SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් ආවේ රාජපක්සලා ගොඩ දැමීමට බව රාජපක්ස විරෝධීන්ගේ එකම හඩයි.

බහුතරය දැඩි ලෙස රාජපක්ස විරෝධීන් වී ඇති මෙි නිමේෂයේ වෙනත් මතයක් යංතමට හෝ දැරීම භයානක බව මගේ පිටුවේ පහළ ඇති කොමෙන්ට්ස් බැලීමෙන් පෙනී යයි.

ඊයේ රනිල් නොව අනුර ආවත් බුකියේ රාජපක්ස විරෝධී කදවුර සහ අනුර විරෝධී කදවුර කියනු ඇත්තේ අනුර ආවෙත් ඩීල් එකකට කියාය. එයට ප්රධාන හේතුව රාජපක්ස තවම විධායකයේ ප්රධානියා වීමයි. විධායක රාජපක්ස බලයේ සිටින තෙක් අගමැති වීමට අකමැති බව සහ ඒ සදහා විවිධ කොන්දේසි පනවමින් විපක්ෂ නායකවරයා කාලය ගතකලේ මේ හේතුව නිසාය.

සැබැවින්ම සදාචාරය සහ දේශපාලනය අතර හා ජනතාව නැමැති උපකල්පනයට නූතනවාදී අර්ථය පමණක් දන්නා අනුර හෝ සජිත් අගමැතිවීම ප්රතික්ෂේප කිරීම සාමාන්‍ය දේශපාලන හැසිරීමකි. එසේම ඔවුන් විසින් ගොඩ නගමින් සිටින දේශපාලන ව්‍යාපෘතිවලට එවන් අත්හදා බැලීම් කිරීමට ඉඩක් නැත. අනුර සහ සජිත් ශුද්ධ වශයෙන්ම ජනතාව නැමති ප්රපංචය දෙස බලා දේශපාලනය කරන සම්ප්රදායික අය වෙති. ඔවුහු ප්රජාතන්ත්රවාදියෝ වෙති. එම නිසාම ප්රජාතන්ත්රවාදය පිළිබදව ඔවුන්ට ඇත්තේ සංඛ්‍යාත්මක අගයකි. ඒ නිසා හැකි තරම් ජනතාව රැස් කිරීම, පාගමන් යාම, උද්ඝෝෂණය කිරීම, ජනතාව සමග එකට සිට ගැනීම වැනි ක්රියා කාරකම් සහ ජනමාධ්‍ය පිළිබදව ඔවුන් වෙත ඇත්තේ විශාල විශ්වාසයකි. එය නිවැරදිය. පිළිගත් ක්රමවේදයයි.

නමුත් රනිල් යනු පශ්චාත් දේශපාලන යුගයේ චරිතයකි. මධ්‍යම කාරක සභාව රැස්කිරීමකින් තොරව පවා ඔහු අගමැති තනතුර භාරගැනිමට එකගවිය. ඔහුට පක්ෂයක් තිබීම යනු ද්විතීයික කරුණකි. නමුත් ගෝලීය ප්රාග්ධන ඒජන්තයන්, ගෝලීය ප්රාග්ධන මාධ්‍ය, කලාපීය හා ගෝලීය බලවතුන් ජනතාව නොමැති, රාජපක්සලා සමග එකට සිටගත් රනිල්ට සිය සහයෝගය ලබා දීමට එක දවසින් කැමතිවී ඇත. ඒ අන් කිසිවක් නිසා හෝ නොව ජනතාව විශ්වාස නොකොට ප්රාග්ධනයේ දිශාව පමණක් දෙස බලා එදෙසට නැමීමට රනිල් සැමවිටම මූලෝපාය හසුරවා ඇති නිසාය. 

ඊනියා දෘෂ්ටිවාදීමය දේශපාලනය වෙනුවට "අවසන් මිනිසා" පමණක් වැළද ගැනීම රනිල්ගේ සාර්ථකත්වයට හේතුවයි. සමහරවිට ඊළග මැතිවරණයට පවා ඉදිරිපත්විය හැකි තත්වයක් ඔහුට අත්නොවනු ඇත. එහෙත් මේ මොහොතේ බඩ ගින්නේ සිටින, තෙල් හා ගෑස් පෝලිම්වල සිටින, බෙහෙත් නැතුව මියයන ජනතාව රනිල් හෙට අපට මේ සියල්ල ගැනීමට අවශ්‍ය ඩොලර් ගෙන එනබවට විශ්වාස කරයි. ඒ සදහා හැකියාව ලැබුණොත් ජනතාවට විධායකය යනු ගැටලුවක් නොවන දෙයකි.