SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඡන්දය නොදීමේ ශ්‍රිලනිප තීන්දුව රිවර්ස්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට කතානායක ධුරය බාර ගන්නැයි ඩලස් - සජිත් පාර්ශවය විසින් යෝජනා කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර නව ජනාධිපතිවරයකු තෝරාගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කරන ලෙස ගාලුමුවදොර අරගලකරුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇත.

ඔවුන් ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් අද රැස්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මතයද විමසා සුදුසු පියවරක් ගන්නා බව පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ගාලුමුවදොර අරගලකරුවන් කණ්ඩායමක් ඊයේ (18) එම පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පක්ෂ නියෝජිතයන් හමුවී සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී මෙම ඉල්ලීම කර ඇත.

එහිදී අරගලකරුවන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කළ බව එම පක්ෂය පවසයි.


අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ දී කිසිඳු අපේක්ෂකයකු සහය ලබානොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය.

කෙසේවුවද ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ අරගලකරුවන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් එම තීන්දුව හකුලා ගැනීමට පක්ෂ නායකත්වයේ  සුදානමක් පවතින බවයි.

එසේම, අරගලකරුවන් විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදුකල යෝජනාව කෙරෙහි අවධානය යොමුකිරීමටද ශ්‍රීලනිප නායකයා තීරණය කර ඇතැයි පැවසේ.

මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අතර ඔවුන් අතරින් සුරේන් රාඝවන් ගා ශාන්ත බණ්ඩාර මේ වනවිට බැසිල් රාජපක්ෂගේ අනුගාමිකයින් ලෙස කටයුතු කරන අතර ශ්‍රීලනිපය විසින් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත. 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි