SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෑත ඉතිහාසයේ මහින්දලා බැසිල්ලා ඉල්ලගෙන කෑවා නම් ඒ පහුගිය මැයි 09 වෙනිදා . මහින්දට බිම් මට්ටම ගැන සෙන්සර් එක අවුල් වුණා නම් ඒ මැයි 09 වෙනිදා

ජොන්ස්ටන්, සනත් නිශාන්ත , මිලාන් වගේ කිසිම අධ්‍යාපනයක් නැති , අතේ පයේ හයියෙන් ප්‍රශ්න විසඳීමට යන අවලස්සන මන්ත්‍රීවරුන්  කිහිපදෙනා  ගැන විශ්වාසය නොතියා ඉන්න මහින්දට තිබුණේ. එහෙම උනා නම් බංකර් අස්සේ හැංගිලා පීචං නොවී, රෙස්පට් එක්සිට් එකක් ගන්න තිබුනා . හැබැයි මේ  මැයි 09 ප්‍රහාරය  කවුරු සංවිධානය කළත්, ඒ කරපු කට්ටිය තමයි මහින්දට ඒ ඉරණම අත්කර දුන්නේ, ලව් එකට, හොරකමට වඳුරන් ඇතිකළාට උන්ව බොඩිගාර්ඩ් කරගන්න නරකයි.

මැයි 09 අරලිය ගහ මන්දිරයේ ඉඳලා මුලින්ම මයිනාගෝගමට, ඊළඟට ගෝටාගෝගම ට දියත්වුණු මිලේච්ජ ප්‍රහාරය ගැන ආයෙත් ඇදෙන්න අරගෙන . විමර්ශන ක්‍රියාත්මකයි. පොලිස් විමර්ශන විතරක් නෙවෙයි , මේ වෙනකොට ජනාධිපති ගෝඨාභය , හිටපු හමුදා ප්‍රධානීන් තුන් දෙනෙක්ගේ කමිටුවක් දාලා , එතනත් විමර්ශනයක් යනවා. ඒ කියන්නේ මෙච්චරකල් එළියට නාපු ගොඩක් දේවල් දැන් එළියට එන්න අරගෙන .

දැන් ඉතිං මහින්දත්, අරයටයි මෙයාටයි දොස් නොකියා ඇත්තට මුහුණ දෙන්න තියෙන්නේ . "යන්න එපා - ඉන්න " කියන්න ආව පිරිස ගෝල්ෆේස් දක්කපු කට්ටිය ගැන තමයි , මහින්දට බලාගන්න තියෙන්නේ .

එහෙම කියන්නේ මේ වෙනකොටත් දියත්වෙලා තියෙන විමර්ශන හරහා එළියට එන තොරතුරු නිසා. 9 වෙනිදා ප්‍රහාරය ගැන විතරක් නෙවෙයි , රටේම තත්ත්වය ගැන ජාතික බුද්ධි සේවය වේලාසනින් වාර්තා කරලා තිබිලා තියෙන්නේ .

රාජ්‍ය බුද්ධි අංශ වාර්තාව

ආරංචි විදිහට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා 2022 අප්‍රේල් 13 වෙනිදා , විශේෂ බුද්ධි වාර්තාවක් යවනවා, ඒ මහජන ආරක්ෂාව අමාත්‍යංශයේ ලේකම්, විශ්‍රාමික හමුදා ජනරාල් ජගත් අල්විස්ට සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ට.

එයින් මූලිකව දැනුම් දුන්නා කියන්නේ, රජයට එරෙහිව රටේ බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙන්න පුළුවන් කියලා .

ඒ වගේම රාජ්‍ය රහස් වලින් දැනගන්න තියෙන විදිහට , ඒ බුද්ධි වාර්තාවේ රතු අකුරෙන් සමහර කොටස් අවධාරණය කරලා.

අපි මේ කියන්න යන්නේ එහෙම රතු අකුරෙන් තිබුන කොටසක්.

" ඉහත නිරීක්ෂණ විශ්ලේෂණය කිරීමේදී වර්තමාන දේශපාලන තත්ත්වය හමුවේ , විවිධ සංවිධාන සහ කණ්ඩායම් තම පටු අරමුණු ඉටුකර ගැනීමේ පරමාර්ථයෙන්, විවිධ සමාජ කොටස් පෙළඹවීමට මෙන්ම එම ක්‍රියාවලිය තුළින් විශේෂයෙන් සමාජයේ තරුණ ප්‍රජාව තුළ නොසන්සුන්කාරී  වාතාවරණයක් ඇතිකර ඒ ඔස්සේ රට තුළ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමේ හැකියාව බැහැර කළ නොහැක.

තවද මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ජාතික ආරක්ෂාවට බලපාන ආකාරයෙන් මහජන කැළඹීමක් , ප්‍රචණ්ඩ කාරී වාතාවරණයක් රට පුරා නිර්මාණය විය හැක" 

ඔන්න ඔහොමයි රතු අකුරෙන් බුද්ධි වාර්තාවේ තිබුණයි කියන්නේ . ඒ විතරක් නෙවෙයි , මැයි 08 වෙනිදා වෙනකොට බුද්ධි අංශ නිරීක්ෂණය කරලා ඉවරයි , මැයි 09 ගැටුමක් ඇතිවෙන්න පුළුවන් බව. විශේෂයෙන් පොදුජන පෙරමුණේ සමහර සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් " ගෝල්ෆේස් යාමක්" ගැන වේලාසනින් කියලා තියෙනවා.

මේ සේරම එකතු කරගෙන තමයිලු , මැයි 08 වෙනකොට බුද්ධි අංශ ආයෙත් වතාවක් මහජන ආරක්ෂාව අමාත්‍යංශයේ ලේකම් , විශ්‍රාමික ජෙනරල් ජගත් අල්විස් ට සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ව ආයෙත් දැනුවත් කරා කියන්නේ .

ඒ විතරක් නෙවෙයි , විමර්ශන වලදි අනාවරණය වෙලා තියෙනවා කියනවා, බුද්ධි වාර්තා ලැබීමත් එක්කම මහජන ආරක්ෂාව අමාත්‍යංශයේ ලේකම් ජගත් අල්විස් සහ පොලිස්පති දෙන්නම ප්‍රදේශ භාර ඉහළ පොලිස් ප්‍රධානීන්වත්  මේ බුද්ධි තොරතුරු ගැන  දැනුවත් කරලා කියලා .

පොලිස්පති මේ ගැන ලිඛිත නියෝග නිකුත් කරලා. එහිදී දෙන්නම කියලා තියෙන්නේ, කීයටවත් අරලිය ගහ මන්දිරයට එන පිරිසට ගෝල්ෆේස් තියා ගාළු පාර පැත්තටවත් යවන්න එපා කියලා .

දැන් එතකොට විමර්ශන වලදි පැහැදිලි සාක්ෂි අනාවරණ තියෙනවා, පොලිසිය භාර අමාත්‍යංශයේ ලේකම් , පොලිපති, බුද්ධි ප්‍රධානීන් , මේ සේරම වෙන්න පුළුවන් අනතුර සහ ඒක වලක්වන නියෝග නිකුත් කරලා කියලා .

දැන් එතකොට ප්‍රශ්නය තමයි එහෙම නියෝග තියෙනකොට මේසා බුලක් කෙළිය කෙරුමා කවුද කියලා . ආරංචි විදිහට ඒ ගැන විමර්ශන තවම යනවා.

අන්න ඒ විමර්ශන වලදී මාරාන්තික කරුණු ගාණක් එළිවෙමින් තියෙනවාලු . හරියට පාස්කු ප්‍රහාරය වෙලාවේ වගේමලු.

කව්ද මේ පොලිස් ලොක්කා?

අමාත්‍යංශ ලේකම් , පොලිපති, බුද්ධි අංශ නියෝග අස්සේ , තවත් පොලිස් ලොක්කෙක් මැයි 08 කොල්ලුපිටිය පොලිසිය ට ඇවිත් . ඒ ඇවිත් OVB පොතේ, ඒ කියන්නේ උසස්  නිලධාරීන්ගේ ගමන් සටහනේ, ලොග් එකක් දාලා , " අරලිය ගහ මන්දිරයේ ඉඳලා එන අයට බාධා කරන්න එපා " කියලා .

දැන් වැඩේ කියන්නේ , වැඩිදුරටත් විමර්ශන කරනකොට ඒ OVB එකේ පිටු මිසිං වෙලාලු. ඔන්න ඒගැන පරීක්ෂණයක් කරන්න   පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයට භාරදීලා.

කොහොම හරි , මැයි 09 උදේම විශේෂ කාර්‍යංශය (බුද්ධි සේවා) නියෝජ්‍ය පොලිස්පති ධනපාලත් ලිඛිත දැනුම්දීමක් කරලා තියෙනවා , " නොසන්සුන් තත්ත්වයක් ඇතිවෙයි කියලා වාර්තා වෙනවා , සූදානමින් ඉන්න " කියලා . ඒ වගේම "අරලිය ගහ මන්දිරයට එන පිරිස අරගල භූමියට යන්න හැදුවොත්, මොනම හේතුවක් නිසා වත් යන්න දෙන්න එපා " කියලා .

ඒත් කොහෙද? අර අරලිය ගහ මන්දිරයේ ඉඳලා එන උදවියට බාධා කරන්න එපා කියලා , ලොග් සටහන් දාපු පොලිස් ලොක්කා , මැයි 09 උදේම සූම්  මීටිං එකක් අරගෙන . එහිදී උපදෙස් දීලා කියන්නේ , කඳුළු ගෑස් එකක්වත් ගහන්න එපා කියලා ..

මේ සේරම දැන් විමර්ශකයන් අනාවරණය කරගෙන තමයි ඉන්නවා කියන්නේ . වැඩේ ඉවර නෑ .විමර්ශන ඉස්සරහට යනවලු.

මගුල් ගෙදර හිටිය ලේකම්ට පොලිස් ලොක්කාගෙන් ඇමතුමක්!

කොහොමටත් මැයි 09 , මහජන ආරක්ෂාව අමාත්‍යංශයේ ලේකම් ජගත් අල්විස් කොළඹ ඉඳලා නෑ . එදා ඔහු හිටියා කියන්නේ පිළියන්දල . මගුල් ගෙදරක සාක්ෂියට අත්සන් කරන්න ගිහින් ..  ටික වෙලාවකින් ආරංචිය ඇවිත් .

ඒ ගැන හොයමින් ඉන්න අතරේ අර පොලිස් ලොක්කත් ලේකම්ට කතා කරලා .  ඒ වෙනකොටත් මයිනාගෝගම කුඩේකුඩුලු. හැබැයි පොලිස් ලොක්කා ඒක ලේකම්ට කියලා නෑලු. ඒ වෙනුවට කිව්වා කියන්නේ , "පිරිස ගෝල්ෆේස් පැත්තට යනවා, ගෝල්ෆේස් හෝටලයෙන් එහාට යන්න දෙන්නේ නෑ " කියලා.

ලේකමුත් කිව්වලු, එහෙනම් එහෙම කරන්න , කොහෙත්ම දෙයක් වෙන්න නම් දෙන්න එපා කියලා.

එහෙම කියපු ලේකම් විවාහයේ සාක්ෂියට අත්සන දාලා අමාත්‍යංශයට ඇවිත් . ඒත් එතකොට පරක්කුයි.

කොහොම නමුත් මෙතෙක් විමර්ශන වලදි මේක පිරිසකගේ සංවිධානාත්මක වැඩක් බවට තොරතුරු රැසක් හම්බෙලා තියනවා කියලයි කියන්නේ. හැබැයි ගිනි සෙල්ලම් ගැන අනාවරණය වෙමින් තියෙන්නෙත් සංවිධානාත්මක වැඩක් විදිහටලු.

කොහොම නමුත් තව ප්‍රශ්න තියෙනවා. ඒ තමයි ප්‍රතිප්‍රහාරය වලක්වන්න ජනාධිපති පවා නිකුත් කල නියෝග ක්‍රියාත්මක වීම ප්‍රමාද වීම. ඒ ගැනත් විමර්ශකයන් විශේෂ අවධානයක් දාළලු තියෙන්නේ. මොකද , ප්‍රතිප්‍රහාරය අස්සේ, ගිනි තැබිලි පටන් ගන්නකොට ජනාධිපති ශවේන්ද්‍ර හමුදාපතිට කියලා, ඉක්මනින් තත්ත්වය පාලනය කරන්න කියලා. ඒ වගේම පොලිස්පතිටත් කියලා. දෙන්නම පරක්කු වගේ නිසා , ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්නටත් කියලා. ඒත් වැඩේ හරි නොගිය තැන ජනාධිපති හිටපු හමුදාපති දයා රත්නායකට කතා කරලා කිව්වලු, ඉක්මනට මොකක් හරි කරන්න මැදිහත්වෙන්න කියලා. වැඩේ කියන්නේ, ප්‍රහාරය ගැනවත් ප්‍රතිප්‍රහාරය ගැනවත් එතකොට හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මොකුත්ම නොදැන සිටීම. විමර්ශන වලදී තමයි ඒකත් හෙළිවුණා කියන්නේ.

මැයි 09 සිදුවීම පාස්කු ප්‍රහාරයේ දෙකද?

දැන් බලනකොට මේකත් පාස්කු ප්‍රහාරය වගේමද මන්දා ? කොහොම වුණත් විමර්ශන ඉස්සරහට යනවා. ඒ නිසා තව හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට ආරංචි වෙයි. 

පාස්කුවෙන් කට්ටිය ගොඩගියා වගේ, මැයි 09 ප්‍රහාරයෙනුත් BR ගොඩයන්න බලන බවට දේශපාලන ක්ෂේත්‍රයේ ලොකු හාහොවක් යනවා. අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග කියන විදිහට ගෙවල් , දේපළ ගිනි ගත්තු , විනාශවුණු පොදුජන පෙරමුණේ හැම මන්ත්‍රීටම මුලින්ම ගෙදර මුලික වැඩටික පටන් ගන්න බැසිල් රුපියල් මිලියන 10 ගානේ දෙන්න පොරොන්දු වෙලාලු. ඒ වගේම ආණ්ඩුව ආයෙත් ගත්ත ගමන් ඒ තිබුණ විදිහට ගේ දොර හදාගන්න පහසුකම් සියල්ල දෙන්නත් පොරොන්දු වෙලාලු.

දැන් BR  මේ බෙදන්නේ කාගේ සල්ලිද ? කොහේ තියන සල්ලිද කියලා ප්‍රශ්නයක් තියනවා. නමුත් ඕනම මිලක් ගෙවලා ජයගන්න අභියෝගයක් BR ට ඇවිත් තියනවා. ඒ තමයි ආණ්ඩුව ගෙන එන්න සූදානම් වෙන 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඊයේ , ඒ කියන්නේ මැයි 30 ඒ ගැන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැඳවලා තිබුණා. රනිල්, හරීන්, මනුෂ , විජේදාස, නිමල්, අමරවීර වගේම  මහින්ද පවා මේකට ඇවිත් කියලයි කියන්නේ. 

BRගෙ මීලග ගේම!

BR මේ සාකච්ඡාව ගැන ඇහැ දාගෙන හිටියේ. දේශපාලන ආරංචිමාර්ග අනුව නම් මෙතනදීත් BR ගේ ප්‍රොජෙක්ට් එක අවුල් වෙලා.

විසි එක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩාකප්පල් කරන්න, දිලුම් අමුණුගම, චින්තක මායාදුන්නේ, ඩයනා ගමගේ, ප්‍රසන්න රණවීර කතා කළත් තේරුමක් වෙලා නෑ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ, සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් කරුණු දැක්වීමත් එක්ක බැසිල්ගේ ටීම් එක අකුලගෙන.

ආරංචි විධිහට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් 21 ට තමන් එකඟ බව දැනුම්දීලා. මන්ත්‍රීවරුන්ට යෝජනා තියෙනවා නම් එන බ්‍රහස්පතින්දාට කලින් අධිකරණ ඇමතිට දෙන්න කියලත් දන්වලා. කොහොම නමුත් සරත් වීරසේකර නම් කියලා තියෙන්නේ, තමන් 19 ට විරුද්ධ වුනා වගේම 21 ටත් විරුද්ධයි වගේ කතාවක් . ජනවරම ලැබුණේ ජනාධිපතිට නිසා බලතල අත්හරින එක අනුමත බෑ කියලත් කියලා.  

කොහොම නමුත් ඊයේ මේ රැස්වීම 21 ගැන කතා කරන්න වෙන් වුණත්, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අවධානය යොමුකරලා තියෙන්නේ ගිනි ගත්තු ගෙවල් ගැන. සමහරු කියලා තියෙන්නේ එළියේ තත්ත්වය තවමත් අවධානම් කියලා. ඒ සමහර විට ලාල් කාන්තගේ ඕමල්පේ හාමුදුරුවන්ගේ ප්‍රකාශ නිසාද දන්නේ නෑ. නැත්නම් 21 ට ජන්දය නොදී ගමට එන්න එපා කියලා යන සෝෂල් මීඩියා කැම්පේන් නිසාද දන්නේ නෑ. කොහොම හරි මැති ඇමතිවරුන් අතර කම්පනයක් තියනවා. ඒ කම්පනය එක එක විදිහට පාවිච්චි කරන්න දරන උත්සාහයනුත් තියනවා. කොහොමත් කම්පන අස්සේ ගේම් ගහන්න BR දක්ෂයා.

මතකනේ මුදල් ඇමතිකම ඉල්ලුවා, මහින්ද දුන්නේ නෑ. දමලා ගහලා ඇමරිකාවේ ගෙදර ගියා. ඒ අස්සේ ඉන්ධන මිල විශාල ගණනකින් ඉහළ ගියා, මුලින්ම ගැහුවේ ගම්මන්පිලට. හැබැයි අන්තිමට ගැලවුණේ මහින්දගේ මුදල් ඇමති ධූරය. BR ගේ ඊළඟ ගේම වෙලා තිබුනේ අගමැති ධූරය. මහින්දව යවා ගන්න එක එක සූත්තර ඇද්දා. හැබැයි ගැස්සිලා මහින්ද ගියාට මොකද අගමැති වුණේ රනිල්.

දැන් ට්‍රයි එක රනිල්ට ගහලා එළවලා PM වෙන්න. PM නොවුණත් ඩමියක් බස්සලා BR ඊළඟ ඉලක්කයට යන්න තමයි මේ ලෑස්තිය. 21 කියන්නේ, BR ගේ ඒ ව්‍යාපෘතියට තියන ලොකුම බාධාවක්. මොකද BR ප්‍රසිද්ධියේ කියලා තියෙන්නේ කිසිම හේතුවක් මත ඇමරිකානු පුරවැසි බව අත්හරින්නේ නෑ කියලා.

 ඒ නිසා 21 තියන ද්විත්ව පුරවැසි නීතිය බලාත්මක වෙන එක නවත්වන්න BR ඕන මිලක් ගෙවයි. ඒ නිසා තමයි, මැයි 09 කම්පනය අස්සේ සල්ලි කළඹන ගේමකට BR බැහැලා ඉන්නේ. මේවා අපි නෙවෙයි කියන්නේ, ආණ්ඩුවේම ඇත්තෝ තමයි කියන්නේ. කොහොමටත්  ඒ තමයි , BR ගේ ගේම සරලව . ඉස්සරහට ලුනු දෙහි ඇතුව කියන්නම්. 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි