SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යනු බලය ඇතිදා ඉහලින්ම පිලිගන්නා බලය නැතිදා පයින් ගසා එලවන පන්නයේ දේශපාලන කුහකකම ඉහවහා ගිය ආයතනයකි.

පාඩු ලබමින්, ජනතා බදු මුදලින් වැටුප් ගෙවමින් වසර ගණනාවක් පුරා රජය විසින් නඩත්තු කෙරෙන කටුගෙයක් වන්වූ, පුරා වුර්තයක අගය පමණක් හිමිව ඇති මෙම ආයතනය මේසා විසාල ලෙසවූ විනාශයට වගකිවයුතුව ඇත්තේ රාජ්‍ය මාධ්‍ය දේශපාලනය තුළ මෙහි අධිකාරීත්වන් පත්කිරීමත්, පඳුරක් ගානේ බිහිව ඇති වෘත්තීය සමිති නැමති දේශපාලන බළල් අතවලුත් නිසාවෙනි. මෙහි බහුතරයක් කාර්ය මණ්ඩලයත් එදා මෙදා තුර කරමින් සිටින්නේ ආයතනය ඉහලට ඔසවාලිය හැකි මාධ්‍ය භාවිතාවන් සඳහා මැදිහත්වීමකට වඩා උසස්වීම් සහ පත්වීම් ලබාගැනීමට වෙර දැරීම පමණකි. මේ නිසා ගුවන් විදුලිය යනු රජයට අනවශ්‍ය බරක් විනා කිසිදු ලෙසකින් සමාජ ප්‍රගමනයට ඉවහල් වන සාධකයක් නොවේ. ඒ අනුව සෑම බලය ගිලිහී යන අවස්ථාවකම ගුවන් විදුලියේ සිදුවන ක්‍රියාවලියේ මේ තවත් එක් පුවතක් පමණි.

ශ්‍රී ලංකා මිරර් ඉදිරිපත් කර ඇති මෙම පුවත එවන් දේශපාලන පත්කිරීමක ප්‍රහසනයක් පිළිබඳවයි.

 චන්ද්ර1

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි චන්ද්‍රපාල ලියනගේ මහතා වැටුප් වර්ධක දහයකින් සිය වැටුප වැඩි කර ගැනීමේ චෝදනාව පිළිබඳව ජාතික විගණන කාර්යාලය සිදු කළ විශේෂ විමර්ශන හා වෝහාරික විගණන පරීක්ෂණ වාර්තාව නිකුත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා කියා සිටියේ අදාළ වාර්තාව ලැබී ඇති බවත්, එහි කරුණු කිසිවක් හෙළික කළ නොහැකි බවත්ය.

මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට අදාළ වාර්තාව තමා විසින් ඉදිරිපත් කරණ බවද සමරසිංහ මහතා කීය.

චන්ද්රපාල3

කෙසේවුවද, ශ්‍රී ලංකා මිරර් වෙත ලැබී ඇති තොරතුරු අනුව නිසි ක්‍රමවේදයකින් තොරව වැටුප් වර්ධක දහයක් ලබාගෙන ඇති බව එම වාර්තාව මගින් තහවුරු කර ඇති බව පැවසේ.

අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත්වන අවස්ථාවේ රුපියල් 93,020/- ක මූලික වැටුපක් ඔහුට නියම කර ඇත.

පසුව ඔහු එකවර වැටුප් වර්ධක දහයක් ලබා ගනිමින් සිය මූලික වැටුප රුපියල් 120,020/- දක්වා වැඩි කරගෙන ඇත.

මෙසේ සිය මූලික වැටුප ඉහළ දමා ගෙන ඔහු හිඟ වැටුප් ලෙස රුපියල් 414,900/-ක් ලබාගෙන ඇති බව විගණන පරීක්ෂණ වාර්තාව මගින් හෙළිකර ඇති බව වාර්තා වේ.

චන්ද්රපාල2

මේ සම්බන්ධයෙන් සංස්ථාවේ සභාපතිවරයා වෙත වාර්තාව යවමින් ඊට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව දින 14ක් ඇතුළත ජාතික විගණන කාර්යාලය ට දැනුම් දෙන ලෙස දන්වා යවා ඇති බවද අප වෙත වාර්තා වේ.

අදාළ වාර්තාවේ පිටපතක් අවශ්‍ය කටයුතු සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙ ලේකම්වරයා වෙත ද යොමු කොට ඇතැයි වාර්තා වේ.

මේ අතර, පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකතුව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා මුණ ගැසී ඇති බව වාර්තා වේ.

චන්ද්රපාල4

පුවත් අනුග්‍රහය @srilankamirror.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි