SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

චම්පිකත් මිනිස්සු තරහ වෙන නිසා කරන්න ඕන දේ හරියට කියන්නේ නැහැ.

තෙල් පුච්චන්න සල්ලි තියන අය රටේ ඉන්නවා... ඒ නිසා පෙට්‍රල් ලීටරයට කිලෝ මීටර් 3-4 දුවන ජීප්, කාර් තවමත් දුවනවා. ටිපර්, බැකෝ, වගේ ඒවත් තවම වැඩ... ඉදි කිරීම් නැවතිලාත් නැහැ. පයින් යන්න තියන දුරට පවා මෝටර් සයිකල් පදින එක තවම කෙරෙනවා... ත්‍රී රෝද රථ දිවිල්ල නැවතිලත් නැහැ...  

 

 

 

මේ විදියට සල්ලි අච්චු ගගහා තෙල් ගෙනල්ල පුච්චන එකෙන් වෙන්නේ ආහාර-පාන, ඖෂධ මිල තව තව ඉහල යන එක. කන්න බොන්න නැතිම වෙන්නත් පුළුවන්.

ඒ නිසා,

  • සිමෙන්ති කොට්ටයක් රුපියල් 10000ක් කරලා පෙට්‍රල්, ඩීසල්, ලීටරයක මිල රුපියල් 2500ක්වත් කරලා පොදු ප්‍රවාහන ගාස්තු දැනට තියන මට්ටමට වඩා ගොඩක් අඩු කල යුතුයි.

ඒ සඳහා තෝරාගත් පිරවුම් හල් බලාත්මක කොට පොදු ප්‍රවාහනයට, අත්‍යවශ්‍ය සේවා සහ ආහාර පාන ප්‍රවාහනයට අදාළ රථ වාහන වලට සහන මිලට ඩීසල් ලබා දිය යුතුයි.

  • අධිවේගී මාර්ග වසා දමා ඒවායේ සියලු විදුලි බුබුළු නිවා දැමිය යුතුයි. එක්කෝ පොදු ප්‍රවාහන, අත්‍යවශ්‍ය සේවා සහ ආහාර ප්‍රවාහනයට පමණක් එම මාර්ග වල ඉඩ ලබා දිය යුතුයි. සියලු නගර සහ නාගරික ගොඩනැගිලි වල විදුලි ආලෝක කරණය නවතා දැමිය යුතුයි.

ඊට පස්සේ ඉන්ධන වලට මාසෙකට යන ඩොලර් මිලියන 700ක් විතර මුදලෙන් හතරෙන් තුනක්වත් ඉතුරු කරගන්න පුළුවන් වෙයි. වාහන අමතර කොටස්, ලිහිසි තෙල් වගේ ඒවාට යන වියදමත් ඉතුරු උනාම ඒක ලොකු ගණනක්. ඊට පස්සේ ඒ මුදලින් රැකියා අහිමි වෙන අයට දීමනාවක් දිය හැකියි. නැත්තම් නොමිලේම කන්න දෙන්න පුළුවන්. ඒ අතරතුර ඔවුන් වගා කටයුතු වලට යොමු කල යුතුයි. වෙන කරන්න දෙයක් නැති නිසා ඔවුනට ඒක කරන්න වෙනවා.

  • පාසල්, විශ්ව විද්‍යාල වසා දැමිය යුතුයි.

ඊට පස්සේ ඉතින් ඔය වාහන තිබිල වැඩක් නැති නිසා ඒවා පිටරටවලට අඩුවට හරි විකුණලා දාන්න පුළුවන් නේ...

අරගලයයේ සටන් පාඨ විය යුත්තේ පහත සඳහන් සටන් පාඨ වුවද අරගලය තුල සිදුවන්නේ එහි ප්‍රතිපක්ෂයයි.

* ඉන්ධන මිල වැඩි කොට පොදු ප්‍රවාහනය, ආහාර-පාන ප්‍රවාහනය සහ අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන සහන ලබා දෙනු!

* රටේ පවතින ඇති විශාල ටිපර් කන්දරාව සහ බැකෝ වැනි වාහන ඇතුළු කාර්, ජීප් වැනි අනෙකුත් පුද්ගලික වාහන හිමියන්ට වන්දි ගෙවා ඒවා විදේශ වලට විකුණා දමනු (මේ තත්වය යටතේ එසේ කැමැත්ත පලකරන විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වනු ඇත)!

*සියලු ඉදිකිරීම් කටයුතු නවතනු!

*ඉදිකිරීම් වලට අදාළ ආනයනක භාණ්ඩ සහ ද්‍රව්‍ය ගෙන්වීම නවතනු!

* සිමෙන්ති මිල දෙතුන් ගුණයකින් වැඩි කරනු!

* ගල්, වැලි, පස්, ලී, බොරළු ප්‍රවාහනය තහනම් කරනු!

* තවමත් ආනයනය කරනා ආනයනික ආහාර-පාන ආනයනය නවතනු!

* අත්‍යවශ්‍ය නොවන එලෙක්ට්‍රොනික සහ එලෙක්ට්‍රිකල් භාණ්ඩ ආනයනය නවතනු!

* දැනට අත්‍යවශ්‍ය සෞඛ්‍ය වැනි ක්ෂේස්ත්රයන් හැර විශ්ව විද්‍යාල වලට බඳවා ගන්නා අනෙකුත් සිසුන් ප්‍රමානය දැඩි ලෙස සීමා කරනු!

* විශ්ව විද්‍යාල ගොඩනැගිලි වගා කටයුතු වලට අදාළ කටයුතු වලට යොදවනු!

* ඉහත සඳහන් කල තත්වයන් තුල රැකියා අහිමි වන්නන් වගාවන් සඳහා යොමු කරනු!

* නිවෙස් අලංකරණය සඳහා වවා ඇති මල් ගස් වැනි ශාක විනාශ කොට සියලු ගෙවතු ආහාර බෝග වගා සඳහා පමණක් බවට නීති සම්පාදනය කරනු!

* විදේශ සංචාර සඳහා ලබා දෙන අවසරය නවතා දමනු!

* විදේශ අධ්‍යාපන ආයතන සියල්ල රටින් පිට කරනු!

* විදේශ අධ්‍යාපනය සඳහා ඇති අවස්ථා සියල්ල අහුරනු!

* විදේශ රටවලට යාමට පුකේ අමාරුව ඇති සියලු උගතුන් සහ නූගතුන් හට ඒ සඳහා පහසු කම් සලසනු!

* බෝට්ටු වලින් සිදු කරන විදේශ වලට පැන යාම් වලට බාදා නොකරනු!

* ඒකක ගණන මත විදුලි බිල වැඩි කරනු!

* දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලව වල රජයේ සේවකයින් වගා කටයුතු වලට අදාළ සේවාවන්ට යොදවනු!

නමුත් ගෝල්ෆේස් අරගලය ඉහත සටන් පාඨ වලට එකඟ නැත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි