SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්

වසර දෙකහමාරක් වැනි කෙටි කාලයක දී ජනාධිපති ධුරයට සමුදීම සමහරෙකු විමතියට පත්කරවන කරුණකි.

ඉතිහාසයේ ජනාධිපතිවරණයක දී වැඩිම ඡන්ද එනම්, ඡන්ද 6, 924, 255 ක් ලබාගනිමින් මෙරට ජනාධිපති ධුරයට පත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2019 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ජනාධිපති පුටුවේ වාඩි වූයේ එක් පැත්තකින් ජාතික ආරක්ෂාව බිඳ වැටුණු, අනෙක් පැත්තෙන් ජාතික ආර්ථිකය ඉතා සීඝ්‍රයෙන් පහළට යමින් පැවති, රාජ්‍ය යාන්ත්‍රණය බිඳවැටී අයාලේ ගිය රටක බව වත්මනෙහි කාටත් අමතකව ගොස් ඇති බව පැහැදිලි ය.

රටක් ගොඩනැගීමට නම් පළමුවෙන්ම කළ යුත්තේ විනය ගරුක බව ගොඩනැගීම යන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තරයේ විශ්වාස කළ බව නොරහසකි. පළමුව ආදර්ශමත් වූ ඔහු තම පුද්ගලික උවමනා එපාකම් පසෙක තබා, යෝග්‍ය ක්‍රියාමාර්ග එකිනෙකට පෙළගස්වමින් රාජ්‍ය යාන්ත්‍රණය අලුත් දිශානතියකට යොමු කිරීමට පියවර ගන්නා අතරතුරම නිෂ්පාදන ආර්ථිකයකට ද පදනම දැම්මේ ය.

රටේ ජනතාවගේ හිතසුව පිණිසම වස විසෙන් තොර ගොවිතැන සඳහා ප්‍රතිපත්තිමය තීරණ ගත්ත ද බහුජාතික සමාගම්, යම් යම් සංවිධාන සහ ඇතැම් නිලධාරීන් එයට එරෙහිව රටවැසියා උසිගැන් වූ බව කාටත් නොපෙනුනා වන්නට නොහැකි ය.

අලුත් විදියට සිතූ ජනාධිපතිවරයාගේ මේ අලුත් ගමනට පරණ විදියට සිතන, සිටින රටවැසියාගෙන් මනා සහයෝගයක් ලැබුණාදැයි සැක මතුකිරීම වරදක් බවට නොපෙනෙන බව ද කිව යුතුමය.

රටේ පාලනය බාරගෙන කෙටි කලකින් කොරෝනා වසංගතයෙන් රටම අඩපණ විය. ලොවපුරා වැසියන් ලක්ෂ ගණනින් කොරෝනාවට බිලිවෙද්දී අපේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගැනීම එකල ප්‍රමුඛ කටයුත්ත සේ සලකා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මැනවින් යොදා ජන ජීවිත සුරක්ෂිත කළ අයුරු කාටත් අමතක නැත.

දශක තුනකට අධික කාලයක් රටවැසියා භීතියට පත්කළ කුරිරු යුද්ධය අවසන් කිරීමට මනාලෙස තම දායකත්වය ලබාදුන් හෙයින් ඇතැම් විට සමහර බටහිර රටවල් ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි උදහස් විය. ඔහුගේ දායකත්වය, නායකත්වය යටතේ ලංකාව ශක්තිමත් රටක් වනු ඇතැයි අධිරාජ්‍යවාදීහු යම් අවස්ථාවක දී බියට පත්වූවා යැයි සැක මතුකළ හැකිය. එබැවින් එවැනි සාර්ථකත්වයන්ට අකුල් හෙළන්නට ඔවුන් ගත් විවිධ පියවරයන්ට අපේ රටේ ජනතාව ද මංමුළා වී ව්‍යංගයෙන් සහයෝගය දුන්නා දැයි කාටත් අපැහැදිලි කාරණයක් ලෙස ඉතිරි වී ඇත.

වර්තමානයේ ඔහුට එරෙහිව කෙතරම් ප්‍රශ්න පැමිණිය ද රට ලේ විලක් නොකොට, යළි ජනතාවට සාමකාමීව බාරදීමම කෙතරම් උතුම් ක්‍රියාවක් ද, එය බියඟුළුකමක් ලෙස වරදවා වටහා ගත්තවුන්ට කෙටි කලකින් සියලු දේ පිටුපස පැවති අමිහිරි ඇත්ත තේරුම්ගත හැකිවනු නියත ය.

මනා අධිෂ්ඨානයකින්, සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරන්නට අපේ මව්බිමේ පාලනය බාරගත් ඔහුට මුහුණපෑමට සිදු වූ දුෂ්කරතා වලින් පෙනෙන්නේ විනයක් නැති, අකෘතඥ මිනිසුන් බහුල රටක තරම ය.

අවසානයේ අහිමි වීමට ගිය රටක්, ජනතාවක් යළි හිමි කරදුන් මිනිසාට තම මව්බිම අහිමි විය.

ගෝඨාභය රාජපක්ෂ මැතිඳුනි, අපේ මාතෘ භූමිය වෙනුවෙන් ඔබ කළ අමිල මෙහෙයට තුති !!

ඔබට තෙරුවන් සරණයි !

@#සුගීෂ්වර බණ්ඩාර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම්

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි