SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බැසිල්ගෙ අණ්ඩ! අමරවීරගෙ දණ්ඩ!

ගෙවී ගිය සතිය දේශපාලනික වශයෙන් නියුට්‍රල්. ඒත් අළු යට ගිනි තියනවා. මතුපිටින් ගින්න නිවාගෙන අළු යට ගිනි නැහැ වගේ ඉන්න හොඳටම ට්‍රයි එක දෙන්නෙ ජනාධිපති ගෝඨාභය.

21 වැනි සංශෝධනය මගින් පාර්ලිමේන්තුවට බලතල යම් ප්‍රමාණයක් දීලා මතු වූ විරෝධය සමනය කරගෙන ඉතුරු වසර දෙක හමාරක විතර කාලය ගත කර ගැනීමයි ජනාධිපතිගේ වෑයම.

21 ට මොකද වෙන්නේ?

සමහරු අහන ප්‍රශ්නයක් තමයි රටම පීඩාවට පත් කරලා තියෙන්නේ ආර්ථික අර්බුදයෙන් නම් ඒකට විසඳුම් නොසොයා මේ හැටි  21 ගැන වද වෙන්නේ මොකටද කියන එක.

20 න් ලැබුණු අධික බලතල නිසා ජනාධිපති සමස්ත මූල්‍ය පාලනය අතට ගත්තා. වැරදි බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළා. කොටින්ම වියදම් පාර්ශ්වයේ දී හිතුමතේ ජීවිතයක් ගෙව්වා. 21 මගින් පාර්ලිමේන්තුවට මුදල් බලතල ලැබුණම ඒක වෙනස් වෙනවා. පාර්ලිමේන්තුවට වියදම් තීරණය කළ හැකි වෙනවා. ජනතාවගේ ගර්හාවට ලක්වුණු පාර්ලිමේන්තුව ඒ වගකීම හරිහැටි දරනවා ද නැද්ද කියන එක ඉදිරියේදී බලාගන්න පුළුවන්.

මේක සම්මත නොවුණොත් අගමැතිත් රූකඩයක් බවට පත්වෙනවා.

21 ට ඡන්දෙ දෙන්න බලකරන්න මන්ත්‍රීවරුන්ගෙ ගෙවල් ළඟ රැස්වෙන්න කියලා දයාසිරි මාධ්‍ය හමුවකදි කිව්වා. එයින් අදහස් වෙන්නේ 21 පාස් කිරීම  ෂුවර් නැහැ කියන එක. ඒ කියන්නේ තාම මන්ත්‍රීවරුන් ගේම ගහන්නේ තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් විතරයි. බැසිල්ගේ බලල් අණ්ඩ මෙතනදි වැඩ කරනවා. 21 ට විරුද්ධ වෙලා ගම් වලට යන්න බැරිවෙයි කියන එක බොරු කතාවක්. 18ට අත උස්සපු අය විස්සට ඡන්දෙ දීපු අය ගියේ තමන්ගේ ගම් වලට මිසක් අනුන්ගේ ගම්වලට නෙමෙයි.

බැසිල් කියන්නේ තිරෙන් ඉස්සරහ වගේම පිටිපස්සෙත් වැඩ කරන චරිතයක්. පොහොට්ටු පක්ෂයේ අය එයාට අවනතයි. මල්වානෙ නඩුවෙනුත්  නිදොස් කොට නිදහස්. බැසිල්ගේ බලය තාම යථාර්ථයක් කියන සංඥාව ඔහුගේ ගෝලයන්ට ඒ නඩුවෙනුත් ලැබුණා.  එතන උනේ මොකක්ද කියලා කවුරුත් දන්නවනේ. ඒ අනුව බැලුවත් බැසිල් අත හැරලා ගෝලයෝ වෙන අතක් බලා ගනියි කියලා හිතන්න බැහැ. අනික් අතට ඉතිං රාජපක්ෂලාගේ ගෝලයො සේරම බල්ලගේ පිටේ ගමන් බිමන් යන මැක්කෝ වගේ. බල්ලා නැතුව මැක්කන්ටත් පැවැත්මක් නෑ. ඒ අනුව විසි එක් වෙනි සංශෝධනය තියෙන්නේ අනතුරක.

සාගතය අත ළඟ

පොහොර ප්‍රශ්නයයි බිත්තර වී ප්‍රශ්නයයි නිසා ගොවියො යල කන්නේ අතහැරියොත් සාගතය ඩබල් වෙනවා. කෘෂිකර්ම ඇමති දැන් කියනවා බතල දණ්ඩක් හරි හිටවන්න කියලා.  ඇමතිට දණ්ඩ හිටවන්න දැනුයි මතක් වෙලා තියෙන්නේ. ජනාධිපති වැරදි කෘෂිකර්ම ප්‍රතිපත්තියක් අනුගමනය කරන කොට මේ අයට තේරෙන්න ඕනේ මෙහෙම ගියොත් රටේ ආහාර හිඟයක් ඇති වෙනවා කියලා. අමරවීරලා ඔළුව පාත් කරගෙන හිටියේ ඒවා නොදැනද. හොඳටම හිර උනාම රැවුලත් වවාගෙන දුක් මූඩ් එකේ ඇවිත් දණ්ඩ හිටවන්න කියලා ජනතාවට කියන්න ඇමැතිවරු මොකටද?

විභාගෙකට වාඩි වෙන්න

පරණ මුහුණුවලින් අලුත් ඇමැති මණ්ඩලයක් පත් කළාට වැඩක් නැහැ. . සේරම ෆේල්. රටේ ප්‍රශ්න එකතැන.

හාල් කිලෝවේ අඩුම මිල රුපියල් දෙසීයයි. සාලයො මාළු ග්‍රෑම් පන්සීය රුපියල් හාරසීයයි. බිත්තරයක් අද හෙට රුපියල්ට 45 ට යනවා. කෑම මේසෙට මස් ලැබෙන අයට මේක ප්‍රශ්නයක් නෙමෙයි. සාමාන්‍ය ජනයා අනාතයි . රොටියක් කන්න පිටි නැහැ.

සාමාන්‍ය ජනයාට අද රට පාලනය කරන කිසි කෙනෙක් ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඒ නිසා කැමති කෙනෙක් පත් කරගන්න ඡන්දයක් තියන්න කියලා සජබ,ජාජබ දෙගොල්ලොම කියනවා. එහෙම වුනොත් ගෝඨාගෝගම නියෝජනයකුත් මතුවෙයි. සමහරවිට සේරම සාම්ප්‍රදායික පක්ෂ පරාජය කරන විකල්පයක් බවට ඒක පත් වෙන්නත් පුළුවන්.

සටහන - විමලනාත් වීරරත්න 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි