SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව තුළ සිදුකරන සංචාරය වහාම අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස රුසියාව මෙරට සිටින රුසියානුවන්ට දැනුම් දී ඇත.

ඒ අනුව මෙරට සංචාරය සඳහා පැමිණ සිටි රුසියානුවන් 300 දෙනෙකු පමණ අද දිනයේදී කටුනායක ගුවන් තොටුපළින් රුසියාව බලා පිටත්ව ගිය බව වාර්තාවේ. ඒ එම රුසියානුවන් ගෙනයාමට පැමිණි වෙනත් ගුවන් යානයකිනි.

කොතෙකුත් අර්බුද පැවතිය ද ගැටළුකාරී තත්ත්වයන් මධ්‍යයේ වුවත් සිය කැමැත්තෙන් මෙරට තුළ සංචාරයේ නිරත වූ බවයි එලෙස ශ්‍රී ලංකාවෙන් පිටව ගිය රුසියානුවන් පැවසිය.  

ඉදිරියේදී රුසියානු සංචාරකයින් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව ද සිය රට බලා යාමට ගුවන් තොටුපළ වෙත පැමිණි රුසියානුවන් සඳහන් කළේය.


අන්තිම රුසියානු සංචාරකයාත් පිටව යයි..

aragale 7

“අපි ශ්‍රී ලංකාවට ආවෙ දින 14 ක සංචාරයක් සදහා. අපි මේ වෙනකොට හිටියෙ හික්කඩුවෙ. හදිසියේම ඇති වූ මේ තත්වය නිසා අපට රුසියානු රජය දැනුම් දුන්නා, සංචාරය අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස. ඒ අනුව දින 14 ක සංචාරය දින 07 කින් නිමා කරල ආපසු රුසියාව බලා යෑමට, මෙම රුසියානු එරොෆ්ලොට් අවසාන ගුවන් යානය සදහා අපි කටුනායක ගුවන් තොටුපළට ආවා''

යැයි රුසියානු ජාතික එලේනා මෙසෙන්කෝවා කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී 06/05 දින උදෑසන 10.00 ට පැවසුවාය.

“අපිට රුසියානු රජය මීට පෙර ශ්‍රී ලංකාවේ සංචාරය සදහා සුදුසු බව ප්‍රකාශ කරමින් ඒ සදහා යොමු කිරීම් සිදු කළා. එහෙත් හදිසියේම ඇති වූ මේ තත්වය පිළිබඳව අපි කම්පනයට පත් වුණා.

මේ රටේ සංචාරය කරන්න අපිට ඩීසල් තිබුණෙ නැහැ. ඒ මදිවට විදුලි කප්පාදුව. මේ සියලු ගැටළු මධ්‍යයේ වුවත් අපි බොහොම කැමැත්තෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා.

අපේ රුසියානු සංචාරකයන් නිසා ශ්‍රී ලංකාවට ඩොලර් ලැබෙනවා. ඒත් මේ තීන්දුව නිසා ඒ තත්වය ශ්‍රී ලංකාවට අහිමි වෙලා යයි. රුසියානු ජනාධිපතිවරයා මෙම සිදු වීම පිළිබඳව දැඩි තීරණයක් ගනීවි.

ඒ අනුව අපට දැනටමත් ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන සංචාරයන් වහාම අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස රුසියානු රජය අපව දැනුවත් කර තිබෙනවා” යැයි ද එලේනා මෙසෙන්කෝවා  සිය රුසියානු බසින් පැවසුවාය.

එමෙන්ම යළිත් මින් ඉදියට කිසිදු රුසියානු සංචාරකයෙකු මෙවැනි සිදුවීමක් ඇති වෙතැයි යන බියෙන් ශ්‍රී ලංකාවට නොපැමිණෙනු ඇතැයි ද ඇය වැඩිදුරටත් පැවසුවාය .

රුසියානු රජයේ සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් අතර ලිඛිත එකගතාවයක් පවතිත්දීත්, එය නොසළකා හරිමින් බටහිර රාජ්‍යයක කුඩා රක්ෂණ සමාගමක පැමිණිල්ලක් මත මේ ආකාරයට දහස් ගනන් රුසියානු සංචාරකයන් අසරණ කරමින්, අනාගතයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අභියෝගට ලක් කරමින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධානතම මාර්ගයක් ඇනහිටුවා ගැනීම පුදුම සහගත බව ද ඇය සදහන් කළාය.

ශ්‍රී ලංකාව රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානයක් රඳවා ගැනීම මේවන විට රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් තිබේ.

මේ අතර එරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රුසියානු බලධාරීන් දැනුවත් කර ඇත. විදේශ කටයුතු අමාත්‍යංශය හරහා එම දැනුවත් කිරීම සිදුකර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි. 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි