SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වර්තමානය වන විට ලංකාව බංකොලොත් රටක් ලෙස ඉන්දියන් සාගරය තුල ඔටුනු පලදා හමාරයි.

 කිසිදු ආර්ථික දැක්මක් නොමැති රාජපක්ෂ නඩයට, රට බේරා ගැනීමේ පරම සුවිසුද්ධ චේතනාවෙන් කියාගෙන රටේ බහුතරයක් ජනතාව අහුවුණා.

2019 මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ, රට ඉදිරියට ගෙන යෑමේ වැඩ පිළිවෙලක් රාජපක්ෂ නඩයට නැති බව පෙනි පෙනී තිබුණේ. ඒත් පාස්කු ප්‍රහාරය හරහා ජනතාව තුළ මානසිල බියක් ඇතිකරලා , ජනතාව අදූරදර්ශී ජන්ද භාවිතාවක් වෙත දක්කනු ලැබුවා.  ඒ දිලිත් ජයවීර ප්‍රමුඛ ව්‍යාපාරික නඩය . වියත්මගත් ඒ මෙහෙයුමේ කොටස්කාරයින්.

 

 ඒ සදහා ලංකාවේ සිවුරු රදවන මෙන්ම, ලංකාවේ කතෝලික කබාත්,  ජඩ මාධ්‍ය ආයතනත් සුවිසාල කාර්යබාරයක් කළා.

සැලසුම් කළාටත් වඩා වැඩි බලයකින් පත්වුනු රාජපක්ෂ නඩය , මුලින්ම සිදුකලේ තමාට බලය සඳහා ඉණිමං තැනු යම් පමණකින් හරි ප්‍රගතිශීලීව හිතපු කොටස්, පයින් ගසා පන්නා  දැමීම.

ඊට පස්සේ  වියත්මග දෙසට හැරුනු රාජපක්ෂලා,  වියත් මගෙන් තමාට ගැලපෙන දූෂිතයන් හා මංකොල්ල කරුවන් පමණක් තියා ගෙන, වියතුන් මහමගට ඇද දැමීමට කටයුතුකළා.

 විගණනය කළ නොහැකි ආකාරයේ අණපනත් හරහා, ජනතා ධනය හිතුමනාපයේ කොල්ල කා ගැනීම සදහා, ඉඩකඩ සකසාගත් රාජපක්ෂලා,  අනතුරුව BR ට  පාර්ලිමේන්තුවේ දොර විවෘත කළා.

අද කිඹුල් කදුලු හෙලමින් ජනතාවගේ පැත්තේ සිටගෙන  ඉන්න , දේශප්‍රේමින් කියා ගන්න බොහෝ දේශපාලුවන් මේ සියල්ල දැන දැනත්, රාජපක්ෂලාට වුවමනා විදියට කටයුතු කළා.

මේ සියල්ල අඩුවැඩි වශයෙන් ඔබ දන්නා කතා. ඒත්,  මේ කතාව පාර්ලිමේන්තුවට ආපු BR කරපු,   ඔබ නොදන්නා කතාවක් !

බළලා මල්ලෙන් නිතරම එළියට පැනීම, රටේ භාග්‍යයට සිදුවන්නක් නේද  කියලත් වෙලාවකට හිතෙනවා.

රාජපක්ෂලාගේ අසීමාන්තික බලලෝභය නිසාවෙන්, ජනතාවටත් රටටත් ඔවුන් හරහා සිදුවන හා, සිදුවන්නට නියමිත බොහෝ පාහරකම්, දෛවයේ සරදමක් ලෙස කාටත් කලින් වැටපනිනවා.

ඒත් වැඩේ කියන්නේ , ඒ දේවල් එහෙම වෙලත්,  ලාංකාවේ  මිනිස්සු  රාජපක්ෂලාගේ උගුලේම හිරවෙනවා.

 මේ වන විට අපේ රටේ මිනිස්සු  මුනදිලා ඉන්න, ඖෂධ ,තෙල් , ගෑස් , කිරිපිටි ප්‍රශ්න වගේම දිනෙන් දින ඉහල යන අධිඋද්ධමනයට හේතුව රටෙහි ඩොලර් හිගකම බව මහබැංකු අධිපතිතුමා විසින් පහුගිය දවස් ටිකේම අවස්ථා කීපයකදීම අවධාරණය කර තිබුනා.

මහබැංකු අධිපතිවරයා ඊයේ පෙරේදා තිබ්බ මාධ්‍ය සාකච්ජාවේදීත් පුන පුනා කියන්නේ, විදෙස් ගත ලාංකිකයන් උණ්ඩියල් හරහා මුදල් එවීම මේ තත්වය තවත් උග්‍රකරල කියල.

2019 දී රට බේරා ගන්න කියලා ගෝඨාට ගෙඩි පිටින් මනාපය දුන්න විදෙස්ගත බොහෝ ශ්‍රී ලාංකිකයෝ , රාජපක්ෂලාගේ අන්දන භාෂාවෙන් කියනවා නම් රට විරුවෝ,  දැන් බැංකු පද්ධතිය හරහා මුදල් නොඑවන බව කියමින් උණ්ඩියල් හරහා මුදල් එවමින් ඉන්නවා.

 පුලුවන්නම් නතර කරපල්ලා අපි එවන්නේ උණ්ඩියල් හරහා. විදේශගත රාජපක්ෂ විරෝධීන්ගේ දැඩි මතයත් ඒක .  අගමැතිකමෙන් පන්නපු මහින්දට චොපර් එකෙන් යන්න එන්න අපි බැංකුවට ඩොලස් එවන්නේ මොකද ? කියල ශෝෂල් මිඩියා එකේ දිගට හරහට පොස්ට් ශෙයා වෙනවා.

මහින්දට රටවටේ හෙලිකොප්ටරෙන් යන්න, රටට ඩොලර් එවන්න වැනි මනස අවුල් කරනා කැම්පේන්, සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමත් , BR ගේම වැඩක් වෙන්නැති කියලයි සමහරු කියන්නේ.. ඒ කතාවල ඇත්තකුත් තියෙන්න පුළුවන්..

මතකද ? උණ්ඩියල් හරහා මුදල් ලංකාවට එවන්න කියලා  මුලින්ම ජනතාවට කිව්වේ BR . දැන් හුඟදෙනෙකුට එක අමතක වෙලා.

 

රාජපක්ෂලා එලවීම සදහා උණ්ඩියල් හරහා මුදල් එවීමේ යෝජනාව  ඊට පස්සේ වැඩියෙන්  උස්සගෙන ගියේ,  ජනගත කලේ, ජවිපේ. ජවිපේ සුනිල් හදුන්නෙත්ති ඒ සදහා ලොකු වැඩක් කලා. ජවිපේ ඒක  හදන්නේ මොනවා හරි කරලා, එයාලගේ හීන  සැබෑ කරගන්න ..රට බංකොලොත් කරලා  හරි තමන්ගේ අරමුණට යන්න තමයි  JVP එක හදන්නේ..

රාජපක්ෂ විරෝධය වෙනුවෙන් දෙන ඕනෑම ටොපියක් කරේ තියාගෙන  යෑම මේ මොහොතේ රාජපක්ෂ විරෝධී කණ්ඩායම්වල ස්වභාවයය, BRට ඒගැන හොඳ ඉවක් තියනවා.

රට ගොඩ නගන ආර්ථික ප්‍රතිපත්තියක් ඔහුට නැතත් සූක්ෂමව තම මඩිය තරකර ගැනීමට BR තරම් දක්ෂයෙක් ලංකාවේ තවත් නැතුව ඇති..

උණ්ඩියල් හරහා මුදල් එවැන්නැයි මෙතෙක් ලංකාවේ හිටපු කිසිම මුදල් ඇමති කෙනෙක් කියල නෑ ..ඒත්, මුදල් ඇමති විදියට BR තමයි පළමු වතාවට එහෙම කතාවක් කියුවේ. ඒ  ඇයි කියලා  නිකමටවත් හිතුවද ? හොයල බැලුව ද?

උණ්ඩියල් කියන්නේ රාජපක්ෂලාගේ තවත් රහස් මුදල් ගරාගැනීමේ ව්‍යාපාරයක් කියල නිකමටවත් හිතුනේ නැද්ද ?

රාජපක්ෂ ආන්ඩුව හත්පොලේ ගාගනිමින් යන වෙලාවක,  BR  පාර්ලිමේන්තුවේදීම උණ්ඩියල් හරහා මුදල් එවන්නැයි ඉල්ලා හිටින්නේ ඇයි ?  ප්‍රසිද්ධියේ පත්තර වලට ප්‍රකාශ දෙන්නේ ඇයි ?

කවදාහරි රාජපක්ෂලා  බලයෙන් පහ කලත්  තම විරුද්ධවාදීන්ගෙන් පවා නිදහසේ  මුදල් උපයාගැනීමට වෙන්න බැරිද  ?

 විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට , ලාංකාවේ රාජපක්ෂ විරෝධීන්ට මේ කාරණේ සීරියස් නොවීම  රටේ බරපතළ අවාසනාවක්.

නැත්නම් රාජපක්ෂවරු එලවීම සදහා අප්‍රමාණ වෙහෙසක් ගන්න අරගලකරුවන්ට පවා BR ගේ උන්ඩියල් ගේම් එක අහුවෙච්ච නැති එක  අතකට පුදුමයක්.. 

මහබැංකු අධිපති නන්දලාල් නන් මේවෙනකොට කෙමෙන් කෙමෙන් විදෙස්ගත ලාංකිකයන්ගේ විශ්වාස දිනාගනිමින් ඉන්නේ.

 දැන් BR  කලබලව වෙලා. නියමිත ක්‍රමවේදය හරහා මුදල් පැමිණියහොත් BR ගේ උණ්ඩියල් බිස්නස් එකට තට්ටු වෙන බව  BR දන්නවා. හැබැයි, BR තමාගේ ව්‍යාපාරයට කෙලවා ගැනීමට කැමති වෙන කෙනෙක් නම් නෙමෙයි.. කබ්රාල් මහබැංකු ධූරයේ දැන් නෑ .  ඉතින් උණ්ඩියල් වලට කෙලවෙන්න දෙන්න  BR  ගේ සුදානමක් නෑ  .. ඒ වැඩේට විපක්ෂයේ  උදවිය පවා ගැට ගහ ගන්න තමයි බලන්නේ.

මොනවා වුණත් අපේ මිනිස්සු සිංගප්පූරු සිහින වලටත් ආසයි . ඒ නිසා සිංගප්පූරු උදාහරණයක් දෙන්න හිතුනා.

සිංගප්පූරු වරාය විවෘත කරන වෙලාවේ  මාධ්‍ය වේදියෙක් ලීක්වාන්යූ ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. සිංගප්පූරු වරාය වෙනුවෙන් ඔබ ස්තුති කරන්නේ කාටද කියලා . එහිදී  ලික්වාන්යු  කිව්වේ, තමන්   ලංකාවේ වාමාංශික ව්‍යාපාරයට ස්තුති කරනා බව කියල තිබුනා ..

එහෙම කියන්නේ ඇයි කියල මාධ්‍යවේදියා ලීක්වාන්යූ ගෙන් ආයෙත්  ප්‍රශ්න කරනවා.

එහිදී ලික්වාන්යූ කියුවේ තමන් ලංකාවේ සංචාරය කොට  ලංකාවේ වරායේ තිබිච්ච උද්ගෝෂණ දැක්ක කියලා.

ඒක අවස්තාවක් කරගනිමින් තමා තමාගේ වරාය සකසා වැඩි සේවාවක් ලබාදීම තුලින් සිංගප්පූරුවරාය සාර්ථකත්වයට පත්කලා කියලා .

ඒ කතාවෙන් කියන්න අපි වැඩවර්ජනවලට විරුද්ධයි කියල නෙමෙයි. ඒත් අපි කියන්නේ , අපේ වර්ජනයන් , විරෝධයන් වෙන අයගේ වාසියට හේතුවන විදිහට කරන්න නරකයි කියලා . මොකද ඒවායේ  අනිටු ප්‍රතිපලද හිමිවන්නේ අපටම නිසා..

  ලංකාව දවසින් දවස බංකොලොත් වීම නිසාවෙන් යාබද විදෙස් රටවල්  අපිට සිගමන් දෙමින් ඉන්නවා. අපේ මැති ඇමති නූගතුන් ටයි කෝට් දමාගෙන ඒ සිගමන් මහත් උජාරුවෙන් ගෙන ෆොටෝ වලත් පෙනී ඉන්නවා. බංකොලොත් චැනල් ඒවා ප්‍රධාන නිවුස් එක බවට පත් කරගෙන උදම් අනනවා. ඔන්න අපේ දේශප්‍රේමයට ගිය කල...

ඔය අස්සේ දිනෙන් දින උණ්ඩියල් හරහා සල්ලි ගන්නා විදෙස්ගත මිනිසුන්ගේ පවුල්වල සාමාජිකයන් පවා ජීවිතය හා මරණය අතර සටනකට මැදිවෙමින් ඉන්නවා.

දිනෙන් දින රෝහල් වල බෙහෙත් හිග කමින් මැරෙන ප්‍රමාණය වැඩිවෙමින් තියනවා.

 එහෙත් විදෙස්ගත ලාංකිකයන් රාජපක්ෂලා එලවීමට රාජපක්ෂලාටම උණ්ඩියල් හරහා ගෙවමින් ඉන්නවා.

BR ගේ ආශිර්වාදය ලැබූ ඔහුගේ ගෝල බාලයෝ උණ්ඩියල් ජාවාරම, ගජරාමෙට කරගෙන යන්නේ එහි කොමිස් කුට්ටි BR ට දෙන ගමන් ලු.. .

ඉතින් රාජපක්ෂලා යාවිද..? BR ඒ සල්ලිත් අරගෙන පිටිපස්සෙනුත් හිනාවෙවී ඇති..

@LEADER TV

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි