SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජූලි මස 5 වන දා හෝ 6 වන දා ආරම්භ වීමට නියමිත කළු කොටි සැමරුම ඉලක්ක කර උතුරේ හෝ දකුණේ බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට

සඳහන් කරමින් පොලිස්පතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර ඇත.

ජුනි 27දා යොමුකර ඇති එම ලිපියේ මෙසේ සඳහන් වේ.

''ශීර්ෂගත කරුණ සම්බන්ධයෙන් 20/22/06 දිනැති අංක COM/PA/DIG/CID/OUT/20/2022 යටතේ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මා වෙත යොමු කර ඇති වාර්තාව හා බැඳේ.

එම වාර්තාවට අනුව 2022/07/05  සහ /06 යන දිනවල යෙදෙන කළු කොටි සැමරුම් සතිය තුළ උතුර නැගෙනහිර හෝ දකුණු පළාත ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරයක් හෝ යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් විදේශීය ඔත්තු සේවාවක් මගින් සිදුකර එය එල්ටීටීඊ සංවිධානය මගින් සිදුකරන ලද්දක් බවට ඒත්තු ගැන්වීමට සූදානමක් ඇති බවත්, දැනටමත් යාපනය ප්‍රදේශයේ විදේශීය ආයතන වල වැඩ කරන පිරිස් හා ප්‍රභූවරුන් හට 2022/07/05 සහ 06 යන දිනවල කිසිදු උත්සවයකට සහභාගී නොවන ලෙසට දැනුම් දී ඇති බවට ත්‍රස්ත මර්ධන සහ ත්‍රස්ත කොට්ටාශයේ බුද්ධි අංශයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් සැරයන් 64975 දාස් ගුප්ත නිලධාරියාගේ පුද්ගලික ඔත්තුකරුවකු විසින් තොරතුර ලබා දී ඇති බවට වාර්තා කර ඇත. ''

ඉදිරියේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් ඇතුළු දේශපාලඥයින් ඉලක්ක කර ඔවුන්ට සහ නිවාස  වලට යම් ප්‍රහාරයක් එල්ල කර ඔවුන් මගින් රජයට බලපෑම් කර රජය අපහසුතාවයට පත් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී පක්ෂ වලින් සහ විපක්ෂ කණ්ඩායම් මගින් සැලසුම් කර ඇති බවට තමා වෙත වාර්තා වී ඇතැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පවසයි.


Ravi10

මෙම ලිපිය සම්බන්ධයෙන් අප කල විමසීමකදී පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ මෙම ලිපියේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පොලිස්පතිවරයා මේවනතෙක් පොලිසියේ අදාල අංශවල කිසිඳු නිලධාරියකු දැනුවත්කර නොමැති බවයි.


ජවිපෙ නායකයා ප්‍රතිචාර දක්වයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද (ජූලි 4) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස්පතිවරයාගේ ලිපිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විය.

“ආණ්ඩුව නිශ්චිතව ම රටට ඉදිරිපත් කළ යුතුයි කවර තොරතුරු ද? කවර උපායමාර්ග හරහා ද? ආවේ එවැනි සිදු වීමක් තිබෙනවා ද? යන්න. එසේ නැත්නම් මේ ආණ්ඩුවට එරෙහිව ජනතාවට පැන නැගෙමින් තිබෙන නැගිටීම් විරෝධතාවලට යම් බලපෑමක් එල්ල කිරීමේ අරමුණින් මෙවැනි ප්‍රවෘත්ති නිර්මාණය කරනවා ද කියලා බරපතළ සැකයක් තියෙනවා.”

එම ලිපියේ, ඉදිරියේදී ප්‍රාදේශීය සභා සහ දේශපාලඥයින් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සහ අනෙක් විරුද්ධ දේශපාලන පක්ෂ කටයුතු කරන බවට සඳහන් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

“ආණ්ඩුව ඉතාමත් කිසි වගකීමක් නැති බොළඳ විකට උත්සාහයන් දරනවා මේ දේශපාලන ව්‍යාපාර එකේක දේශපාලඥයින්ට ගහන්න ඉන්නවා. විවිධ දේශපාලඥයින්ට පීඩාවට ලක් කරන්න ඉන්නවා වැනි විසුළුජනක ප්‍රවෘත්ති නිර්මාණය කරනවා. ආණ්ඩුව මින් පෙන්නුම් කරන්නේ කුමක් ද? රට මුහුණ දී තිබෙන ගැඹුරු අර්බුදය සහ ඊට විසඳුම් පිළිබඳව කිසිදු අවබෝධයක් හෝ දැක්මක් නොමැති බව ය.

ආණ්ඩුව කරන්නේ මෙවැනි විසුලු ජනක කිසි ම තර්කානුකූලතාවයක් නොවෙන කිසිදු වගකීමක් නැති ප්‍රවෘත්ති නිර්මාණය කරන තත්ත්වයට පත් වී තිබෙනවා. අප හා අනෙකුත් දේශපාලන පක්ෂ සඳහන් කොට තිබෙන මෙම ලිපිය අපේ පාර්ශවයෙන් බැහැර කරන ගමන් විශේෂයෙන් ම ආණ්ඩුවේ මෙම විසුළුජනක හැසිරීමට මේ රටේ ජනතාව අහුවෙන්න එපා. ඒක විගඩමක්.” 

 

මේ අතර මෙම ලිපිය සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස සමගි ජල බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර අද (ජූලි 4) පාර්ලිමේන්තුවේදී කතානායකවරයා වෙත දැනුම් දීමට ද කටයුතු කළේ ය.

 

 

ඉන්ධන පෝලිම් වලදී සහ අනෙකුත් අවස්ථා වල පොලීසියේ හා හමුදාවේ නිලධාරීන් ජනතාවට පහර දීමත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ අනෙකුත් විපක්ෂයේ පක්ෂ ඉලක්ක කරගෙන දියත් කෙරෙන සාවද්‍ය ප්‍රචාරයත් සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී එහි ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව අදහස් පළකළේය.

 

 

@Theleader.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි