SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද (05)

පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමු වී ඇත.

සඳුදා (06) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මෙම හමුවේදී සාකච්ඡා කර තිබේ. අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ද මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ, බැසිල් රාජපක්ෂ පාර්ශවය 21 වැනි ව‍්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමසීමක් කළ බවය.

ඉදිරිපත් කිරීමට යන 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධානම කරුණක් වූයේ ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අයිතිය අහිමි කිරීමය.

මෙම ව්‍යවස්ථා කෙටුම්පත මේ අවස්ථාවේදී ගෙන ඒම සුදුසු දැයි පොහොට්ටුවේ නියෝජිතයින් අධිකරණ ඇමතිවරයාගෙන් විමසා ඇත.

කෙසේවුවද, ව්‍යවස්ථා කෙටුම්පතේ ඇතැම් කරුණු සංශෝධනය කරන්නේ නම් ඊට සහය දැක්වීමට සුදානම් බවට පොහොට්ටුවේ නියෝජිතයින් මෙහිදී ඉඟි පළකර ඇත.

මෙම සාකච්ජාව සඳහා පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සහභාගී වී ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි