SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල්ගෝගම කිව්වට වැඩක් නෑ. මම ඉපදුනේ කොළඹ. මට යන්න ගමක් නෑ.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමත් සමග බීබීසී සිංහල සේවය සමග කරන ලද පළමු සාකච්ඡාව පහත වේ.

''මගේ ක්‍රමය මුදල් අච්චු ගහන එක නෙමේ. දැනට කරන්න සිදු වෙනවා. නැතිනම් රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්න බැරි වෙනවා.''

නැවතත් රාජපක්ෂ කෙනෙක්ට බලය නෙවෙයි මන්ත්‍රී කෙනෙක්වත් වෙන්න පුළුවන්ද?

ගෝඨව ජනාධිපති කළේ ලංකාවේ ජනමාධ්‍යය.

රාජපක්ෂලව බලයට ගෙනාවෙත් අපි නෙවෙයි රටේ මාධ්‍යය විසින්.

අපිට කරන්න දෙයක් නැහැ. මට චෝදනා කලාට වැඩක් නෑ.

 රනිල්ගේ අසාර්ථකත්වයට හේතුව

එජාප නායක රනිල් වික්‍රමසිංහ වර්තමාන ලංකාවේ අග්‍රාමාත්‍යවරයාය. 69 ලක්ෂයේ ජනවරමෙන් මෙන්ම ගෝඨා ගෝ ගම නිර්පාක්ෂික යැයි කියාගත් අරගලයෙන් ඵල නෙලාගත් දේශපාලකයා ලෙස රනිල් වික්‍රමසිංහව හඳුන්වා දෙමින් යන්නේ එවන් මොහොතකය. වඩා වැදගත් කාරණය වන්නේ මේ මොහොතේ රනිල්ගේ භූමිකාව කුමක්ද? ඒ භූමිකාව රනිල්ගේ ප්‍රතිපත්ති මත පිහිටා කිරීමෙන් අර්බූධය ජයගත හැකිද යන්නය.

ලංකාවේ වර්තමාන අර්බූධයට වගකිව යුත්තේ 74 වසරක් රට පාලනය කළ දේශපාලනඥයින් යැයි ජන මතයක් ගොඩනැගී ඇත. ඒ 74 වසරට රනිල් වික්‍රමසිංහ මෙන්ම රනිල්ගේ මාමා වූ ජේ ආර් ජයවර්ධනද ඇතුලත්ය. එසේම රනිල්ගේ දේශපාලන පක්ෂය වූ එක්සත් ජාත්ක පක්ෂයද ඒ 74 වසර තුළ වැඩිම කාලයක් පාලන බලය හෝ ප්‍රධාන විපක්ෂයේ  භූමිකාව දරා ඇත. එසේනම් මේ සිදුවන්නෙ කුමක්ද?

අභිනවයෙන් අග්‍රාමාත්‍ය තනතුරට පත් රනිල් වික්‍රමසිංහට කරන්නට ඉතිරි වී ඇත්තේ කුමක්ද? ඔහුගේ නව ලිබරල් ආර්ථික ක්‍රමය තුළ පවත්වාගෙන යෑමට සිදුව ඇත්තේ මේ පැවති ක්‍රමයට පරිබාහිර ආර්ථික රටාවක්ද? අරගලකරුවන් ඇතුළු සමස්ත රටවැසියා ඉල්ලා සිටින්නේ තමන්ට මෙතෙක් දිනක් ලැබුනු පරිභෝජනවාදී ආර්ථික ක්‍රමය හෝ පවත්වාගෙන යෑම නොවේද? මේ ආර්ථික ක්‍රමය නිවැරදිද? එසේනම් රට මේ තත්වයට පත්වූයේ රාජපක්ෂලා හොරකම් කිරීම නිසා පමණක් කියා යළිත් වරද්දා ගන්නවාද?

පාලනයකින් තෝරා බේරා ගැනීමකින් තොරව රටට දරාගත නොහැකි ප්‍රමාණයෙන් වාහන සංඛ්‍යාවත් රනිල්ගේ පාලන කාලය තුළ ගෙන්වද්දී මේ සමග මතුවන ඉන්ධන, යටිතල පහසුකම්, අධික ආනයනයන් සහ පාරිසරික තත්ත්වයන් පිළිබඳව කිසිසේත් අවදානය යොමු නොකල කරුණු නොවූයේද? වතුර බෝතලයේ සිට ප්ලාස්ටික් තණකොල දක්වාත් පශ්චාත්භාගය පිසදමන ටිෂූ කඩදාසිය දක්වාත් සිදුකෙරෙන ආනයනයන් තුළින් රටේ ඩොලර් සංචිත පිට කරද්දී රටක් ලෙස අපට තිබුණු ආර්ථික ක්‍රමය කුමක්ද?

අද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට දෙවරක් සිතිය යුතු ආර්ථික ඥානයක් පිහිටන්නේ නම් මේවා ගැන සිතන්න අවකාශයක් උදා වේද? පෙනෙන ආකාරයෙන් නම් රනිල්ද කිසිදා අත්දැකීම්වලින් ඉගෙන ගන්නා පුද්ගලයෙකු නොවේය. මන්ද ඔහු ධූරයට පත්වූ විගස සිදුකළේ තම පක්ෂයේ විනාශයට වගකිව යුතු සාගල රත්නායක, රුවන් විජේවර්ධන, අකිල විරාජ් වැන්නන්ට තීරණාත්මක විෂයයන්හි වගකීම් බාරදීමය. ඉතිං රනිල් ඔබට කියන්නට ඇත්තේ යළිත් සිදුකරන්නේ මෙයම නම් 2015 යහපාලනයෙන් නාපු නෑම ආයෙ වතාවක් නාල මෙදා පාර හොම්බත් නැතිව ගෙදර යන්නට වන වගය.