SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගැහැණියක් මොන තරමි ශක්තිමත්ද ඇගේ ආත්ම විශ්වාසය මොනතර් ප්‍රබලද කියල දැනගන්න ඔයාල බලන්න

...................ඇමෙරිකා එක්සත් ජනපදයෙ මිසෝරි ප්‍රාන්තයේ Ebbing කියන නගරයේ ඡීවත්වන Mildred Hayes කියන මව තමන්ගෙ ගෙට පල්ලෙහයින් ප්‍රධාන මාවතට මුහුණලා තියෙන ප්‍රචාරක බෝ් තුනක මෙන්න මෙහෙම ලියන්න කියල ප්‍රචාරක සමාගමකට ඩොලර් 5000 ක් දෙනව.

පළවෙනි පුවරුවේ - දූෂණය කර මරා දමන ලදී.

‍‍දෙවැනි පුවරුවේ - තවමත් අත්අඩංගුවට අරන් නැත.

තෙවැනි පුවරුවේ - කොහොමද එහෙම වෙන්නෙ පොලිස් ස්ථාධිපති විලෝ්?

 Mildred Hayes 2

ඒ තමයි මිල්ඩ්රෙඩ් දැනට මාස 7 කට ඉස්සෙල්ල දූෂණය කරල මරල දාල තිබුණ තමන්ගෙ දුවට සාධාරණය ඉෂ්ටකලේ නැති Ebbing නගරයේ පොලිසිය සමච්චලයට ලක්කරපු හැටි. මුලු නගරයම මේකෙන් ඇවිස්සෙනව. පොලිසිය ඉන්නෙ යකා වැහිල. මොකද ප්‍රචාරණයේදී හේයස්ගෙ මේ වචනවලට එරෙහිව කිසිවක් කරන්න නීතියෙන් පොලිසියට ඉඩක් නෑ. මේක රටේ රූපවාහිනී නාලිකා වලට තලුමරන්න පුලුවන් ප්‍රවෘත්තියක් වෙනව. ඉතින් ඒ ගොල්ලො අර ප්‍රචාරක පුවරු ඉදිරිපිටම මිල්ඩ්‍රෙඩ්ට සම්මුඛ සාකච්ඡාවක් දෙනව.

"ඇයි ඔබ මෙවැනි දෙයක් ප්‍රාචරක පුවරුවල ලියන්න හිතුවෙ?"

‘‘මගේ දුව ඇන්ඡලා මීට මාස හතකට ඉස්සෙල්ල මෙි පාරෙදි දූෂණය කරල පුච්චල මරල දැම්ම. පොලිසිය මේ අපරාධකාරය හොයන එක පැත්තකින් තියල නගරෙ ඉන්න අහිංසක කලු ඡාතිකයන්ට වධ දෙන්න පටන් අරන්. මම හිතුව මේ ප්‍රචාරන පුවරුවලින් එයාලට මේ අපරාධය මතක් කරන්න. මගේ දුවගෙ පිච්චුන සිරුර අඩි 6 ක් යට වළ දාල තියෙද්දි මුන් චුවිංගම් කකා ස්කේටින් කරන කලු මිනිස්සුන්ගෙ පොඩි එවුන්ව අල්ල අල්ල ඉන්නව."

දැන් නගරෙ තනි පැත්තකට බෙදිල. මොකද ප්‍රධාන පොලිස් නිලධාරියා හරි අවංකව සේවය කරන මිනිහෙක්. එයා ගැන බොහෝම සංවේදිව තමයි මුලු නගරයම බලන්නෙ මොකද එයාට ජීවත්වෙන්න තව තියෙන්නෙ ස්වල්ප කාලයක් විතරමයි මොකද මිනිහට තියෙනව හොදකරන්න බැරි ඔඩු දුවාපු පිළිකාවක්.

Mildred Hayes 4

අන්තිමේදී පොලිස් ප්‍රධානියම එනව මිල්ග්‍රේඩ්ව හොයාගෙන ඇගේ ගෙදරට.

‘අපි කතා කරමුද මිල්ග්‍රේඩ් නෝනා ! මේ බලන්න ඒක කරපු එවුන් අල්ල ගන්න අපි ඔිනම දෙයක් කරනවා නෝනා ! නමුත් අපි ඒ සම්බන්ධව අල්ලපු එක අපරාධකරයෙක්ගෙවත් ජාන ඒ අපරාධය කරපු එකාගේ ඡාන එක්ක ගැලපුනේ නෑ‘‘

‘‘එහෙනන් ඉන්ස්පෙක්ට තමුසෙලාට කරන්න තිබ්බෙ මුලු නගරෙම එවුන්ගෙ ජාන පරීක්ෂනයක් කරන්න"

‘‘අපරාධයට සම්බන්ධ එවුන් නගරෙන් පිටවෙලානම්?"

‘‘එහෙනන් කරන්න තියෙන්නෙ මුලු රටේම මිනිස්සුන්ගෙ ජාන පරීක්ෂා කරන වැඩපිලිවෙලකට යන්න."

‘‘මේ රටෙි සිවිල් අයිතිවාසිකම් කියල දෙයක් තියෙනව මිල්ග්‍රේඩ් නෝනා"

ඒ වගේම මේ ප්‍රචාරණ දැන්වීම් සාධාරන නෑ ! මම හොඳ කරන්න බැරි පිලිකා ආසාධිතයෙක්. මගේ ජීවත්වීමේ කාලය තව මාසයයි. ඔබ දන්නවද ඒක?

‘‘ඔවු මම විතරක් නෙවෙයි ඒක මුලු නගරෙම දන්නවා ඉන්ස්පෙක්ටර්"

‘‘අහා ! එහෙම මම මැරෙන්න ළගයි කියල දැනගෙනයි ඔබ මේ මිනිහට වධ දෙන්නේ "

‘‘ඔවු ඉන්ස්පෙක්ටර් තමුසෙ මළාට පස්සෙ ඔය බෝඩ් වලින් මට ඇති වැඩක් නෑ"

පොලිස් ලොක්ක තව එක වචනයක් කියන්නෙ නෑ නැගිටල යනව. එදාම රෑ හේයස්ගෙ ගෙදරට එනව පලාතෙ ප්‍රධාන දේවස්ථානය භාර පියතුමා.

Mildred Hayes 1

''සමාවෙන්න මිල්ග්‍රේඩ් නෝනා . මම ආවෙි අර ප්‍රචාරන දැන්වීමි 3 ගැන කතා කරන්න ''

''හා ! කරගෙන යමු ''

''අපි හැම වෙලාවෙම ඔයා වෙනුවෙන් ඉන්නවා. ඒත් ඉන්ස්පෙක්ටර් මොනවගේ මිනිහෙක්ද කියල මුලු ටවුන් එකම දන්නවා. දැන් ඒ කේස් එකට මුලු නගරෙම ඔයාට විරුද්ධවයි ඉන්නෙ හේයස් මිල්ග්‍රේඩ්! ""

''ෆාදර් ඡන්දයක් තිබ්බද "

'' නෑ නෑ පල්ලියට ආපු දෙතුන්දෙනෙක් මට කිවිවා ! ''

''මේ අහන්න ෆාදර් ඔබලාත් ඇවිල්ල එක ජාතියක කල්ලියක් .ඔයාලට වෙනම ඇදුමක් තියෙනව. ඔයාල එකට රැස්වෙනව. ඔබ පඩිපෙල උඩට වෙලා පයිප්යෙන් දුමක් ඇද ඇද බයිබලේ කියවනකොට ඔයාගෙ ගෝලය අල්තාරය පිටිපස්සෙ ඉදගෙන පොඩි කොල්ලෙක්ගෙ කලිසම ගලවනවා ! දැන් ඔබත් ඔබේ ගෝලය කරන අපරාධයට චූදිතයෙක්. මොකද ඔබලා කල්ලියක් නිසා. තමුසෙ මොනවත් දැක්කෙ නැතිවුනත් , තමුසෙ ඒකට කිසිම සම්බන්ධයක් නැතිවුනත් අපිට ඒකෙන් වැඩක් නෑ තමුසෙ එකතුවෙලා ඉන්නෙ අපරාධකාරයෙක්ගෙ ගැන්සියකට ! ඇහුනද ෆාදර් නමුත් තමුසෙ ඒ සිද්ධිය හංගලා තියාගෙන මහ රෑ මගේ ගේ අස්සට ඇවිල්ල මට මං ගැනයි නගරෙ බම්බුවෙි මිනිස්සු ගැනයි මගේ දුව ගැනයි මගේ ප්‍රචාරක බෝඩ් ගැනයි කියවනව.'' මම දුන්න ඔය තේ එක බීල කෙලවගන්නෙ නැතිව මගේ රෙද්ද අස්සෙන් යනවද?! ''

අන්න එහෙම තමයි ඒ කතාවෙ අභිත ගැහැණිය Mildred Hayes.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි