SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

21 වැනි ව්‍යාවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව රජයේ ආරංචි මාර්ග කියයි.

සංශෝධනවලට යටත්ව 21 වැනි ව්‍යාවස්ථා සංශෝධන කෙටුම්පත අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. ඒ අනුව හැකි ඉක්මණින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ දී තීරණය කර තිබෙන බව පැවසේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කර ඇත්තේ, ඉදිරියේදී එය පාර්ලිමේන්තු සභාගත කරන බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධනවලට යටත්ව අවසාන අනුමැතිය සඳහා මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

රනිල් සහ බැසිල් ගේ 21ට අභිමුඛවීම පාර්ලිමේන්තුවේදී....

ඒ අනුව, පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූලභාවය විමසා බැලීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමුකොට ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසුව ලබන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ විසින් අදාළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ තිබූ අතර ඊට තවත් සංශෝධනයක් ද යෝජනා වී තිබිණි.

එම සංශෝධනය ද අන්තර්ගත කර සංශෝධිත පනත් කෙටුම්පතේ පිටපතක් සියලු ම කැබිනට් සාමාජිකයන්ට කඩිනමින් ම ලබා දෙන බව එහිදී අධිකරණ ඇමතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, සංශෝධිත පනත් කෙටුම්පත පරිශීලනය කිරීමෙන් අනතුරුව මීළඟ කැබිනට් මණ්ඩලයේදී එහි අවසන් අනුමැතිය සඳහා නැවතත් 21 වන සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිත ය.

ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. පාර්ලිමේන්තුව තුළ රනිල් පාර්ශ්වය හා බැසිල් පාර්ශ්වය පිළිබඳ හඳුනාගැනීමට මෙය අවස්ථාවක් වනු ඇති බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්ගේ අදහස වී ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි