SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔබේ රට බාර ගැනීමට මම විරුද්ධ වෙන්න හේතුව ඔබට අනුන්ගේ තුනෙන් දෙකෙන් කරන්න පුළුවන් ක්‍රම වෙනසක් හෝ ප්‍රතිසංස්කරණයක් නොමැති යයි මම සිතන හෙයිනි. එහෙත් මේ ලිපිය ලියන්නේ ආදරයෙනි.

මුලින්ම මේ සාමකාමී අරගලය බඩගින්න සහ ආර්ථික අපහසුකම් මත පිපිරීමට ලක්වුනද, ඔබ පිළිගතයුතු කරුණක් වන්නේ අරගලයේ ජීව බලය කෙලින්ම දේශපාලන කුහකකම වෙත එල්ල වූ එකක් බවයි. අරගල කරන තරුණ පිරිසට උවමනා වුනේ සමස්ත ක්‍රමයේම වෙනසක් මගින්, වංචාව, දුෂණය, මිත්‍යාව, ඥාති සංග්‍රහය, විලිලැජ්ජානැතිකම සහ කුහක කම පෙරදැරි කරගත් රාජපක්ෂවාදය රටින් තුරන් කිරීම මිස බඩගින්නට පිළියම් යෙදීම නොවේ.

ඔබට මේ බඩගින්නට යම්කිසි විසඳුමක් දීමට හැකි බව විශ්වාස කරමින් සමහරු ඔබෙන් සහනයක් බලාපොරොත්තු වුවත්, මම ඔබෙන් බලාපොරොත්තු වන්නේ එය නොවෙයි. ඔබ හොරුන්ට ඉඩදුන් හොරකම හමුවේ නිකං බලාසීටිම නිසා අද බොහෝ දෙනා ඔබට අප්‍රසාදය පලකරනවා, නමුත් ඔබට වෙනස් වෙන්න පුළුවන්, ඒ තමයි දහම.

(ඔබ සාපේක්ෂව සැබෑ බෞද්ධයෙක්, මම ඔබ ලියූ පොත් ද කියවා ඇත. මම ඔබට මගේ පොතක් තිළින කර එවමි. ඉඩක් ලබාගෙන එහි ඇති අදත්තාදානය ගැන මා ලියූ විග්‍රහය කියවන්න, මානව හිමිකම් උදුරා ගැනීම පවා අදත්තාදානය ට අයත් බව මම විග්‍රහ කර තිබෙනවා.)

ඔබ සැබෑ මහත්මා ගති ඇති පුද්ගලයෙක් ලෙස යම් උදවිය ඔබව විශ්වාස කරන බැවින්, සැබෑ පුරවැසියෙකු ලෙස, යම්කිසි පිය සටහනක් තැබීම පිණිස, මා ඔබෙන් බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග කීපයක් තිබෙනවා. මේ සඳහා ප්‍රාරාම්භයෙන් ආර්ථිකය හැදීම වෘත්තීය වේදීන්ට බාර දී, ඔබේ අවධානය යොමු කළ යුත්තේ දේශපාලන සහ සමාජ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහායි. එයින් ඔබට පුළුවන් ආර්ථිකය සෑදීමේ ක්‍රියාවලිය ට පූර්ණ ජවයක් ලබාදීමට.

මුලින්ම ඔබ කළ යුත්තේ සාමකාමී තරුණ අරගලයක් ලෙස ලෝක පූජිත වූ #gotagogama ට පහර දීම සංවිධානය කර, 150, කට අධික සංඛ්‍යාවක් තුවාල කර 3-4 දෙනෙකු මරණයට පත්කොට, දේපල විනාශ කිරීමට මුල් වූ මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සනත් නිශාන්ත ඇතුළු පිරිස නීතිය හමුවට පැමිණි වීම.

දෙවනුව මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට සහාය දුන් පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ සියලුම නිලධාරීන් ට නීතිය ක්‍රියාත්මක කිරීම.

තෙවනුව මේ සියල්ල සිදුවන තුරු නිකං බලාගෙන සිටි ජනාධිපතිවරයා මේ සිද්ධිය නිසාම ඉල්ලා අස්විය යුතුයි යන්න ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම.

ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යැවීම ඔබ කළ යුතු මයි. මේ කාරය්‍ය ඔබ එදා අරලිය ගහ මන්දිරයෙන් පිට නොවී සිටියාක් මෙන් ඔබට කළ හැකි දෙයක්.

ඉන් අනතුරුව ඔබට පුළුවන් අපි එදා ආලම්බනය කළ 19 නැවතත් බල ගන්වන 21 වැනි සංශෝධනය ගෙන ඒමට.

ඉන් පසුව ඔබට පුළුවන් ඔය අලුගුත්තේරු විධායක ජනාධිපතික්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කර නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලියට අවතීර්ණය වීමට. මෙහිදී හොදින් අවධාරණය කළ යුත්තේ ජනපද ඒකරාශී කිරීම සඳහා සකස් කල ඇමරිකානු ව්‍යවස්ථාවේ බලය පවාඅභිබවමින්, යහපාලන මූලධර්ම වන බලය විමධ්‍යගත කිරීම සම්පූර්ණයෙන්ම ආපසු හරවමින්, එක පුද්ගලයෙක් වෙතට බලය පවරා සුද්දා පිහිටවු ප්‍රජාතන්ත්‍රවාදය රාජාණ්ඩු ක්‍රමයට පරිවර්තනය කිරීමේ සම්භාවිතාවක් ඇති ඔය ජනරජ ව්‍යවස්ථාව අහෝසි කළ යුතුයි යන්න ඔබේ හෘද සාක්ෂිය ට ද එකඟ විය යුතුයි. මෙය යහපාලනය පිහිටුවීමට,කීප වතාවක්ම යම් යම් උත්සාහ ගත් ඔබේ නම රටතුළ ලියවා තැබීමට ඉවහල් වනු ඇත.

අරගල භුමිය සහ ශාඛා ඉවත් නොකරන බවට ඔබ දැනටමත් පොරොන්දු දී ඇති නිසා, මම විශ්වාස කරනවා ඒ පොරොන්දුව ඔබ අකුරටම ඉටු කරයි කියලා. ඒ අනුව රට පුරා ක්‍රියාත්මක වන #gotagogama අරගල භූමි පුරවැසි කේන්ද්‍ර බවට පත්වෙනවා නියතයි.

රනිල්ගෝහොම් ගම්මාන ඉදිනොවීමට නම් ඔබ කල යුත්තේ මේ ටිකයි. එසේ නොමැතිව නාමල් ලොකුවෙනකල් නැවත රාජපක්ෂවාදය රැක්කවීමට පොහොට්ටු ලාභින් ඔබෙන් බලාපොරොත්තු වන කුණු රෙදි සේදීම කිරීමට තරම් ඔබ අමනෝඥ නොවේ යයි මම සිතමි.

මේ ටික කළ පසු ඔබට පුළුවන් ඔබ සහ මංගල සමරවීර එක්ව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ උබුගංබලා යන නව ලොවක් ඔය රටේ ප්‍රතිෂ්ඨාපනය කිරීමට. ඔබ දන්නවා ඇති දැනටමත් ඇමරිකාව තුළ පවා ඔය කට්ටිය නිරාගමික කිය කියා උදම් අනන තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය, ලේ හලා ලබාගත් මානව අයිතිවාසිකම් නැවත ආපසු හරවන්නවා. පටු ආගම් මතවාද ව්‍යවස්ථාවෙන් අයින් වුනාට, මානව චින්තනය ඇතුලේ ක්‍රියාත්මක වන ඒවා පොදු ජන මානව හිමිකම් උදුරා ගන්නවා. ගබ්සාව නැවතත් අවලංගු කිරීමට යාම උදාහරණයක්. සියල්ල එසේම ඇමරිකාව තුළ කණපිට පෙරළෙන එක ලෝකයට කොහොම බලපායිද? අපේ රටේ නිරාගමිකයින් වරදවා අල්ලාගෙන ඉන්නේ වැරදි පැත්ත. මම ඔබ සාපේක්ෂව හොද බෞද්ධ යෙක් යැයි කීවේ ඒ නිසයි.

මෙවන් රටක් ගොඩනැගීමට ඔබට හැකි නම් අපිත් සුළුවෙන් හරි ඩොලර් එවනවා විතරක් නොවෙයි, මම ආපහු එනවා පුලුවන් තරමින් නොමිලේ වැඩ කරන්න.

මේසේ නොකොලොත් ඔබට පුළුවන් වන්නේ නාමල් බේබිට සුවසේ පදින්න තොටිල්ලක් සාදා දීම පමණයි.

ඔබට සුබ පැතුම්

මෙයට

සුමනා විජේරත්න

නගර නිර්මාණය ශිල්පී,

හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ (නාගරික සංවර්ධන අධිකාරිය මධ්‍යම පළාත)

ඉහළ පිංතූරය: අරගලබිමේ චිත්‍ර ශිල්පිනියක් අඟුරු සහ ලෙයින් නිමකරන ලද එකක්.