SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

'රනිල්ට ඇති ප්‍රේමය මේ මොහොතේ ප්‍රකාශ වන්නේ නීතියේ ආධිපත්‍යට ජනාධිපති මන්දිරයට ඇති ප්‍රේමයේ ස්වරූපයෙනි' යයි 

ජ්‍යෙෂ්ඨ නීතීඥ නුවන් බෝපගේ පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.

peratu1

නීතීඥ නුවන් බෝපගේ විසින් මෙම ෆේස්බුක් සටහන පළකර ඇත්තේ, ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඊයේ (12) විශේෂ නිවේදනයක් නිකුත්කර සුළු මොහොතකට පසුවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල වාදය පිළිගන්නා ලෙසත්, නීතියේ ආධිපත්‍යයට සියළු දෙනා ගරු කල යුතු බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින්  ඊයේ දින (12) නිවේදනයක් නිකුත් කර තිබුණි.

එමෙන්ම ජනාධිපති මන්දිරය වැනි පෞරාණික වටිනාකමක් ඇති ස්ථාන ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එම ස්ථාන වගකිව යුතු රාජ්‍ය අංශ වෙත කඩිනමින් භාරදීමේ වැදගත්කම ද ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මෙයට පෙර අවධාරණය කර තිබුණි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් පසුගියදා ප්‍රකාශ කර තිබුනේ, නීතිය යනු අරගලය බවයි. අරගලයේ සම්මුතියට පිටින් කාටවත් යලි දේශපාලනය කිරීමට නොහැකිබව ඔහු අවධාරණය කර සිටියි.

peratu2
නීතිය ඇත්තේ ඔබට උඩින් - ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිහිපත් කරයි


ශ්‍රී ලංකා නීතියේ ආධිපත්‍යය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය අඩපණ බව හැඟවෙන ඇතැම් විරෝධතා කණ්ඩායම්වල කොටස්කරුවන් ඇතුළු විවිධ පාර්ශවයන්ට ආරෝෂණය කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධානය යොමු වී ඇත.

ශ්‍රී ලංකා පුරවැසියන් මෙම තීරණාත්මක අවස්ථාවේදී නීතියේ ආධිපත්‍යයට සහ ව්‍යවස්ථාපිත ගරු කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

පොලිස් මුලස්ථානය ඉදිරිපිටදී අරගලයට සම්බන්ධ පිරිසක් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සිදුකරනු ලැබු ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතිනවා. එහිදී එම ප්‍රකාශය සිදුකරනු ලබන පුද්ගලයා සඳහන් කර සිටින්නේ ජුලි 09 වෙනිදායින් පසුව පවතින්නේ නව සම්මුතියක් බවයි.

මේ අතර ශ්‍රී ලංකාව පාලනය වන රාමුව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන නොසලකා හැරීම අපේ රටට හෝ එහි ජනතාවට හිතකර නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, එහි ආයතනවලට සහ නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම ප්‍රජාවගේ සහ එහි ජනතාවගේ ජිවිතයට අත්‍යවශ්‍ය වන බව රජයේ අඛන්ඩ කාර්යයන් සහතික කරන බවද නීතිඥ සංගමය අවධාරණය කර සිටියි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කළ නිවේදනය පහතින් :

peratu3

peratu4

 

@Theleader.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි