SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන බලවේගය පක්ෂයේ  නියෝජ්‍ය නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලිී චම්පික රණවක පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට, මේ සම්බන්ධයෙන් තීරණාත්මක  සාකච්ඡාවට කිහිපයක් අද පැවත් වෙමින් තිබෙනවා.

මෙම සාකච්ඡා සඳහා සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මූලිකත්වය ගෙන ඇති බවත් සඳහන්.

සමගි ජනබලවේගය පක්ෂයේ ආරම්භක අවස්ථාවේ එහි නියෝජ්‍ය නායක ධූරය චම්පික රණවක වෙත ලැබෙණු ඇති බවට හාහොවක් පැවතියා. එහිදී චම්පික රණවක මන්ත්‍රීවරයා හෙළ උරුමය පක්ෂයේ නායකත්වයෙන් ඉවත්ව සමගි ජනබලවේගය පක්ෂයේ සාමාජිකත්වය පවා ලබාගත්තා.

නමුත් සජබ ව්‍යවස්ථාව එළිදක්වන අවස්ථාවේ හෝ පළමු සමුළුව අවස්ථාවේ එවැන්නක් සිදුවුණේ නෑ.

කෙසේ වුවත් මෙවර නියෝජ්‍ය නායක ධූරය අලුතින් ඇතිකර, ඊට චම්පික රණවක මන්ත්‍රීවරයා ඊට පත් කිරීම සජබ තීරණය කර තිබෙනවා.

වාර්තා වන ආකාරයට මේ තීරණය ගෙන තිබෙන්නේ, සජබ මන්ත්‍රීවරුන් වූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහය දක්වා ආණ්ඩුවේ අමාත්‍ය ධූර භාර ගැනීම නිසා ඇතිවූ රික්තය පිරවීම සඳහා යි.

එමෙන්ම හරින් හා මනුෂ අනුගමනය කරමින් ආණ්ඩුව එක් විමට නියමිත   සජබේ අනිකුත් මන්ත්‍රීවරුන් ට මානසික ප්‍රහාරයක් එල්ල කිරීම ද මෙහි අරමුණවී ඇති බව සඳහන්.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් චම්පික රණවක පාර්ශ්වයෙන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔවුන් සඳහන් කර සිටියේ, නියෝජ්‍ය නායක ධූරය වෙනුවෙන් ආරාධනයක් ලැබෙනු ඇති බවට රාවයක් ඇති නමුත් මෙතෙක් නිල දැනුම්දීමක් සිදුකර නොමැති බවයි. 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි