුකම් ලබා නොදුන් බව ආචාර්ය ජයිශංකර් එහිදී ප්‍රකාශ කළ බව ද මාධ්‍ය වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය වැනි අර්බුදයක් ඉන්දියාවේ ඇති වීමට ඉඩක් නොමැති බව පෙන්වා දුන්නේය.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා බැවින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ඉන්දියාවට කෙසේ බලපෑමක් එල්ල වේ දැයි ඉන්දියාව කණසල්ලෙන් පසුවන බව ආචාර්ය එස්.ජයිශංකර් පැවසුවේය.

ආහාර, ඉන්ධන, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඉන්දියාව අනෙක් කිසිම රටකටත් වඩා ශ්‍රී ලංකාවට සහාය ලබා දී ඇතැයි ආචාර්ය එස්.ජයිශංකර්  වැඩි දුරටත් පැවසුවේය.

නොමග යවන සුළු සැසඳීම් උපුටා දක්වමින් ඇතැම් පුද්ගලයන් ඉන්දියාවේත් එවැනි ආර්ථික අර්බුදයක් ඇති වීමට අවස්ථාව තිබේ දැයි ප්‍රශ්න නගන බව එස්.ජයිශංකර්  ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය, ආම් ආද්මි පක්ෂය, ට්‍රිනමූල් කොංග්‍රස් පක්ෂය, නැෂනල් කොන්ෆරන්ස් පක්ෂය, තිලඟන රාෂ්ට්‍ර සමිති, බහුජන සමාජ පක්ෂය, වයි.එස්.ආර් කොංග්‍රස් පක්ෂය, එම්.ඩී.එම්.කේ පක්ෂය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වූහ.

@Theleader.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි