SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද දින ද රනිල් විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සාමකාමී අරගල වලට මිස කැරලි වලට ඉඩ නොතබන බවය.

රනිල් පවසන්නේ කාට හෝ අමාරුවක් තිබේ නම් ඕනා තරම් "සාමකාමී අරගල" කරගන්නා ලෙසත් ඊට එහාට ආවොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඒ ගැන වග බලා ගන්නා බවය.

එම ප්‍රකාශයේ කිසිඳු අනීතිකත්වයක් නොමැත. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ඕනෑම අරගලයක් මැඩපැවැත්වීමේ ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සතුය. එසේම ඊට පිටතින් පාවිච්චි කරනා උපක්‍රම ද කිසි සේත්ම නීති විරෝධීයයි ඔප්පු කල නොහැක. නමුත් අන්න නීතිය කඩ කරනවෝ යනුවෙන් මෝඩ ඊනියා අරගලකරුවන්ට කෑ ගැසිය හැකිය. ඒ සඳහා මෙදියත පවතින ජඩම රැකියාව කරන්නන්ගේ ද (නීතිඥයින්) සහාය ලබා ගත හැකිය. නීතිඥයින්ගේ කාර්ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සලකුණු කිරීමයි. නමුත් එසේ නීතිය උඋල්ලංඝනය කරනවා යනුවෙන් කෑ මොර දෙන විටම නැවතත් රනිල් හෝ ඕනෑම පාලන තන්ත්‍රයක් විසින් පවසන කැරලි වලට ඉඩ නොතියන බවම අරගල කරුවන් විසින්ම ද තහවුරු කරමින් සිටී. ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවය එයයි.

අද කතා නායකවරයා විසින්ද පුන පුනා පවසා සිටියේ ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස ශ්‍රිලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගත යුතු බවත් එය උල්ලංඝනය වීමට ඉඩ නොතැබිය යුතු බවත්ය.

ගෝඨා ඉවත්කලා යයි කියමින් සතුටු වන්නේ මෝඩයින්ය.

රනිල් සමග සැසඳීමේදී ගෝඨා යනු අහිංසකයෙකි.

 

අතිශය බහුතරයක් දෙනා සිතනුයේ වර්ථමාන අර්බුධයේ හේතුව ගෝඨා බවය. මෙවැනි අර්බුධයක් ඇති වීම සඳහා ගෝඨා කල දෙයක් නොමැත. මේ අත්විඳිනුයේ ජේ. ආර්. විසින් ආරම්භ කොට, චන්ද්‍රිකා විසින් පවත්වාගෙන විත්, රාජපක්ෂලා විසින් උච්ඡයට නැන්වූ සංවර්ධනය සහ පාරිභෝජනවාදය, 2015 සිට 2020 දක්වා රනිල් වික්‍රමසිංහ පාලන සමයේ තවත් ගුණාකාර කිරීමේ ප්‍රතිපලයකි.

රනිල් විසින් උත්සාහ දරමින් සිටිනුයේ තෙල්, ගෑස්, පොහොර, ප්‍රමාණවත් ලෙස බෙදා හැරීමටය. ප්‍රශ්නයකට ඇත්තේ ඒවායේ මිල අධික වීම පමණි. ඒ කෙසේ වෙතත් තෙල්, ගෑස්, පොහොර, සුලභ වීම තුල අරගලය සොයාගත නොහැකි වනු ඇත. ඉන් පසු රනිල්ගේ ඉලක්කය වෙන්නේ සාක්කු පිරවීමයි. ඒ සඳහා ඔහු තම මාමා කලාට වඩා වැඩි විනාශයක් මිනිසුන්ට අත්පත්කොට දෙනු ඇත.

රනිල්ගේ මාමා බලය ලබාගන්නේ මෙවැනිම පෝලිම් යුගයකදීය. එවිට ඔහුගේ වයස වසර 71කි. බලය ලබා ගැනීම පිළිබඳව සිහිනය අතහැර දමා සිටියේදී නොසිතූ ජයග්‍රහණයකින් ඔහුට බලය ලැබුනේ වියපත් වූ පසුවය. ලැබූ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරගැනීම සඳහා නියම ව්‍යවස්තාවකුත් සාදාගත් ඔහු තමන්ගේ නමට අදාළ ගමට පාර්ලිමේන්තුව ද ගෙන ගියේය (ජයවර්ධනපුර නම සෑදී ඇත්තේ සපුමල් කුමරා නොහොත් සෙම්බහප් පෙරුමාල් විසින් ලැබූ ජය වර්ධනය කොටගත් පුරවරය යන අර්ථයෙනි. ජේ ආර් ට ද ඇත්තේ පෙරුමාල් සම්භවයකි).

දැන් රනිල්ටද තම මාමාට මෙන්ම නොසිතු මොහොතක නොසිතූ බලයක් ලැබී ඇත. ඔහුට දැන් වයස 73කි. නොගැලපුමකට ඇත්තේ ජේ. ආර්. හට බලය ලබා ගැනීමට උපකාර වූ ප්‍රේමදාසගේ පුතා මේ වන විට ජේ ආර්ගේ අනුප්‍රාප්තික බෑනාට එරෙහිව සිටීමයි. නමුත් ව්‍යාපාරික බලපෑම ප්‍රභල වුවහොත් සජිත්ටද රනිල් සමග එකතු වීමට සිදු වනු ඇත. එය එසේ වීමට බොහෝ දුරට ඉඩ කඩ ඇත. එවිට හර්ෂ ද සිල්වා නමින් සිටිනා රොනී ද මැල් මුදල් ඇමති බවට පත්කොට ගත හැකිය. සියල්ල එසේ ගැලපුනහොත් නැවතත් ජේ. ආර්. ප්‍රේමදාස යුගයක් බිහි වනු නොඅනුමානය. නමුත් මේවා මෙසේ සිදු නොවීමට ද ඉඩකඩ ඇත. ඒ කෙසේ වෙතත් 1977ට සමාන තත්වයක් ඇති වී තිබේ.

බොහෝ අමනයින් සිතනු ඇත්තේ රනිල්ට 'ජනවරමක්' නොමැති බැවින් බලයක් නොමැත යන්නයි. නමුත් ඔහුට ඇති අසීමිත බලය වන්නේ මෙරට ව්‍යාපාරික ප්‍රජාව වෙතින් ඍජුවමද, ඉහල මධ්‍යම පන්තිය, මධ්‍යම පන්තිය වෙතින් අනුකූලතාවයද, පහල මධ්‍යම පන්තිය වෙතින් ලැබෙන ඡායාමාත්‍රික අනුකූලතාවයද හේතුවෙනි.

ජූලි මස 22 දින රනිල් ජනාධිපති වනු ඇත. ඒ පොහොට්ටු බහුතරයෙනි. ඩලස් රනිල්ට අභියෝග කරන බවක් පෙන්වනුයේ රනිල්ට තරඟ කරුවෙක් සිටින බව පෙන්වීම සඳහා සහ පොහොට්ටු ඡන්ද පදනම රැකගැනීම සඳහාය. එනම් රනිල්ගේ ජනාධිපති අපේක්ෂකත්වය හේතු කොට ගෙන පොහොට්ටුව දෙකට බෙදෙන බවක් එලියට පෙන්නුම් කිරීම ඔවුන්ගේ මූලික උපක්‍රමයකි.

පොහොට්ටුවේ බැසිල්වාදීන් රනිල් වෙත ද, ජාතිකවාදී, වාම සහ වයසක කොටස් ඩලස් පාර්ශවයට ද බෙදෙනු ඇත. ඒ අනුව ඔවුන්ගේ උපක්‍රමය වී ඇත්තේ මහින්ද රාජපක්ෂ උරුමය රැක ගැනීමය. කෙසේ වෙතත් තව කලක් යනතුරු ඔවුන් රාජපක්ෂ නාමය හෝ ගාවනොගනු ඇත. ඒ වෙනුවට බැසිල්ට බැන වැදීම අරඹනු ඇත. අර්බුධයට හේතුව බැසිල් සහ යහපාලන යුගය බව තර්කානුකූලව පෙන්වීමය උත්සාහ දරනු ඇත.

අප ඉහත කරුණු ලියූවේ අරගලය හේතුවෙන් සමාජය තුල බොහෝ වෙනස් කම් සිදු වනු ඇති බවට උගතුන් පල කරන අදහස් හේතුවෙනි. උගතුන් යනු දෘෂ්ටිවාදය පිළිබඳව මෙලෝ අවබෝධයක් නොමැති අමනයින්ය. අප කැට තියා පවසනුයේ අබමල් රේණුවක වෙනසක් සිදු නොවන බවය. එසේ සිදුවීමට තිබූ අවස්තාව ගිලිහී ගොස් ඇත. ඒ තත්වය තේරුම් ගැනීම සඳහා වන සාක්ෂිමය ඡායා රූප පෙළක් පහත සබැඳියාවේ ඇත.

 

https://www.facebook.com/lankadeepa/posts/pfbid034edP38y9fQduDvRbo1SgS1dLkc14JioseGYfN3jNQrqZsbPkCYd5NnVG2igMgLool

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි