SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රන්ජන්ට ජනාධිපති සමාව…!

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට නිදහස ලබා දීමට කටයුතු කරමින් ඇති බව වාර්තා වෙයි.
ඒ පිලිබදව කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ඔහු අදාල අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවද සදහන්ය.
මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර යන මන්ත්‍රීන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර ලෙසයි.
රාමනායක මහතාට නිදහස ලබා දීමට අදාල ලියකියවිලි අගවිනිසුරු සහ නීතිපති හමුවට යොමු කර ඇතැයිද පැවසේ.

 

එක හැදුනුම්පතකට එක වාහනයයි.. ඉන්ධන කෝටා ක‍්‍රමය අරඹයි..

මේ අතර පළමු ඩීසල් නැව දිවයිනට පැමිණ ඇති අතර ඉන්ධන ලබා දීම සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීම සිදු කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
හැඳුනුම්පත් අංක ක්‍රමයක් යටතේ සතිපතා ඉන්ධන කෝටාවක් වෙන් කරන බව හෙතෙම කියා සිටියි.
එක හැඳුනුම්පතක් සඳහා එක වාහනයකට ඉන්ධන ලබාදෙන බවද පවසන ඔහු වාහන අංකය ඇතුළු විස්තර ඇතුළු කල පසු අදාල කේතය වෙන් කරන බවට සඳහන් කරයි.

පසුගිය කාලය තුළ ඉන්ධන හිගයක් නොමැති කාලවලට වඩා ඉන්ධන පරිභෝජනය දෙතුන් ගුණයකින් වැඩිවී ඇති අතර එයට හේතුව පෞද්ගලිකව ඉන්ධන තොග රැස්කර තබාගැනීමක් ලෙස සඳහන් වේ. මේ තත්වය පාලනය කිරීමත් ඉන්ධන පෝලිම්වල සිටින බොහෝ දෙනෙක් පාලනයකින් තොරව ඉන්ධන මිළට ගෙන කළුකඩ මිලට විකිණීමත් හේතු කරගෙන නව පාලන ක්‍රමවේදය සකසන්නට ඇතැයි විචාරක මතය වී ඇත.

 

ජී.එල්. පොහොට්ටු සභාපතිකමෙන් පන්නයි.. වරද ඩලස්ට සහාය දීම…

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් නෙරපා දැමීමට තීරණය කර ඇති බව දැන ගන්නට තිබේ.
පාර්ලිමේන්තුව මගින් නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමේ සඳහා පක්‍ෂයේ මතයට පිටින් අදහස් පළ කිරීම ඊට හේතු වී ඇත.
ජී.එල්. පීරිස් මහතා සදහන් කරන්නේ ඩලස් අලහප්පෙරුම මහතා පක්ෂයේ පුද්ගලයකු නිසා ඔහුට සහය දීමට පක්ෂය තීරණය කළ යුතු බවයි.
කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත්තේ තම පක්‍ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීමටත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාල නිලවරණයේ දී සහාය ලබාදීමටත් ය.

පුවත්  @lankacnews

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි