SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හැකියාව ඇති ඕනෑම සමාගමකට තෙල් ගෙන්වීමට මේ වනවිට අවස්ථාව ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඊයේ  (29) පස්වරුවේ පුවත්පත් කර්තෘවරුන් සහ රුපවාහිනි හා ගුවන් විදුලි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව පැවසීය.

ඉන්ධන අර්බුදය විසඳීම සඳහා ගෙන ඇති හදිසි ක්‍රියාමාර්ග ඇතුළු රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා එහිදී මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේ සඳහන් කළේය.

''රුසියාව යුරෝපයට ගෑස් දෙන එක නැවැත්වුව නිසා,  තෙල් දෙන එක නැවැත්වුව නිසා, දැන් යුරෝපය මැදපෙරදිගින් ඔක්කොම මිලදී ගන්නවා. ඊට අමතරව චීනය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව වගේ රටවලුත් දැන් ඉන්ධන ලබාගන්න එන්න තියෙනවා, මහා පොරයක් තියෙන්නේ. ඉන්දියාවටත් තාම විශ්වාස නෑ තාම කොහොමද හොයාගන්නේ කියලා. රුසියානු තෙලුත් මදි වෙලා තියෙන්නේ. ඒ තත්ත්වය මැද අපි ඇවිල්ලා තියෙන්නේ. අපිට එවෙලේම ගන්න බැරිවුනොත් අපිට ඊළඟ සැරේ ගන්න කල් යනවා. දැන් අපේ ප්‍රධාන එක රටේ ජනතාවට තෙල් ලබලා දීම. තෙල් ගෙනත් දෙන්න පුළුවන් නම් වෙන ඕන සමාගමකට අපි දැන් ඉඩදීලා තියෙනවා. අනික් සමාගම් ඒකාධිකාරය වෙනස් කරලා අපි ඉඩදීලා තියෙනවා තෙල් ගේන්න ඕනෑම සමාගමකට."


'ඩීසල් ඇත්තේ අත්‍යවශ්‍ය සේවාවලට පමණයි' - සාගල


මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය උපදේශක සාගල රත්නායක පැවසුයේ, ලබන මස 11ත් 15 වැනිදාත් අතර නෞකාවක් පැමිණෙන තුරු සංස්ථාව සතුව ඩීසල් තොග පවතින්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් බවයි.

ලබන මස 22 වැනිදාට පෙර පෙට්‍රල් නෞකාවක් ලබා ගැනීමට උත්සහ කරන බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර ලබන මස 6,10,16,19,21,හා 31වැනිදා වන විට මෙට්‍රික් ටොන් 33000 ක ගෑස් තොග මෙරට ලැබීමට නියමිත බව ද සාගල රත්නායක වැඩිදුරටත්  පැවසීය.

@Thaleader.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි