SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොලිසිය මෑත ඉතිහාසයේ පෙරනොවූ ලෙස බරපතළ විවේචනයට සහ ජනතාව අතර විරෝධයට ලක්වෙමින් තිබෙන බව විචාරකයන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ පොලිසිය ,  ආර්ථික අර්බුදය හමුවේ බරපතළ පීඩාවට පත්ව සිටින ජනතාව කෝපගන්වන ආකාරයේ හැසිරීමක් පෙන්නුම් කිරීම බරපතළ සමාජ අනතුරක් ඇතිවීමේ අවධානමක් මතුකරන්නක් බවයි.

සිවිල් නීතිය ආරක්ෂා කිරීම පරම යුතුකම වූ පොලිසිය ප්‍රසිද්ධියේ සිවිල් නීතිය පමණක් නොව අවම සමාජ සදාචාරය පවා නොතකන බවට නිදර්ශන රැසක් මේ වන විට වීඩියෝ සාක්ෂි ලෙස , සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් ඇති බවත් විචාරකයන් පෙන්වා දෙනවා .

මේ දැක්වෙන්නේ ඊට එක් නිදර්ශනයක් .

සමාජ මාධ්‍ය තුළ අනාවරණය කර ඇති ආකාරයට යක්කල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රියන්ත, 2022, ජුනි 20 පාන්දර යක්කල ප්‍රදේශයේ තරුණයකු අත්අඩංගුවට ගැනීමට ගොස් මෙසේ හැසිරී තිබෙනවා.

අදාළ සමාජ මාධ්‍ය සටහන අනුව නම් ඔහු මෙසේ තරුණයා අත්අඩංගුවට ගැනීමට ගොස් ඇත්තේ , ගම්පහ නගරාධිපති ගේ පෙළඹුමකටයි.

ඒ අර්ථයෙන් මෙය දේශපාලන පළිගැනීමක් විය හැකියි. නැත්නම් මැයි 09 ගෝල්ෆේස් අරගල බිමට  පොදුජන පෙරමුණ එල්ලකළ මිලේච්ජ ප්‍රහාරයට රට වටා දියත් වූ ප්‍රතිප්‍රහාරයට අදාළ අත්අඩංගුවට ගැනීමක් වුවත් විය හැකියි.

නමුත් ප්‍රශ්නය වන්නේ අදාළ පොලිස් නිලධාරියාගේ හැසිරීම යි. කට ගොන්නක් බීගත් මේ මදාවියා නිවෙසේ කාන්තාවකට අමතන්නේද පරුෂ වචන වැලකින්.

තරුණයා අත්අඩංගුවට ගැනීම වෙනුවෙන්, ඊට අදාළ කාරණය කුමක් වුවත් , කාන්තාවකට මෙතරම් අපහාස කිරීමට මේ පොලිස් අමනයාට බලය දුන්නේ කවුද ? එසේම සිහිවිකල් වන තරමට මත්පැන් පානය කර මේ ආකාරයට මිනිසුන්ගේ නිවාස වලට කඩාවැදීමට පුළුවන් ද ?

එපමණක් නොව , ඉන්ධන හල් ආශ්‍රිතව මෙන්ම තවත් අවස්ථා රැසකදී පොලිසිය ජනතාව තුළ බරපතළ ලෙස අප්‍රසාදයට පත්වන ආකාරයට හැසිරෙන වීඩියෝ රැසක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් තිබෙනවා .

විචාරකයන් පවසන්නේ නියමිත පටිපාටියට පරිභාහිර ලෙස දේශපාලන ගොට්ටන් ලෙස උසස්වීම් ලැබූ නිලධාරීන් බොහෝ විට මෙසේ හැසිරෙන බවයි.

මේ බව පසුගිය මැයි 09 දියත් වූ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කරගන්නට පොලිසිය අසමත් වීම සම්බන්ධයෙන් දේශපාලනඥයින් ම මතුකළ  ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබුනා.

ඒ අදාළ සිදුවීමටත් පෙර නිකුත්කළ පොලිස්පති ගේ වාර්තාවක්. ඊට අනුව  2021. 01.01 දින සිට, 2021.11.03 දින දක්වා පත්වීම් ලබා දුන් පොලිස් ස්ථානාධිපතිවරු 184 න් නිශ්චිත ක්‍රමවේදය සපුරා සුදුසුකම් සහිතව එම ධුර ලබාගෙන ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරු 02ක් පමණයි.

ඉතිරි පොලිස් ස්ථානාධිපතිවරු 182 දෙනාම පොලිස්පති ගේ නිර්දේශවලින් තොරව දේශපාලන බලපෑම් මතම පත්කර ඇති බවත් එහි සඳහන් .

එසේම ස්වාධීන පොලිස් කොමිසමක් පැවතියේ නම් මේ ආකාරයට පොලිසිය දඩාවතේ යාම මුලුමනින්ම පාහේ අඩපණ කරගන්නට හැකියාව තිබුනා . නමුත් පොදුජන පෙරමුණ ආණ්ඩුව තුනෙන් දෙකේ  බලයගත් මොහොතේම සිදුකළ ක්‍රියා අතර ස්වාධීන පොලිස් කොමිසම අහෝසි කිරීමත් ඇතුළත් .

කෙසේ වුවත් මේ වන විට 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා එය යළිත් බලාත්මක කිරීමට උත්සාහයක් ගැනෙමින් තිබෙනවා .

එසේම පොලිසිය පිරිපහදු කොට ගොඩනැගීමේ උනුසුම් බලාපොරොත්තු වක් තමන්ට ඇති බවත් , ඊට අදාළ සැලසුම් සකස් කෙරෙමින් ඇති බවත් විෂය භාර අමාත්‍යවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරනවා .

එහෙත් ඒ වන තෙක් කාකි සූට් ඇඟලාගත් මදාවියන් කිහිපදෙනෙකු නිසා , පොලිස් දෙපාර්තමේන්තුවම දඩාවතේ යන සුනඛයන් ගේ තැනට වැටෙන්න ඉඩදිය යුතුද? මහජන ආරක්ෂක අමාත්‍යතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි ! 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි