SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අරගලකරුවන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවසට ගිනිතබා ඇත.

අගමැති පෞද්ගලික නිවෙසට ඉදිරිපිට පැවැති විරෝධතාවක් වාර්තා කිරිමට ගිය සිරස මාධ්‍යවේදීන් සිවු දෙනකුට පොලිස් විශේෂ කාර්ය බලකායේ භට පිරිසක් විසින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් 'සිරස' නාලිකාව විසින් ගෙන ගිය දැවැන්ත මාධ්‍ය මෙයුමෙන් පසු මෙම ගිනිතැබීම සිදුවිය.

අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ මහචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මේ දිනවල රෝගාතුර තත්වයෙන් පසුවේ. 


අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස ආසන්නයේ මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ පිරිසට එරෙහිව පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තලදුව පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සහ පොලිස් දෙපාර්තමේන්තුව කනගාටුව පළ කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය

එම පිරිසට එරෙහිව විනයානුකූලව ක්‍රියා මාර්ග ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස් ප්‍රකාශක වරයා කීය.

මේ අතර පවතින විරෝධතා වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආරක්ෂක නිලධාරීන් විසින් පහරදීම සම්බන්ධයෙන් අගමැතිද බලවත් කණගාටුව ප්‍රකාශ කර තිබිණ.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍ය නිදහස ප්‍රමුඛ බවත් ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට සංයමයෙන් කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශවලින් මෙන්ම විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

 

මේ සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ සමාජ විචාරකයින් සඳහන් කර ඇත්තේ සාමකාමී අරගලයේ ජයග්‍රහණය අවසානයේ, දවස පුරා දෙවූ කිරි කළයට රෑ වෙද්දී ගොම දියකර ඇති බවයි.

මේ එවන් අදහස් කිහිපයක්...

මේ ඇවිලෙන්නේ පුස්තකාලයක්. රාජකීය විද්‍යාලයට පවරපු දේපොළක් - මාධ්‍යවේදී සුභාෂ් ජයවර්ධන

රනිල් නිවස ගිනිබත් කිරි කළයට ගොම දැමීමක් - පාලිත වික්‍රමරත්න

අගමැතිගේ නිවස ගිනිතැබීමත් සමග වර්ධනය වන ප්‍රචණ්ඩත්වය තුළ ජනිධිපති ඉල්ලා අසි නොවිය හැකිය. - මාධ්‍යවේදී අජිත් පැරකුම්

මගේ ගෙදර ගිනි තිබ්බ නිසා දන්නවා, දැනෙනවා. ගෙයක් කියන්නේ සංස්කෘතියක්. ගැහැණියෙක්ගෙ මිනිහෙක්ගෙ ජීවිතේ මතක ගොඩක්. මේ කැත වැඩේ හෙළා දකිමි.. පිළිකුලෙන්. - සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ජයනි අබේසේකර

රනිල්ගේ නිවසට ගිනි තැබීම යාපනය පුස්තකාලයට ගිනි තැබීම හා සමාන ඵෙතිහාසික වරදකි. - සුගත් නයනානන්ද

පෙරමග ලකුණු, දෙරණට වගේම සිරසටත් ජනතාව ගොනාට අන්දන්න පුළුවන් බව රනිල්ගෙ ගෙදරට ගිනි ඇවිලී මෙන් ඔප්පු වෙයි. - ප්‍රදීප් එන් වීරසිංහ

උදේ ඉඳන් මධ්‍යස්ථ වාර්තාකරණයේ හිටපු සිරස රනිල්ට පහරදීමේ පෞද්ගලික වාර්තාකරණයට එළඹ ඇත. - අජිත් කල්හාර ගමගේ

රනිල්ගේ නිවස යනු පාසැලකට අයිතිය ලියූ නිවසකි. සිරසයි පාර කියන්නේත සජබෙයි අවුලන්නේ.- සමන් ආර් සිල්වා

පුස්තකාලයකට ගිනි තිබ්බා කියල තාමත් නහින උන්ම නේද මේවා කරන්නේත් - මාතලන් යකා

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි