SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගෝල්ෆේස් පිරිස් බලය යොදා ඉවත්කිරීමට අදහසක් හෝ සැලසුමක් නැතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා දින කිහිපයකට පෙර ප්‍රකාශ කළේ ය.

නව අගමැති රනිල් ව්ක්‍රමසිංහ කීවේද ගෝල්ෆේස් තබාගත යුතු බව ය. මෙම ප්‍රකාශ දෙක නිවැරදිව කියවාගත යුතු වේ.

ගෝල්ෆේස් අරගල බිම දෙ ආකාරයකින් තබාගත හැකි වේ. ගෝල්ෆේස් බිම සංස්කෘතික අවකාශයක්, සංගායනීය බිමක් ලෙස තිබීමෙහි හානියක් නැත්තේ ය යන්න මෙයින් ශවේන්ද්‍ර -රනිල් යුගලය අදහස් කරන බවක් පෙනේ. ගෝල්ෆේස් හි සමහරෙක් ද එවැන්නකට කැමති වන්නෝ ය. ව්‍යාපාරික පිරිස පමණක් නොව බටහිර තානාපති කාර්‍යාල, ඒ සදහා මුදල් පොම්ප කිරීමට ද ඉඩක් නැත්තේ නොවේ.

එහෙත් අපටනම් ගෝල්ෆේස් යනු රාජ්‍ය බලය සමග පොරබදන අවකාශයකි. ඒ අරගලය අනීවාර්‍යයෙන්ම බහුමානීය ය. එමෙන්ම එය එවැන්නක් කරගත හැක්කේ සංගායනීය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් තුළ පමණි. එහෙත් එවන් සංගායනීය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් නිර්මාණය කිරීමට සමාජ-ආර්ථික සාධාරණත්වය අත්‍යන්තයෙන් ඇවසි වේ. නිශ්පාදනයේ සහභාගිත්වය, එහි අයිතිය සහ කළමනාකරණය අතර අද ඉහවහා ගොස් ඇති නොපෑහීම බිදදැමීම එහිලා කළයුතු වේ.

එසේ නොවේනම්, ගෝල්ෆේස් පවතිනු ඇත්තේ ආකාරගත ප්‍රජාතන්ත්‍රවාදයේ තවත් උරපළදනාවක් ලෙස පමණි.

බෙදුම වැලැක්විය නොහැක.