SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බැසිල්ගේ ඊළඟ පිම්ම

ගෙවීගිය සතියේ අන්තිමට පාර්ලිමේන්තුව පැවැත්වුණේ ජුනි දහය. මැයි 9 වැනිදා ඝාතනයට ලක් වූ අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයා පිළිබඳව ශෝකය පළ කිරීම එදින සිදු වුණා. මියගිය මන්ත්‍රීවරයා පිළිබඳව ශෝකය පල කරන්නත් ඕනෙ තමයි. ඒත් වර්තමාන පාර්ලිමේන්තුව මහජන ප්‍රශ්න ගැන අවධානය යොමු කිරීම  න්‍යාය පත්‍රයේ අන්තිමට දාලා තියනවා.ඒක හරිම බරපතළයි.

 

 

අගමැති ගණං

අගමැති රනිල් එදින, රාසමානික්කම් මන්ත්‍රීවරයා මැයි නම වැනිදා පශ්චාත් ප්‍රචණ්ඩත්වය අනුමත කරමින් කළ කතාව හෙළාදැක තදබල ප්‍රකාශයක් කරා . අගමැති කිව්වෙ ඒ කතාව ඉල්ලා අස්කර ගන්න ඕනේ කියලයි. .ඉල්ලා අස් කර නොගත්තොත්  ඒ ගැන වාර්තාවක් කැඳවීමට ක්‍රියා කරන බවත් අගමැති කිව්වා.

අගමැති එසේ කියමින් තව දෙයක් අමතක කළා. ඒ තමයි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශය. එයා ශෝකය පළ කිරීමට එක් වෙමින් කීවේ ජනතාව ප්‍රචණ්ඩ තත්ත්වයට යොමු කරන බලවේග රටේ මතුවී තියන බවයි. මැයි නව වැනිදා ජනතාව ප්‍රචණ්ඩත්වයට යොමු කළේ අන් කිසිවෙක් නෙමෙයි මහින්ද රාජපක්ෂ. ඒක නිර්භයව කියන්න රනිල් පෙළඹුණේ නැහැ. වීරයා වගේ රාසාට පාට් එකක් දැම්මා මිසක්. මොකද මැයි නම වෙනිදා ගෝල්පේස් අරගල බිමට පහර දෙන්න ප්‍රචණ්ඩ බලවේග තියා අරක්කුවත්  පිටරටින් ආනයනය කළේ නැහැ. මිනිස්සුයි අරක්කු යි දෙකම වැඩිපුරම කුරුණෑගලින්. ප්‍රහාරයේ මූලස්ථානය අරලිය ගහ මැදුර.

එතැන් සිට මහින්දගෙ ප්‍රචණ්ඩකාරීන් විහිදුම් බළකායක් ලෙස ගෝඨාගෝගමට ගියා. කොල්ලන්ට ගැහුවා. ඒක දැකපු ජනතාව ඇවිත් මැරයන්ට ගැහුවට පස්සේ හවස ගම් වල මිනිස්සු සංවිධානය වෙලා සමහර මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වලට ගැහුවා. ඒ ගැහුවෙත් ජොනී වගේ අප්සට්ම අයට. ඒ කලබලය මැදට පැන්න විවිධ මට්ටම් වල පිරිස් මංකොල්ලකෑමකත් කළා. සවස සිදුවීමට වගකියන්න ඕනෙත් මහින්ද රාජපක්ෂ ,ජොන්ස්ටන් වැනි අය. රනිල් රාසගෙ කතාවට විරුද්ධ වුණා. ඒ කතාව හුදෙකලාව ගත්තොත් විරුද්ධ වෙන්න ඕනෙ කතාවක් තමයි. ඒත් සංයුක්තව බැලුවොත් රාසා කියපු එක ඇත්ත. රාසා සිදුවුණු දේ කිව්වා මිසක් ප්‍රචණ්ඩත්වය අනුමත කළා කියලා කියන්න බැහැ. රනිල් සේරම දේවල් දාර්ශනිකව විග්‍රහ කරගන්න මහා බුද්ධිමතා උනාට මේක තේරුම් ගන්න බැරි උනා. බැරි වුණාමත් නෙවෙයි, අගමැති පෙනේ පිප්පුවා.

බැසිල්ගේ නික්මයාම

බැසිල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙලා ඇත්ත කතාවක් කිව්වා. ඒ තමයි මෙවර දේශපාලනයට ඇවිත් තමන්ගෙ බලාපොරොත්තු නම් ඉටු කර ගත්තා, ඒත් ජනතාවගේ බලාපොරොත්තු ඉටු වුණේ නැහැ කියපු එක. හරියට හරි මිනිහා හැම අතින්ම ගොඩ. හැම නඩුවෙන්ම නිදොස් කොට නිදහස්. සල්ලිත් හම්බ උනා. ජනතාවට හුළං.

බැසිල් දේශපාලන ආවේ නඩු ටික ට මුහුණ දෙන්නයි, අයියා දිනවන්නයි කියලත් කිව්වා. ඕන මිනිහෙක් අවසානයේදී තමන්ගේ ජයග්‍රහණයනෙ පතන්නෙ.  ඕන මිනිහෙක් බාධකවලින් බේරිලා තමන්ගෙ ගමන යන්න උත්සාහ කරනවා. ඉතිං බැසිල්ගෙ උත්සහය සියයට සියයක්ම හරි ගිහින්. ඒක එයා නොසඟවා කිව්වා. බැසිල්, මගේ වැඩේ නම් හරි ගියා කිව්ව නිසා උඹලා ආවෙ උඹලගෙ වැඩේ  විතරක් කරගන්න ද කියලා අපි අහන්න ඕන.

රටේ ආර්ථිකය හදන්න ඇවිත් ඒක කාබාසිනියා කළේ ඇයි කියලා අහන්න ඕන . ගිල්ල සල්ලි වමාරපං කියලත් හරිනම් කියන්න ඕනෙ. බැසිල්ටත් නඩු පැවරුවේ යහපාලන කාලේ . යහපාලකයෝ හැම නඩුවක්ම පවරලා තියෙන්නේ තාක්ෂණික දෝෂ ඇතුව. බැසිල් නෙමෙයි  හිට්ලර්ට විරුද්ධව වුණත් තාක්ෂණික දෝෂ සහිතව නඩු පැවරුවොත් හිට්ලර් නිදොස් කොට නිදහස් වෙනවා.ඇත්තටම බැසිල්ගේ ඊළග පිම්ම කොහොම එකක් වෙයිද?

ඒක ළඟදීම දැනගන්න පුළුවන්.

පාලක පංතියේ එකඟතා අනුව සිද්ධවෙන මේ දේවල් ගැන රටේ මිනිස්සු දැන් තරමක් දුරට දැනුවත්. ඒත් පාලක කල්ලි හුඟක් බලවත් නිසා මෙච්චර  අවුලක් වෙලත් තාම ප්‍රශ්නය කෙළවරකට ගේන්න බැරි වෙලා තියෙනව.

ධම්මිකගෙ ආගමනය

බැසිල් ඉවත්වීමේ පුරප්පාඩුව පුරවන්න යන්නෙ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාගෙන්.  ආර්ථික, ආයෝජන ප්‍රවර්ධන වැනි ඇමති තනතුරකට ධම්මික පත් කරන්නට නියමිතයි .පුද්ගලිකව තමන්ගේ ව්‍යාපාර දිහා බලන විදියයි රටක ආර්ථිකය දිහා බලන්න ඕනේ විදියයි අතර  සෑහෙන වෙනසක් තියනවා. මගේ වැඩේ නම් හරි ගියා ජනතාවගෙ වැඩේ තමයි වැරදුනේ කියලා බැසිල් අන්තිමට කියපු කතාව ඇහුවම මොන මිනිහා ගැන ද බය නො හිතෙන්නේ.

දේශපාලනයට එන ආර්ථික කෙරුමො සල්ලි පැටව් ගස්සන්න දන්නා අය තමයි. ඒත් ඒ කවුරුත් රට වෙනුවෙන් සල්ලි පැටව් ගසන්නේ නෑ. සල්ලි පැටව් ගසන්නේ තමන් වෙනුවෙන්.

විදුලිබල පනත 

විදුලිබල පනත සංශෝධන රහිතව සම්මත වුණා. ජනාධිපති විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයට පොරොන්දු උනා  පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවෙදි අදාළ සංශෝධන ගෙන එනවා කියලා. ඒත් ඒක වුණේ නෑ. මෙගාවොට් 10කට වැඩි විදුලි ව්‍යාපෘති තරගකාරී ටෙන්ඩර් පටිපාටියකින් ක්‍රියාත්මක කරන්න කියලා විපක්ෂය කළ යෝජනාව පරාජය වුණා. මෙයින් පේන්නෙ ගෝඨාගේ ආණ්ඩුව හරි දේ නොව තමන්ට රිසි හා වාසි දායක දේශපාලන ස්ථාවරයක ඉන්නවා කියන එක.

ජොනීට එකෙන්ම ඇප

ම්ලේච්ඡ ප්‍රහාරයකට අනුබල දීලා එකල මෙකල වෙමින් හිටපු ජොනී තමන්ව අත්අඩංගුවට ගන්න එපා කියලා රිට් පෙත්සමක් දැම්මා. නම වැනිදා රාත්‍රී  8 ට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වෙන්න කියලා අභියාචනාධිකරණය ජොනීට නියෝග කළා.

ඊට පස්සේ ජොනි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාරවෙලා හැරෙන තැපෑලෙන් ගෙදර ගියා මිලියනය බැගින් ශරීර ඇප දෙකක් තිබ්බා. ඒක කොහොමද?  මේවා හරි ටොයිස් වැඩ.

එළැඹෙන සතියෙත් සෙනසුරාදා, ලීඩර් ටීවී පුවත් විග්‍රහය සමග හමුවෙමු.

පිටපත - විමලනාත් වීරරත්න

කථනය - හසිත එරංග

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි