SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් වික්‍රමසිංහ මෙවර අගමැති ලෙස පත්වන්නේ පාර්ලිමේන්තුව නැමැති ප්‍රභූ ආයතනයේ 225ටම

ගෙයින් පිලට තබා ගෙය ඇතුලෙවත් ඉන්නට අවස්ථාවක් නොදී බංකර්වල සැගවෙන්නට මං පෑදුනු ජනතා විරෝධයේ උච්ඡස්ථානයට පත්වූ මොහොතක ප්‍රභූන්ගෙ ඉෂ්ට දේවතාවකු ලෙසටයි. දැන් දැන් වෙද්දී බංකර්වල ජීවිත ඉන් එලියට විත් අළු ගසා බසා දමමින් වහසි බස් දොඩවන්නට හැකි තරමට ප්‍රභූ යාන්ත්‍රණය යළි පිළිසකර වෙලාය. නැතහොත් රනිල් වික්‍රමසිංහ විසින් පිලිසකර කරලාය. ඉදින් දැන් රනිල් වික්‍රමසිංහ පෙනී සිටි ප්‍රභූ පැලැන්තිය සුපුරුදු ලෙස රනිල්ට එරෙහිව අවි ඔසවන්නේ පාර්ලිමේන්තුව තුළ ඔහු සමග එකදු මන්ත්‍රී ආසනයක හෝ සහයෝගයක් නොමැති වටපිටාවක සිටය. මෙය රනිල් කෙසේ විසඳාගනීද? ඒ සඳහා ඔහුට සහාය වන්නේ කවරෙක්ද?

බ්රීෆ්2

රනිල් වික්‍රමසිංහට සැමදා සිදුවූ එකම සන්තෑසිය වන්නේ බලය ලද විට සියල්ල උඩුයටිකුරු වීමය. බලය ලත් විට ඔහුට සියල්ල අමතකව යයි. නැත්නම් අමතක කරවයි. ඔහු වටේ සිටින අතලොස්සක හිතවතුන්, පෙම්වතුන් සුපුරුදු විදිහට පරාජයේ සහ විනාශයේ මාවත යලිත් සකසන්නෝය. තම පක්ෂයේ විනාශයට මූලික වූවෝ තමනුත් ඇතුළුව ඔවුහුය යන්න රනිල් කිසිදා අවබෝධ කර නොගන්නේය. ඔහු වටා සිටින මේ තුන් හතර දෙනා එකෙකුට එකෙක් නැති තරගයක නියැලෙයි. බලයෙන් මන්මත්වෙයි. සියල්ල අතින් ගිලිහෙන තුරු නොදනියි.

බ්රීෆ්3

ගෝල්ෆේස් අරගලය හරහා කරලියට පිවිසුනු රනිල් විසින් අරගල දියකරන සුපුරුදු සූත්‍රය යොදා අරගලය දියකර හරිමින් සිටියි. ක්‍රමය වෙනස් වියයුතු යැයි කෑමොර දෙන අරගලකරුවන්ට රනිල් දෙන පිළිතුර ක්‍රමවේද වෙනස් කිරීමයි. එපමණකින් නොනැවතී ඔහු විසින් යෝජනා කැරෙන කමිටු කිහිපයකට එකෙක් දෙන්නෙක් රිංගවා ගැටළුවට පිලිතුරු ප්ලාන්ට් කරන්නට සැරසේ. ඒ අතරතුර රාජපක්ෂවරු යළිත් තම බලය වේගයෙන් යළි අත්පත් කරගැනීමට සූක්ෂ්ම වෙයි.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට දැන් සිදුවන්නේ කුමක්ද? රුවන් විජේවර්ධන, සාගල රත්නායක, වජිර අබේවර්ධන, අකිල විරාජ්, රංගේ බණ්ඩාර ඔහුව යලිත් බිමට සමතලා නොකරයිද?

ශ්‍රී ලංකා බ්‍රීෆ් විසින් ඩේලි මිරර් පුවත්පතේ තොරතුරුද ඇතුලත් ව ගෙන එන මේ සටහන ඊට අදහසක් එක් කරනු ඇත.

“බතල ගන්න ආවානම් වත්තේ හතර මායිම් සොයන් නැතිව වැඩේ කරන්න” - රාජපක්ෂ පෙරමුණ ජුදාස් රනිල්ට කියයි!

බ්රීෆ් පුව. 1

දැඩි ආර්ථික අර්බුදයක් මැද 21 වැනි සංශෝධනය ගෙන ඒමට ඉක්මන් වන්නේ මන්දැයි පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කිරීමත් සමඟ යළිත් දේශපාලන කඳවුරු තුළ නව දේශපාලන ගැටුමක් මතුව තිබේ.

සමහර විට  මෙම තත්වය ඔඩු දිවා ගියහොත්  වික්‍රමසිංහට ගෙදර යෑමට සිදු විය හැක.

සති අන්තයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් සමඟ පැවති හමුවකදී මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වයෙන් ප්‍රශ්න කර තිබුණේ වික්‍රමසිංහ අගමැති ධුරයට පත් වූ දා සිට ආර්ථික අර්බුදය විසදීමට ඔහු ලබා ඇති ආර්ථික ප්‍රගතිය කුමක්ද යන්නය. එමෙන්ම දැන් ඔහුගේ අවධානය දේශපාලන ප්‍රශ්ණ විසඳීමට වැඩ බරක් තබා ඇත්තේ මන්ද  යන්නයි.

” මේක හරියට බතල ගන්න ආව එකා වත්තේ හතර මායිම් සොයනවා වගේ කෙළියක්” යැයි එහිදී එක් අයකු පවසා තිබේ. ” රනිල්ට අපි කඩේ යන්නේ නැති” බවත් එයාට බතල රැගෙන යා හැකි බව වැනි අදහස් එහිදී කියැවී තිබේ.

වෙනත් මංත්‍රීවරයකුට  මුදල් අමාත්‍ය ධුරයට පත් කිරීමට එකඟ වී තිබිය දී  වික්‍රමසිංහට මුදල් අමාත්‍ය ධුරය ලබා දුන්නේ ඇයි දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් ද ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කර ඇත. වෙනත් අයකු පත් කරන තෙක්  එම අමාත්‍යාංශය ජනාධිපතිවරයා විසින්ම තබා ගන්නා බවට පොරොන්දුවක්  ගෝඨාභය දී තිබී ඇත.

වික්‍රමසිංහගේ අරමුණ ආර්ථික අර්බුදය නොව දේශපාලන ප්‍රශ්ණ නම් මහජනතාවට කඩිනම් සහන සැලසීම සහ අඛණ්ඩව කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු අගමැති ලෙස පත් නොකළේ මන්දැයි මන්ත්‍රීවරුන් ප්‍රශ්න කර තිබේ.

අරමුදල් ලබා ගැනීම සඳහා ගෝලීය ආයතන සමඟ සාකච්ඡා කරන බැවින් වික්‍රමසිංහට මුදල් කළඹ ලබා දී ඇති නමුත් මුදල් අමාත්‍යාංශයේ කටයුතු සහ මහ බැංකුවේ කටයුතු ද තමා සමීපව නිරීක්ෂණය කරන බව ගෝඨාභය ඔවුන්ට පෙරළා පිළිතුරු තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව ප්‍රධානියා ලෙස ආචාර්ය කුමාරස්වාමි මහතා පත් කරන ලෙස වික්‍රමසිංහ  දැඩි උත්සාහයක නිරත වීම හේතුවෙන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර මතභේදයක් ද මතුව ඇති බව ජ්‍යෙෂ්ඨ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත්, සති අන්තයේ ජනාධිපති රාජපක්ෂ සහ වෛද්‍ය නන්දලාල් අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව, මහ බැංකුව විසින් විසඳා ගැනීමට ගත් කෙටි කාලීන පියවර පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා ඉක්මන් පියවර ගැනීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානියාට තම දැඩි සහයෝගය ලබා දෙන බවට ජනාධිපති සහතික වී තබේ. ශ්‍රී ලංකා මහ බැංකුවට කිසිදු බාධාවකින් තොරව ස්වාධීනව කටයුතු කිරීමට ගෝඨාභය උපරිම සහයෝගය ලබා දෙන බවද පවසා තිබේ.

මහ බැකු අධිපති මුදල් අච්චු ගැසීමට විරුද්ධ අතර  වික්‍රමසිංහ රුපියල් ට්‍රිලියනයක් අච්චු ගැසීමට යෝජනා කරයි.

වික්‍රමසිංහගේ අවධාරණය වී ඇතතේ ආර්ථික අර්බුදය එක රැයකින් විසඳිය නොහැකි බවත් එය යහපත් වීමට පෙර තවත් නරක අතට හැරෙන බවත්ය.  එබැවින්  පාර්ලිමේන්තුවට අවශ්‍ය පරිදි 21 වැනි සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ බලතල අඩු කළ යුතු බව වික්‍රමසිංහ කඳවුර දිගටම කියා සිටිති.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සියලු පක්ෂ නායකයින් විසින් සම්මත කර ගැනීමට   වික්‍රමසිංහ බලපෑම් කරමින් සිටින්නේ බැසිල් රාජපක්ෂගේ සහ ඔහුගේ කඳවුරේ විරෝධය  යටපත් කිරීමටය.

වික්‍රමසිංහ ජනාධිපති සමඟ සාකච්ඡා කර ආර්ථික තීරණවලට සම්පූර්ණයෙන් මැදිහත් නොවන ලෙස ඉල්ලාසිට තිබේ. නමුත් ගෝටා ඊට එකඟ වී නැත.  21 වැනි සංශෝධනය පිළිබඳව ජුදාස් රනිල් කියා සිට ඇත්තේ නව සංශෝධනය සම්මත නොකළහොත් ඉල්ලා අස්වීමට ඉඩ ඇති බවය.

එසේ නමුත් ඉදිරිපත් කර ඇති 21 වන සංසෝධනය ප්‍රෝඩාවක් බව සජබ, දෙමළ සන්ධානය සහ ජවිපෙ කියා සිටී.

“පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට බහුතරය තිබුණත් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු අතපසු කළා කියලා චෝදනාවක් තියෙනවා. හැම දෙයක්ම ක්‍රමානුකූලව පාලනය කළේ කැබිනට් ඇමැතිවරුන් විසින්,” යැයි වික්‍රමසිංහ පවසා ඇත්තේ, විරුද්ධතා නොතකා දැන් 21 වැනි සංශෝධනය සම්මත කර ගැනීම තමාගේ අරමුණ බව පෙන්වීමටය.

ඔහුගේ දේශපාලන ගැලවීම සදහා එය අවශ්‍යය.

කෙසේ වෙතත්, වික්‍රමසිංහ ගෙන එන ලද්දේ   ආර්ථික අර්බුදය විසඳා සහන සැලසීමට බැවින් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහය නොදක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට දන්වා ඇත.

අලුත් ක්‍රමයක් ගැන කතා කළ යුත්තේ ආර්ථික අර්බූදය   නිරාකරණය කළ පසුව බව පොදු ජන පෙරමුණ කියයි.

ඊයේ ටිවිටර් පණිවඩයක් මගින් නාමල් රාජපක්ෂ කියා සිටියේ ද දේශපාලන ප්‍රතිසංස්කරණ ගෙන ආ යුත්තේ ආර්ථික අරුබූදය විසදීමෙන් පසුව බවයි.

මෙම තත්වය යටතේ බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසන බව වික්‍රමසිංහ වාදී ඩේලි මිරර් පුවත්පත සඳහන් කරයි.

(ඩේලි මිරර් ලිපියක කරුණද ඇසුරිණි)

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි