SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බැසිල් රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරයා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡෘවක් පවත්වන ලද අතර රාජ්‍ය පාලනයෙනුත් මුළුමනින්ම ඉවත්වන බවත් ප්‍රකාශ කරන ලදී.

එහෙත් තමා ගොඩනැගූ පොදුජන පෙරමුණ පක්ෂයේ දේශපාලන කටයුතු ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව ඔහු පවසනවා. බැසිල්ගේ මෙම තීරණයට හේතුව බැසිල් තම ලගම හිතවතුන්ව කැඳවා ඊයේ (08) ඉතා හැගීම්බරව පැහැදිලි කර තිබූ අතර මෙම මාධ්‍ය හමුවේදී එම කිසිදු අදහසක් හෙළි නොකිරීමද විශේෂත්වයක්. ඒ පිළිබඳව අද ලීඩර් ටීවී දේශපාලන ගොසිප් එක මගින් අනාවරණය කෙරෙනු ඇත.

මේ ලංකාසර වෙබ් අඩවිය බැසිල්ගේ මෙම තීරණය පිළිබඳ කරන ලද ඔවුන්ගේ විශ්ලේෂනයයි.

ධම්මිකට රනිල් නූලක් පන්නයි!

සියලු දෙනා විමසන්නේ රැල්ල ගහන පැත්තය. මොනවයින් මොනවා වෙයිදැයි බොහෝ දෙනෙක් අසති. රනිල් නිතරම කියන්නේ ආහාර හිගයක් ඇතිවෙනවා කියාය. ඒ නිසා ජනතාව දැන්ම තියා වේල් දෙකකට හුරු කරන්න රනිල් නොගන්නා උත්සාහයක් නැති තරම්ය.

රුපියල් ශත දී පෝෂ්‍යදායී ආහාර වේලක් සරිකරගැනීමට හැකිව තිබුණේ නම් රනිල්ගේ දෙවේලෙන් කා ප්‍රීති ප්‍රමෝදයට පත් නොවන කෙනෙක් නැත. දැන් නැම් එන්න එන්න ඇල් වතුරත් නැතිවන ගානේ කතා කීමේන් රට මාස කීපයකින් ඇද වැටෙන ප්‍රපාතය ගැන සිතා ගන්නත් බැරිය.

හෙට අනිද්දාට ඉන්ධන ප්‍රශ්නය තව උග්‍රවනු ඇතැයි රනිල් කීවත් කංචන කියන්නේ ඇතිවෙන්න ඉන්ධන තිබෙන බවකි. අවසානයේ ජනතාව විසින් ඇත්ත කියු කෙනා සොයා තෑගි දෙනවා යැයි සිතා මොවුන් තරගයට ඇත්ත හෝ බොරු කියනවාදැයි විශ්වාස නැත.

දැන් අලුත්ම නාටකය වී ඇත්තේ බැසිල් ගිහිං ධම්මික ඒමය. මේ නාටකය ධම්මිකටවත් බැසිල්ටවත් අලුත් නාටකයක් නොවේ. අපේ රටේ දේශපාලඥයන් හැමදාම ජනතාට පෙන්නුවේ නාටකය. සමහර වෙලාවට ඒවා නාටක වලට වඩා ජගුසන්ය. විගඩම්ය.

ධම්මිකගේ සිහින ඵල දැරීමත් එවැනි විගඩමකට එහා නොයන බව නම් සක් සුදත් සේ පැහැදිලිය. කැසිනෝ සූදු අන්තුවෙකුට රටේ ආර්ථික සංවර්ධනය භාර දෙනවා විනා දැන් ඉතිරිව ඇති දෙයක් නැතැයි මොල 7ට පෙනෙන්නට පුළුවන.

මෙහි මහා පුදුමය වන්නේ විමල්ලා ගම්මන්පිලලා සමග වාද කරමින් මන්ත්‍රී අසුන ඇමති අසුනක් කරගත්, මුදල් ඇමැති පදවිය ද දැරූ බැසිල් ධම්මික ළඟ දණ නැමීමය. එසේ මෙසේ රා කල පොවා නාලාගිරි ඇතුන් දමනය කළාදැයි සිතෙන අය විනාඩියක් නිශ්ශබ්ද වී කුමක් හෝ සිදුව නැතැයි සිතා සිත නිවා ගත යුතුය.

මොකද මේ වෙලාවේ අගමැතිකම අත්හළ මහින්දට වුවද අපරාදේ මගේ බුද්ධශාසන ඇමතිකම ධම්මිකට එදා දෙන්න තිබුණේ වගේ හැඟීමක් ඇතිවන්නටත් පුළුවන.

මහජනතාවට නම් හිතෙන්නේ වෙනත් දෙයකි. ධම්මික කවුරු හෝ මෙවර අමාරුවේ දමා ඇති බවකි. ජනාධිපති වෙන්න ගිය, පොදු අපේක්ෂක වෙන්න ගිය ධම්මික මෙවර බැසිල් බන්දනය කළා යැයි සිතුවද පොහොට්ටු සාමාජිකත්වය ගැනීමෙන් ධම්මික පිපෙන දවසත් පරවෙණ දවසත් ළං තිබේ. ඒ නිසා තව ටික දවසකදි ධම්මිකට ආර්ථික සංවර්ධන ඇමතිකමෙන් සෑහී ඉන්න බැරි වෙන බව සත්‍යයකි.

දිලිත් ඇතුළු යහළුවන් ධම්මිකව ඊළඟට තල්ලු කරන්නේ රනිල්ගේ මුදල් ඇමතිකමට විදින්නටය. නූල් සූත්තරකරුවන්ටත් සොයා ගන්න බැරි රනිල්ගේ නූලක් ධම්මිකට රනිල් නොපැන්නුවොත් පුදුමය. ධම්මිකට නැතිවෙන්න දේ තිබුණ ද රනිල්ට නැතිවෙන්න දෙයක් නැත. අගමැතිකම ද රනිල්ට ටෙම්පරියකි.

රනිල් වැඩේ ගොඩ නොදාන බව ඇත්ත වුණත්, යම් දුරකට හෝ රනිල් වැඩේ ගොඩ දා ගත්තොත් ජනතාවගේ ලකුණු රනිල්ටය. ගෝඨාභයට ද ඉන් ලැබෙන ලකුණක් නැත. ආර්ථිකයට පණ පෙවුයේ ධම්මික වගේ කියා, එහි ලකුණ ගෝඨාභයට දමා ගැනීම පහසුය. රනිල් විසි කළ හැක්කේ එවිටය.

ඒ නිසා බැසිල් ගිහිං ධම්මික එන්නේ අමුතුම එකකටය. රනිල් ට බෑ යැයි ධම්මිකගේ මිතුරු දිලිත් මේ වෙලාවේ ප්‍රසිද්ධියේ කියන්නේ ඒ නිසාය. බැසිල්ට වැරැද්ද පටවන බව කී දිලිත් ධම්මික දියවන්නාවට රිංගනවාට කැමති වන්නේ ඒ නිසාය. මේ කතාව මැදට රංජන් මේ ඔක්කොම යාලුවො මල්ලි කියාගෙන එන්නත් බැරි නැත.

අපට ඇත්තේ ඒ දෙස බලා සිටීමය. නිර්පාක්ෂික අරගලය ද දැන් දියාරු වී ඇතැයි ඇතමෙක් කියති. දියාරු වී ඇත්තේ නිර්පාක්ෂිකයෝ නොව අනුරකුමාරට පහර නොදී සජිත්ට පොල්ලෙන් ගැසූ ගෝල්ෆේස් අරගලකරුවෝය. කළු පාටින් සුදුවට ලියැවුණු ගෝ ගම කතා දැන් රතුපාට බැනර හා ඒ මත කහපාටින් දිදුලන සටන් පාඨවලින් අලංකෘත වී තිබේ. කන්න නැතත් දේශපාලනය කන්න බලා සිටින උන්ට නම් මේවා ජය සිරි මඟුල්ය. 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි