SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විමල් ඩලස් එකතුවේ දේශීය අනුග්‍රාහකයා දිලිත් ජයවීර වන අතර, විදේශීය සාදර අනුග්‍රහය චීන සමුහාන්ඩුව බව අප කී දෑ අද මහපොලොවේ සත්‍යයන් වී හමාරය.

මෙහිදි අප වඩාත් විමසිලිමත් විය යුත්තේ ඩලස්ගේ ඉදිරිපත් වීම නොව, මේ තුල ක්‍රියාත්මක වන විමල්ගේ භූමිකාවයි. විමල්ට රටේ නායකත්වයට පත්විමේ තද බල ආශාවක් තිබෙනා බව කාටත් පැහැදිලිය.

ජවිපේ තුලින් විමල් එලවා දැමීමට තීරණය කරන්නේත් මේ හේතුවෙනි. එහිදි ඔහුගේ කුමන්ත්‍රණය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සංධාන ගතව එහි බලය ඩැහැගැනීමයි. ඊට ජවිපේ සෝමවංශ මෙන්ම අනෙක් අයද එකහෙලා විරුද්ධ වන්නේ, ඔවුන්ගේ දේශපාලන අරමුණ වෙනත් එකක් වන හේතුවෙනි.

2005 දී මහින්ද බලයට ගෙන ඒමට ක්‍රියාකල ජවිපේ, මහින්දගේ යුධ බජට් එක පරාජයට පත් කිරීමට යන්නේත්, විමල් ඊට එරෙහිව පක්ෂයේ 50% පමණ කුට්ටියකුත් කඩාගෙන ගොස් ජනිපේ නායකයා වී, මහින්දගේ අගසව් හෙවත් ලොකු පුතා වන්නේත් මේ හේතුවෙනි.

ඉන්පසු 2012 මහින්ද විනාශ කිරීම ආරම්බ කර, මහින්ද මැදමුලන ජනෙල් පොල්ලේ එල්ලීමේ නිර්මාතෘ වන්නේද විමල්මය. ඒ බැසිල් හා පී බී සමඟ ගේමක් ඇදගෙන ආර්ථික ඝාතකයා නාටකය රඟදක්වමිනි.

එහිදි අතන මෙතන පනින රතන හා පාඨලි පමණක් ඊට එක්ව, පසුව යහපාලන ජෝගියේ සාමාජිකයින් වූවද, විමල් ඊට සහභාගී නොවන්නේ, මහින්දට කෙල වූ පසු මහින්දගේ බයියන් සියල්ලෝම තමන්ගේ ග්‍රහණයට පහසුවෙන් ගත හැකි බව ඔහු දැනගෙන සිටී බැවිනි.

එය කෙතරම් සාර්ථකව සිඳු කලේද යත්, මැදමුලනේ පැත්තකට වී සිටී මහින්ද මහත්තයා චක්කාට අන්දාගෙන, නුගේගොඩට උස්සාගෙන විත්, බයියන් නැවත බලයට ගෙනාවේ විමල් වීරවංශ බව අදටත් පනිට්ටු බයියන්ගේ විශ්වාසය වනාතර, උන් කියන්නේ පුලුවන්නම් විමල් නැතුව මහින්දලාට දිනලා පෙන්නනෙයි කියලාය.

එහෙත් විමල්ගේ මේ සැලසුම දුටු ජොනී හා ප්‍රසන්න, ඇමරිකාවේ උන් බැසිල් මෙරටට ගෙන්වා, අළුත් පක්ෂයක් බිහි කර, විමල්ගේ ජාතික නිදහස් පෙරමුණෙන් චන්දයට ඉදිරිපත් වීම වලක්වමින්, බයියන්ටම වෙන්වූ පොහොට්ටු පක්ෂය නිර්මාණය වන්නේ ඒ අනුවය.

එය අති විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගත් අතර, බැසිල්ලා සමඟ තම සිහිණිය සැබෑකර ගත නොහැකි බව තේරුම් ගැනීමෙන් පසු, නැවත වරක් රාජපක්ෂ පවුල බේද බින්න කොට, අවලස්සන ඇමරිකානූ නාට්ටිය රඟ දක්වමින් ඝෝඨාත් ඩැහැගෙන දාන්නට ගිය සෙල්ලම බැසිල් විසින් කුඩුකර දමන්නේ, ඇමතිකම්ද නැතිකර පුචට පයින් ගසා දොට්ට දැමීමෙන්‍ය.

ඇත්තටම ඝෝඨා විනාශ කළේ වෙන කවුරුවත් නොව මුලින්ම "2025 ඝෝඨා ජනපති විමල් අගමැති" සිහිණය ඝෝඨාගේ ඔලුවට දැමූ විමල් වීරවංශය. මහින්ද හා ඝෝඨා විරසක කළේද ඔහු වනාතර, මෙවන් ගේම් වලට ප්‍රසිද්ධ ඩලස් ඒවාට උපරිම සහයෝගය දුන්නේය.

ඉන්පසු පුලන්නන් කිහිප දෙනෙක් හා ස්වාධීන කණ්ඩායම් විගඩමක් සාදාගෙන, ඩලස් හා එක්ව දැන් කරන්නට යන්නේ,

පොලිට්‍රික්ස් ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා, ජනප්‍රිය තීන්දූ තීරණ ගෙන අවසානයේ නාගන්නා, සජිත්ගේ ලක්ෂ 55 ක් පමණ වන පන් ටොයියන්ගේ ඡන්ද ප්‍රමාණය ඩැහැගැනීමක් බව සජිත්ට තේරුම් කර දීමට, ඒ පක්ෂයේ ඉන්නා ෆොනී, රාජිත, කිරිඇල්ල තබා තිස්ස අත්තනායකටවත්, මහින්දගේ ගෝලයන් වූ ජොනීට, ප්‍රසන්නට තිබූ දේශපාලන ඉව නැතිවීම කනගාටුවට කරුණකි.

සජිත් අද දින ගත් මේ අමන තීන්දුව ගැන අනාගතයේ කනගාටු වනු ඇත්තේ, ඒ යන පිරිසද, හරීන් හා මනූෂ මෙන්ම, "ආසයි බයයි" ලේබලය ගසා පක්ෂය හැර යන දිනයේය.

ඒ වගත් මෙසේය.....

@ Priyantha Hewage Mathalan

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි