SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විදුලි ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හරහා පීඩිත මහජනයා තවත් පීඩාවට පත් නොකරන ලෙස

'සර්වපාක්ෂික අරගලකරුවෝ', විදුලි ඉංජිනේරු සංගමයෙන් ඉල්ලා සිටියි.

ඒ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

විදුලි බල ක්ෂේත්‍රයේ පැනනැඟී ඇති ගැටලු මුල් කරගනිමින් විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත්කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් හෙට (09දා) දිනය වනවිට රටපුරා සමස්ත විදුලිය බිඳවැටීම හරහා රටම අකර්මණ්‍ය වීමේ සහ අඳුරට පත්වීමේ අවදානමක් උද්ගතව ඇත.

රට බංකොළොත් කළ අසාර්ථක රාජපක්ෂ පාලනය විසින් නිර්මාණය කර ඇති ආර්ථික අර්බුදය සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ එදිනෙදා ජන ජීවිතය අන්ත අසරණ තත්ත්වයකට හා පීඩනයකට තල්ලු කර හමාරය.

ගෑස් හා ඉන්ධන පෝලිම්වල පැය ගණන් තම ජීවිතය ගෙවා දමන, එදා වේල සරි කරගත නොහැකි අසරණ මිනිසුන්ට විදුලියද අහිමිවීමෙන් සිදුවිය හැකි අගතිය පිළිබඳ පහැදිලි අවබෝධයක් අප සියල්ලන්ටම ඇත.



තවද මෙවන් ආර්ථික පීඩාවක රටම වෙළී ඇති මොහොතක රජය විසින් විවිධ ප්‍රයෝගකාරී අර්බුද නිර්මාණය කිරීමෙන් සහ ඊට එරෙහිව වෘත්තීය සංගම් ගනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග සාධාරණ වුවද සිදුවන මහජන පීඩාව පදනම් කරගනිමින් සමාජයේ පොදු විරෝධයක් විරෝධතාකරුවන් කෙරෙහි ගොඩනැගීමට රජය මේ මොහොතේ උත්සාහ ගනිමින් සිටින බව තමන්ට නිරීක්ෂණය වී ඇතැයි 'සර්වපාක්ෂික අරගලකරුවෝ' පවසති.



සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී එරෙහිවීම්වලට පොදු සමාජ විරෝධයක් බිහි කිරීමේ ගෝඨා - රනිල් කොටලු ආණ්ඩුවේ මේ අපුල පිළිවෙත හුදෙක් ගෝඨාභය රාජපක්ෂ නම් අසාර්ථක රාජ්‍ය පාලකයා ඉවත් කිරීමට ගෝල්ෆේස් අරගල භූමිය මූල් කරගත් පොදු මහජන අරගලය අනියමින් දිය කර හැරීමේ තවත් කූට සැලසුමක්දැයි 'සර්වපාක්ෂික අරගලකරුවෝ' සැක මතු කරයි.

''පොදුජන අරගලය පුරා එක්ව සටන් සගයන් ලෙස ඔබ සංගම් දක්වන සහාය සර්වපාක්ෂික අරගලකරුවෝ ලෙස කෘතඥ පූර්වකව අගය කරන අතර, මේ තීරණාත්මක මොහොතේ රාජපක්ෂ පාලනයේ කූට උපක්‍රමවලට හසු නොවෙමින් සහ ආර්ථික පීඩාවෙන් පීඩිත පොදු මහජනයා තවත් පීඩාවට පත් නොකරන ලෙස ගත හැකි වෙනත් විකල්ප වෘත්තීය ක්‍රියාමාර්ග හරහා තම ඉල්ලීම් දිනාගැනීමට කටයුතු කරන මෙන්, 'සර්වපාක්ෂික අරගලකරුවෝ', විදුලි ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය සංගමයෙන් ආයාචනය කර සිටියි.

කර10 

@Theleader.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි