SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොහුවලින් ඇරැඹි කුස්සියේ විලාපය

දරාගත නොහැකි ජීවන බරට එරෙහිව ඊයේ (11) පස්වරුවේ කොහුවල නගරයේදී ජනතාව එක්රැස්ව විරෝධතාවක නිරත විය.

‘කුස්සියේ විලාපය’ ලෙස නම්කර තිබූ එම විරෝධතාවට කාන්තාවන් විශාල පිරිසක් එක්ව සිටි අතර, ඔවුන් මුළුතැන් ගෙයි භාජනවලට තට්ටු කරමින් තම විරෝධය පළ කරනු දැකගත හැකි විය.

වර්තමානයේ උද්ගත ව ඇති ආර්ථික අර්බුදයට වගකිව යුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ සමස්ත රාජපක්ෂ පාලනයට ම ඉල්ලා අස්වන ලෙස බල කරමින්, මහජන සහභාගීත්වයෙන් ඊයේ (11) සවස 6.00ට කොහුවල මංසන්ධියේ ආරම්භ වූ මෙම විරෝධතාවය ඇදහැලුනු වර්ෂාවද නොතකමින් පැය ගණනාවක් අඛණ්ඩව ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

 

සමාජය 20

සමාජය 21



සමාජය 22

 

''ගමෙන් ගෝල්ෆේස් ගිය ජනතා අරගලය යළි ගමට''


"කුස්සියේ විලාපය" උද්ඝෝෂණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා Black Cap Movement විසින් සංවිධානය කර තිබු මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න ප්‍රකාශ කලේ, ගමෙන් ගෝල්ෆේස් ගිය ජනතා අරගලය නැවත ගමට ගෙන ආ යුතු බවයි.

Black Cap Movement සංවිධානයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත, මාධ්‍ය ප්‍රකාශක බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න සහ කැලුම් විජේසිංහ යන අයගේ සහභාගීත්වයෙන් කොළඹ දී ඊයේ පැවති මෙම මාධ්‍ය හමුවේදී ඔහුන් පැවසුයේ, "කුස්සියේ විලාපය" තම සංවිධානය විසින් සංවිධානය කරන විරෝධයක් නොවන බවයි. ''මේක සංවිධානය කරන්නේ මේ රටේ පුරවැසියන් විසින්. අපිත් එයට සහය දෙනවා." ඔවුන් පැවසුහ.

එහිදී අදහස් දැක්වූ Black Cap Movement සංවිධානයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත ප්‍රකාශ කළේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා කුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පත් කිරීම මෙම මජර දේශපාලන ආර්ථික ප්‍රතිපත්තියේ ම දිඟුවක් බවයි.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමුක්ති දුෂාන්ත මෙසේ පැවසිය.

"ගෝඨාභය, මහින්ද, බැසිල් ඇතුළු මේ මජර රාජපක්ෂ දේශපාලන කාටේලය ආරක්ෂා කිරීමේ නවතම මුහුණ වෙලා තියෙන්නේ කුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා.

අපිට මතකයි මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව 2015 පරාජයට පත් වෙන්න එක් හේතුවක් වුණු රතුපස්වල මිලේච්ඡ වෙඩි තැබීම. මේ වෙඩි තැබීමට හේතුවුණු රතුපස්වල ජලය විෂ කරපු කර්මාන්ත ශාලාවේ හිමිකරු ධම්මික පෙරේරාට අයත් සමාගමක්. අපි දැක්කා ඒ වෙලාවේ මේ පාලකයෝ හිටගත්තේ ජනතාව වෙනුවෙන් ද ධම්මිකලා වෙනුවෙන් ද කියලා.

එහි දිගුවක් ම තමයි මේ. දැන් ධම්මිකලා මේ රාජපක්ෂ දේශපාලනය ආරක්ෂා කරන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියනවා.

මේ දූෂිත වලල්ල එක පැත්තකින් මේ රාජපක්ෂ දේශපාලනය පෝෂණය කරනවා. අනිත් පැත්තෙන් මේ බදු වංචා වලට සම්බන්ධ රාජපක්ෂලාගේ කළු සල්ලි ආරක්ෂා කරන ව්‍යාපාරිකයෝ පෝෂණය කරනවා. මේකේ කූටප්‍රාප්තිය තමයි මේ ධම්මික පෙරේරාගේ පාර්ලිමේන්තු ආගමනය.

''අපි කියන්න කැමතියි දියසේන කුමාරයා වගේ රනිල්ලා, ධම්මිකලා ඇවිත් මේ රටේ ජනතාව බේර ගන්නේ නෑ. මේක කරන්න පුළුවන් අපි අපිටමයි. මේ ජයග්‍රහණ ලබා දෙනකම් ගෝල්ෆේස් එක දිහා බලාගෙන ඉන්න එපා. ඔබේ ලඟම මංසන්ධියට එකතු වෙන්න. නැවතත් ජනතා බලය පෙන්වමු. අපේ සටන අපි ජය ගමු.''

වැඩිදුරටත් අදහස් දැක් වූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න,

"එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පෙන්වා දෙන විදිහට මේ වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 22%ක් උග්‍ර ආහාර අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ. ඒ වගේම අපිට පේනවා තමන්ගේ රත්තරං දරුවන්ට ආහාර වේලක් ලබා දෙන්න නොහැකි වෙලා සිය දිවි නසාගන්නා මව්පියන් පිලිබඳව අපිට දැන් නිතරම මාධ්‍ය මඟින් අහන්න ලැබෙනවා.

මේක තමයි අද ලංකාවේ තත්ත්වය. පාලකයෝ සුදූ කෙලිනකොට, සූදූ කාරයෝ, කැසිනෝ කාරයෝ පාර්ලිමේන්තු එනකොට අහිංසක දරුපැටව්න්ට කන්න බොන්න දෙන්න නැතුව අම්මලා තාත්තලා මැරෙනවා.


මේ ක්‍රමය අපි තවත් නඩත්තු කරන්න ඕනේ ද? දියසේන කුමාරයා ඇවිල්ලා අපිව බේරගන්නකම් බලා ඉන්නවද? අපි හැමදාම නායකයෝ දිහා බලාගෙන හිටියා.  හැබැයි දැන් අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්න. නායකයෝ පක්ෂ මාරු වුණාට මාරු නොවන ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය වෙන්න ඕනේ. ඒක තමා අපේ ඉදිරිය තීරණය කරන බලවේගය වෙන්න ඕනේ.


ඒ නිසා අපි ආරාධනා කරනවා මේ රටේ පුරවැසියන්ට නැවත මේ සටනට එකතු වෙන්න. ඔබේ ආසන්නම නඟරයට, මංසන්ධියට, නිවස ඉදිරිපිටට, කාර්‍යාලය ඉදිරිපිටට එකතු වෙන්න. රැස්වෙන්න. අපි අද සවස 6.00ට කොහුවල මංසන්ධියේ දී මේ රටේ ගෙවල්වල කුස්සියේ තියන දුක, වේදනාව එළියට ගේනවා. "කුස්සියේ විලාපය" නමින් තමයි මේ විරෝධතා මාලාව සංවිධානය වෙන්නේ. ''

 

Thilina Kaluthotage Photography

@Theleader.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි