SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වත්මන් පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ කළු වවුලෙකුට බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න (කවිරත්න) පවසයි.

ඇය පාර්ලිමේන්තුවේ දී අද (19) එබව කියා සිටියේ, ප්‍රකට සාහිත්‍යකරුවකුව සිටි ඩීමන් ආනන්දගේ 'කළු වවුලා' කෘතිය සිහිකරමිනි. මේ කළු කුරුල්ලාගෙන් බේරෙන්නැයි මන්ත්‍රීවරිය අගමැතිවරයා ගෙන් ඉල්ලා සිටියාය.

තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මෙසේ පැවසුවාය.


''සන් ට්සු  යුධ කලාව පොතේ කියනවා, “වරක් විනාශ වූ රාජ්‍යයක් නැවත කිසි දිනෙක බිහිවිය නොහැක. මළවුන්ව නැවත නැඟිටුවන්නවත් බැහැ’’ කියලා

යුද්ධයක් පෙන්නලා, මේ රටම විකුනන් පටන් අරගෙන දැන් වසර 13 යි.

74 වසරක් තිබ්බ රාජ්‍යය බංකොලොත්. විනාශවෙලා ඉවරයි.

හෙට අලුත් ලෝකයක් බිහිවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.  

අපේ රට දැන් නිල වශයෙන් බංකොලොත් රාජ්‍යයක්. කන්න නැති, ඉන්ධන නැති, ගෑස්, ඖෂධ නැතිව රෝගීන් මිය යන විසාලා මහනුවරක්.

හෙට අනිද්දා ඕ ලේවල් විභාගයට යන දරුවන්ට විභාගයට යන්න පුළුවන් ද කියන විශ්වාස නෑ. පාඩකම් කරන්න බෑ.වාහන නෑ. පාන් ගෙඩිය රු. 30 කින් වැඩි වෙලා තියෙනවා.

එහෙම තියෙද්දිත් මේ රට කෝලම් මඩුවක් වෙලා තියෙනවා.

ගෝල්ෆේස් ජන අරගලයට අදට දින 41 යි.  ගොල්ෆේස්, මහනුවර, ගාල්ල ගෝටාගේගම අරගලය ඉදිරියට යනවා.

ගොල්ෆේස්, මහනුවර, ගාල්ල ගෝටාගෝගම් දෙකට ගහලා අදට දවස් 10 යි. තවම යුක්තිය ඉටු නොවිච්ච රටක් මේක.

සන් ට්සු  යුධ කලාවේ කිව්වා වගේ, ‘අපේ අරගලකරුවන් ගෝඨාභය රාජපක්ෂ, රාජපක්ෂ පවුල හා ඔවුන් ගේ හෙන්චයියන් ඔවුන්ගේ හතුරන් ලෙස නිවැරදිව හඳුනාගෙන තිබෙනවා.  කනගාටුව මේ රටේ පක්ෂ නායකයෝ මේක හදුනාගෙන නෑ. සැබෑ අරුත හදුනාගෙන නෑ. පකෂ නායකයෝ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න වෙනවා. මේ අය තමයි ජනතාවගේ හතුරෝ.


හතුරා නිවැරදිව දන්නා නිසා, මේ අරගලකරුවන් ගොල්ෆේස්, මහනුවර, ගාල්ලේ අරගල විතරක් නෙවෙයි, සටන් 100 ක් ගෙනියයි.  

කතානායකතුමනි,

වතුරෙන් වටවෙච්ච මේ සුන්දර මන්දිරේ ගැනත් කියන්න ඕනි. ඔබතුමා, පාර්ලිමේන්තු පුස්තකාලයට ගිහින් ‘ආකින්සන් මේ’ ගේ පොත අරගෙන ආපහු කියවන්න
ඒක වටිනවා.

ආකින්සන් මේ නෙවෙයි, කේ.බී.රත්නායක, බාකීර් මාකර්, වි.ජ.මු., අනුර බණ්ඩාරනායක ලා දන්නවා නම් සොහොනෙන් නැගිටලා දියවන්නාවට පනිනවා. මොකද, දවස් දෙකේ, නියෝජ්‍ය කතානායක ඡන්ද නාඩගමට පැය 7 ½ ක් වැය වුණා. මගේ පරාජිතයාගේ කතාවට කතානායකතුමා අවස්ථා 6 ක දී බාධා කලා.
මේවා හරි විහිළු!

මේක නෙවෙයි අද තියෙන ප්‍රශ්නය, මට ප්‍රශ්නයක් තියෙනවා, ජේ.ආර්.ජයවර්ධන එක්කත් හැප්පිච්ච කෙනෙක් තමයි අද කතානායක වෙලා ඉන්නේ, ඒයාට මොනාද වෙලා තියෙන්නේ කියලා.

අතීතයේ තැම්පත් ධනයේ පොලියෙන් දේශපාලනය කරන්න බෑ. අතීතයේ තැම්පත් ධනයේ පොලියෙන් ජීවත්වෙන්න බෑ.

අර්ථසාධක අරමුදල බැංකුවේ දමලා පොලියෙන් ජීවත්වෙන කාටවත් අද වේල් දෙකක් කන්න බෑ.

විශ්‍රාම පාරිතෝෂිකය බැංකුවේ දාලා ගන්න පොලියෙන් දැන් දවසට කිරි තේ එකක් බොන්න බෑ.

එහෙම අවස්ථාවක දී තමයි නියෝජ්‍ය කතානායතුමනි,

අතුකෝරල මන්ත්‍රීතුමා මගේ අල්ලපු ආසනයේ, පොලොන්නරුවේ අහිංසක මනුස්සයෙක්. හිත හොඳ මිනිහෙක්.

අපි කතානායකතුමාගේ කාමරයට ගිහින් කිව්වා, මේ රට ලේ විලක් වෙනකල් ද බලාගෙන ඉන්නේ, පාර්ලිමේන්තුව වටේ ඉන්න තරුණයින්ට ගහන්න එපා කියලා
අදත් මේ මොහොතේ පාර්ලිමේන්තුව වට කරලා තියෙන වෙළාවක මම මේ කතා කරන්නේ.

මේ රට ලේ විලක් වෙනකල් ද බලාගෙන ඉන්නේ කියලා අපි එදත් ඇහුවා. එදා අපිට වෙන කියන්න කෙනෙක් හිටියේ නෑ. පාර්ලිමේන්තු වටේ ඉන්න තරුණයින්ට ගහන්න එපා කියලා, කතානායක කාමරේ හැංගිලා ඉන්න කතානායකට අපි කිව්වා.

යුක්තිය ඉටු නොවන බව තරුණයෝ දැක්කා.

අරලියගහ මන්දිරයේ වෙච්ච දේ අපි දැක්කා.  

එයට ඔබතුමාගේ ක්‍රියාකලාපය උක්තේජනයක් වුණා.

ඔබ ඒදා ක්‍රියාත්මක වුනා නම්, අතුකෝරල මන්ත්‍රීතුමා ඝාතනය නොවන්න තිබුණා.

මැයි 9 වෙනිදා, ගොල්ෆේස් සාමකාමී අරගලයේ දී මැරයින්ගේ ප්‍රහාරයෙන් ධෛර්යවන්ත, අරමුණක් සහිත, තරුණ තරුණියෝ මම ගෞරවයෙන් මතක් කරනවා

ඒ අතර,

ඉඳුනිල් බණ්ඩාරට මාරාන්තික තුවාලයි.
ශාලික අනුරංග  අසාධ්‍ය මට්ටමේ ඉන්නේ
M.K.C.P. චාමර
විශ්ව දේවින්ද
නීලනුවන් මුණසිංහ
ශනිශ් ශ්‍රීමල්
දිලංක මධුරංග
අමන්දු මල්ලිකාරත්න මෙනවිය
ප්‍රියදර්ශන් නිලුක්ෂනා
කසුන් චාමිකර
චන්දි ගමගේ
පියුනි සකුනිකා
ඉසුරු රුෂාන් කපුදූව
සකුන් ඩී සිල්වා
සහජ මදුශංක
එස්.ඒන්.සංජය
විශ්වජිත් දරුවෝ තුවාල ලැබුවා.

මේ තරුණයින්ටත් මම ඒකක් කියන්න ඕන.  ඔබගේ අරගලය ගෙනියන්න. මේ රට යහපත් තැනකට ගේන්න. හැබැයි මේ අරගලයේ නාමයෙන් බොර දියේ මාළු බාන අවස්ථාවදීන්ගේ අතකොළුවක් වෙන්න එපා.


අද ඔවුන් ලේ පෙරාගෙන වැටුණා.  හිස් කබල් කුඩු කලා. කකුල් කැඩුවා. අත් කැඩුවා. හතර දෙනෙකුට නිව්මෝනියාව හැදෙන්න ගැහුවා. හය දෙනෙකුට ස්නායු ආබාධ තියෙනවා.

මේ තරුණ තරුණියෝ බහුතරය උපාධිධාරීන්. පශ්චාත් උපාධිධාරීන්.

ඒ වගේම මේ වෙනකොට, රඹුක්කන වෙඩි වැදිච්ච තරුණයාට අමතරව තව දහ දෙනෙකුට වෙඩි වැදිලා තියෙනවා.

අද මේ රටේ උනේ හොඳක් නෙවෙයි.

ගෝල්ෆේස් බිමට පහර දුන් හැටි, රාජකාරිය පැහැර හැරපු හැටි ඊයේ ගරු රමේෂ් පතිරණ කිව්වා වැඩේ කළේ කවුද කියලා.  

මිරිහානේ බස් ගිණිතබ්බේ, අන්තරයට ගැහුවේ, ගෝල්ෆෙස් ඔළු පැලුවේ අරාබි වසන්ත.

ශාන්ත තෝමස් විද්‍යාලයේ පියතුමාට ගැහුවේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති

දරුවන්ට ගැහුවේ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් එක්ක ආපු මැරයෝ.

මතක තියාගන්න, මේ එක්කෙනෙක් තවම අල්ලලා නෑ.

අඩුම ගානේ විනය පරීක්ෂණයක්වත් තියලා නෑ.  

මොකද අපි දන්නේ නෑ, රාජපක්ෂවරු මාර්ග අමාත්‍යාංශ ලේකම් ට බයයි ද ? , නැත්තම් ආදරේ ද කියලා.  මොකද, කිරිපිටි, පොහොර, හාල්, සීනි පාන් ටික ඉහළ යනකොටත් තාර ගෙනල්ල දෙන තරමට ආදරේ යි.

පොලීසිය දැන් ගෝල්ෆේස් අරගලකරුවෝ දඩයම පටන් අරගෙන තියෙනවා.

මැරයෝ පහර දෙන්න එනකොට ගෝල්ෆේස් එන්න කියලා පෝස්ට් දාපු අය දඩයම් කරනවා.

ප්‍රසිද්ධ නිළියක් ‘ගිණිතියපියව් මුළු රටම - ඒක තමයි වෙන්නේ අපි එක ගල් කැටයක් වත් ගන්නේ නෑ. කියලා විඩියෝවක් දැම්මා. අපි එක ගල් කැටයක්වත් ගන්නේ නෑ කිව්ව කොටස ඒයාව අත්අඩංගුවට ගන්න හදනවා

නියෝජ්‍ය කතානායකතුමනි,

ඩීමන් ආනන්ද ගේ කතාවල ඉන්නවා කළු වවුලෙක්
 මන්දිරයක ඉන්න, රෑට එළියට එන,  
පියඹලා යන ලේ බොන ‘වවුලෙක්’
අද මේ පාර්ලිමේන්තුව පාලනය කරන්නේ, ඒ කළු වවුලා
අර මං කිව්ව කළු කුරුල්ලා

දවල්ට ඉන්න කපුටාට වඩා, රෑට මන්දිරේන් එළිය එන මේ
කළු වවුලා භයානකයි
ලේ උරාබෙනවා. හප කරනවා.
අද මේ රටත් ඒ තැනට පත් වෙලා තියෙනවා.

 මේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ මේ කළු වවුලටද කියන එක මේ කරන සමහර වැඩ වලින් හිතෙනවා.


අවසාන වශයෙන් අගමැති තුමාට කියනවා මේ කළු කුරුල්ලාගෙන් බේරෙන්න කියලා. මොකද එතුමා අද, හුණුවටයේ ගෲෂා ගේ චරිතය රඟපානවා කිව්වා. හැබැයි දරුවාගේ හැබෑ අම්මා වෙච්ච නතාලියාට වඩා, ගෲෂා දරුවාට ආදරේ බව දන්නවා.

අසඩක්, ඔබට හොඳ තීන්දුවක් ලබාදේවි.

ඒ නිසා මම පක්ෂ නායකයින්ගෙන් ඉල්ලනවා, අද මේ රටේ සැබෑ ප්‍රශ්ණය තේරුම් ගන්න, පටු අවස්ථාවාදී න්‍යායපත්‍රවල ඉන්නේ නැතුව ඒකතුවෙලා මේ ගිණි ගොඩ නිවන්න සහයෝගය දක්වන්න කියලා කියනවා. ඒකතුවෙලා තීරණයක් ගන්න කියලා මම ඉල්ලනවා. '' 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි