SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ස්වාධින පක්ෂ එකමුතුවේ නායකයන්ගේ ඊයේ (21) පැවති සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත  ද සහභාගි වී ඇත.

ඔහු එම රැස්වීමට සහභාගිවී ඇත්තේ 'සත්‍ය ගවේෂකයෝ' සංවිධානය නියෝජනය කරමිනි.  

ස්වාධින පක්ෂ එකමුතුවේ නායකයන්ගේ සාකච්ඡාවකට දොලවත්ත මන්ත්‍රීවරයා සහභාගි වූ පළමු අවස්ථාව එය විය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට අතුරලියේ රතන හිමියෝ ද, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග, ඒ එල් එම් අතාවුල්ලා, වීරසුමන වීරසිංහ යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් සහභාගි වී ඇත.

ශ්‍රී ලංකාව මුහුණදී සිටින අර්බුදයෙන් ගොඩඒම සඳහා ස්වාධින පක්ෂ එකමුතුව විසින් නව දේශපාලන වැඩපිළිවෙලක් සැලසුම් කරමින් සිටින අතර එහි ප්‍රගතිය සම්බන්ධයෙන් මෙන්ම, වත්මන් ආර්ථික හා දේශපාලන තත්වය සම්බන්ධයෙන්ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

වත්මන් අර්බුදයට මුහුණදීමට පොහොට්ටු කඳවුරේ දේශපාලන දැක්මක් හෝ වැඩපිළිවෙලක් නොමැති බැවින් එම පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් රැසක් අලුත් දේශපාලන වැඩපිළිවෙලක් වෙත එක්වීමට අපේක්ෂාවෙන් සිටින බව නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මෙහිදී සඳහන් කර ඇතැයි පැවසේ.

කෙසේ වුවත් දොලවත්ත යනු මහින්ද රාජපක්ෂ සහ මහින්දගේ දරුවන්ගේ අතිශය සමීපතමයෙක් වන අතර මීට පෙරද ඔහු විවිධ අවස්ථාවන්හිදී පොහොට්ටුව හා විරසකව යන කණ්ඩායම් සමග පෙනී සිටීමට උත්සාහ දරමින් ඒතුළ මහින්දවාදී ආස්ථානයන් රැකගැනීමට උත්සාහ දරා ඇති බව ද නොරහසකි. මේ මොහොතේ ලංකාවේ දේශපාලන දිශානතිය තීරණය වන්නේ රාජපක්ෂ විරෝධය සමග වන බව දොලවත්තයන් හොඳින්ම දන්නා අතර තම සමීපතම මහින්ද පවුලේ දේශපාලන අනාගතය සුරක්ෂිත කිරීමට නම් ගතයුතු ක්‍රියාමාර්ග දොලවත්තයන්ට පැහැදිලි බව මෙවැනි පෙනී සිටීම්වලින් හොඳින්ම වැටහෙන බවයි සමාජ මාධ්‍ය විශ්ලේෂකයන්ගේ අදහස වී ඇත්තේ.

ඉනික්බිති විමල් පාර්ශ්වය මෙන්ම ඩලස් පාර්ශ්වයද අවසානයේ මහින්ද සමග යළි අත්වැල් බැඳගැනීම සිදුවන්නේ නම් ලාංකීය දේශපාලනය තුළ එය පුදුමය දනවන්නක් නොවනු ඇති බවත් විශ්ලේෂක මතය වී ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි