SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගෙවීගිය සතියේ පුවත් විග්‍රහය - ලීඩර් TV 

ගෙවී ගිය සති අන්තයේ රාජපක්ෂ පවුලේ අය එකට මුණගැසුණා. ඒ පවතින අර්බුදකාරී වාතාවරණය ගැන සාකච්ඡා කරන්න. මැයි නම වැනිදා තනතුරින් යන්න සිද්ධ වීම ගැන මහින්ද තාම ඉන්නේ කේන්තියෙන්. එයා පවුලේ හමුවෙදිත් ඒ කේන්තිය පිට කරගන්න හැදුවා. වයසට අනුව හැසිරෙන්නෙ නැත්නම් ඒක අසංස්කෘතිකයි.  මහින්ද මැයි නම වැනිදා වගේම පවුලේ සාකච්ජාවෙදිත් අසංස්කෘතික විදියට හැසිරුණා. ඒකෙදි ප්‍රශ්නෙ  බේරන්න මැදිහත් වෙච්ච බැසිල් පොඩි අසක්කුවකට මුහුණ දුන්නා.ඒ නිසා පහුවදාම ලංකා හොස්පිටල් එකේ ඇඩ්මිඩ් වෙන්න සිද්ධ වුණා. ඒක එච්චරයි.

 

 

තනියම රජවීම 

චම්පික රණවක ඉකුත් සතියේ දවසක යූටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකදී කියලා තිබුණා තමන් ඊළඟ ජනාධිපති වෙන්න කැමතියි කියලා. ආර්ථික අර්බුදය ජය ගන්න රනිල්ට අමාරු බව කියා තිබුණු චම්පික අගමැතිකම බාරගන්න කැමති බවත් එහිදී ප්‍රකාශ කර තිබුණා.චම්පික කියන්නෙ බලශක්තිය, තාක්ෂණය වැනි විෂයයන් ගැන ගැඹුරු අවබෝධයක් තියෙන කෙනෙක්. ඒත් මේ වගේ දක්ෂතා ඇති, සෑම පක්ෂයකම ඉන්න නායකයන් ගේ කල්පනාව තනියම රජ වෙන එක. රට මුහුණ දී තිබෙන අර්බුදයෙන් ජය ගන්න සාමූහික වැඩසටහනකට කවුරුවත් මුළ පුරන්නෙ නෑ.මේ කාටත් වසර දෙකක් ගතවන තුරු භාරකාර ආණ්ඩුවකට යන්න තිබුණා. ඒකෙන් රටේ මූලික ප්‍රශ්න වලට විසඳුම් සොයා ගෙන ඊට පස්සේ තම තමන්ගෙ දේශපාලනය කරන්න තිබුණා.

ඩලස් භූමිකාව

ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් නව පක්ෂයක් බිහි වනු ඇති බවට කතාබහක් ඉකුත් සතියේ පැන නැගුනා. ඒක හොඳයි. ඇත්තටම පොදුජන පෙරමුණ දැන් ඉවරයි. ඒක රාජපක්ෂලාගේ නිපැයුමක්. නිපදවලා ඒගොල්ලොම ඒක කාලා ඉවර කළා. ඊට පෙර ශ්‍රීලනිපය වවුල් හපයක් කරලයි පොහොට්ටුව දක්වා ආවෙ. එහෙම බලනකොට ශ්‍රිලනිප මව් පක්ෂයේ ලයින් එකේ අය බලාපොරොත්තු වන නායකයෙක් වෙන්න ඩලස්ට පුළුවන්. හැබැයි බණ්ඩාරනායක මහතා වගේ ශ්‍රිලනිප ලයින් එක ගත් කවන්ධයත් නොසෑදිය යුතුයි. ඩලස්ගෙන් පසු නායකත්වයට පත්වෙන කෙනාගේ පුද්ගලික අදහස් පක්ෂයේ අදහස් ලෙස ක්‍රියාත්මක නොවිය යුතුයි. ශ්‍රීලනිප එහෙමනෙ. චන්ද්‍රකා ජාතිවාදී නායිකාවක් නෙවෙයි. ඒ අනුව පොදු ජන එක්සත් පෙරමුණේ ස්ථාවරය ප්‍රදර්ශනය වුණා. මහින්ද ජාතිවාදියෙක්. එතකොට ඒ අනුව පක්ෂයේ ස්ථාවරය ප්‍රදර්ශනය වුණා. මෛත්‍රීගේ කාලයෙ ඔය එකක්වත් නැහැ. ඩලස් හදන පක්ෂයක ස්ථාවරය, නායකයා අනුව වෙනස් නොවිය යුතුයි කියලා අවධාරණය කරන්නම ඕනේ

රමේෂ්ගේ තේරුම් ගැනීම

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නිසා මැණික් බිස්නස් එක හරියට කරන්න බැහැ කියලා කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ කෙලින්ම ජනාධිපතිට කිව්වා. හොංකොං රටේ එක ගලක්වත් නැහැ.ඒත් අද මැණික් අපනයනය කරන ප්‍රධාන මධ්‍යස්ථානයක්. තායිලන්තයේ ගල් ටිකක් තියෙනවා. ඒකත් හොඳ ගල් අපනයනය කරන මධ්‍යස්ථානයක්. ලංකාව කියන්නේ හොඳටම මැණික් ගල් තියෙන රටක්. ඒත් රමේෂ් කිව්වෙ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් ගල් අපනයනයේදී පනවා තිබෙන නීති රීති නිසා ඉක්මනට බිස්නස් එක කරන්න නොහැකි වී තිබීම ගැනයි. මේ ව්‍යාපෘතියේ clearing agent කෙනෙක් ඉන්නවා. අධිකාරියෙන් මැණික් වෙළද බලපත්‍රය ගන්න ඕනේ. ඔවුන් විකුණන ගල පරීක්ෂා කරන්න ඕනෙ. ගල විකුණන පුද්ගලයා පොලිස් වාර්තාවක් පවා මේ වැඩේදි ගන්න ඕනෙ. මේවා කරනකොට කෝච්චිය ගිහින්  නිසා වෙන්න ඕනෙ, රමේෂ් කෙලින්ම ජෙම් ඇන්ඩ් ජුවලරි ඔතෝරිටි එකට ප්‍රහාරයක් එල්ල කළේ.

 ඒ වැඩ පිළිවෙළ නිසා රටට බද්දක් ලැබෙනවා තමයි. ඒක හොඳයි. හැබැයි ගල් අපනයනය කරන ක්‍රියාවලිය මීට වඩා කාර්යක්ෂම වෙන්න ඕනෙ. හොංකොං සහ තායිලන්තයේ වගේ. ජනාධිපතිත් රමේෂ්ගෙ කතාවට එකඟ වුණා. ඒත් මේ විෂය ගැන ඒ කවුරුත් 

තවදුරටත් විමර්ශනය කර බලා තීරණ ගන්නවා නම් හොඳයි.

බැසිල් සහ ධම්මික

බැසිල් පොදුජන පෙරමුණ ධම්මික පෙරේරාට  වික්කා වගේ වැඩක් කරන්න ගියේ. ඒත් ධම්මික පාර්ලිමේන්තුව එන එක වළක්වන්න දැන් පිරිසක් උසාවි ගිහින්. ඔවුන්ගේ පොයින්ට් එක හරි. ජාතික ලයිස්තුවෙත් නැති කෙනෙකුට ලයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න දෙන්න බැහැ. ධම්මික පාර්ලිමේන්තුවට ඇවිත් මීළඟ ජනාධිපතිවරණයේදි එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වෙලා රාජපක්ෂලාගේ ප්‍රශ්න ටික සදහටම බේරලා දෙන පියවර කිහිපයක් සහිත වැඩසටහනකට අත ගහන්නයි ගියේ. බැසිල් තමයි මේ වැඩ සටහනේ මහ මොලකරු. ඒත් දැන් වැඩේ ටිකක් අවුල්. බැසිල් දැන් රෝහල් ගත උනා නේ. ධම්මිකගේ වැඩේ වැරදුණු නිසා බැසිල් සනීප වෙලා ඇවිත් වෙන ව්‍යාපෘතියකට අත ගහයි. බැසිල් නැති ව්‍යාපෘතියක් පසුගිය කාලේ ආණ්ඩුව තුළ තිබුණේ නෑ. ව්‍යාපෘති නැතිව බැසිල් කෙනෙක් ඉන්න විදියකුත් නෑ.රට නන්නත්තාර වුණේ රාජ්‍ය පාලනය බිස්නස් එකක් වෙච්ච හින්දයි.ඒකෙ නිර්මාතෘවරු දෙන්නයි.ඒ මහින්ද සහ බැසිල්.

සටහන- විමලනාත් වීරරත්නගෙන්.

කථනය- හසිත එරංග වලගමගෙදර

 @LeaderTV

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි