SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තම ජීවිතයේ හයවෙනි වතාවටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ මීට මොහොතකට පෙර දිව්රුම් දෙන ලදී.

මීට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අගමැති ධූරය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීමට , විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස වෙත කළ ආරාධනය ඔහු විවිධ කොන්දේසි දමමින් ප්‍රතිකේෂ්ප කර තිබුනි.

පැය 48 ක් රටේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් නොමැතිව පැවතියදී, කොන්දේසි දමමින් රටේ බරපතළ ආර්ථික අර්බුදය අමතක කර, සිය බලය ගැන පමණක් සිතූ සජිත් ප්‍රේමදාස  වැන්නෙකු, එක් වරම මහනායක හිමිවරුන් විකුණා, අගමැති ධූරය ඉල්ලීම  හරහා , ඔහු විපක්ෂ නායක ධූරයටත් නොසුදුසු බව ඔප්පුකර ඇති බවත්, විචාරකයන් පවසා ඇත.

වත්මන් අර්බුදය තුළ අගමැතිධුරය බාරගනිමින් ආණ්ඩුවක් පිහිටුවන ලෙස තමන් පළමුව අරාධනා කලේ විපක්ෂ නායකවරයාට බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයා දිගින් දිගටම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවද එහිදී සිහිපත් කර ඇත.

ඒ තත්වය තුළ අගමැතිධුරය බාර ගන්නා ලෙස තමා කල ඉල්ලීමට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුන හෙයින්, ඔහුට අද දිනයේ දිව්රුම් දීමට පැමිණෙන ලෙස ආරාධනා කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

කෙසේ වුවත් පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායකවරයා 113 බහුතරය පෙන්වීමට සමත් නම් ඊට අනුව කටයුතු කිරීමට තමන් සූදානම් බවත් ජනාධිපති දැනුම්දුන් බවයි වාර්තා වන්නේ .

කොටස් වෙළඳපොල ඉහළ යයි.

 r0

මේ අතර රනිල් වික්‍රමසිංහ අගමැති වෙන්නට යන ආරංචියට ශ්‍රී ලංකා කොටස් වෙළඳපොල යළිත් හිස ඔසවන්නට ආරම්භ වී ඇති බව කොටස් වෙළඳපොල විශ්ලේෂකයින් පෙන්වා දේ.

අද දිනය අවසන් වනවිට 3.17%ක වර්ධනයක් අත්කර ගැනීමට කොටස්වෙළඳපොල සමත් වී ඇත. ආර්ථික අර්බුධය සහ දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් අඩියටම කඩා වැටුණු ශ්‍රී ලංකා කොටස් වෙළඳපොලේ ආයෝජනයෙන් දෙස් විදෙස් ව්‍යාපාරික ප්‍රජාව ඉවත විය.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කඩා වැටුණු ආර්ථිකය යළ පණ ගසා සිටුවන්නට සමත් එකම පුදගලයා ලෙස රනිල් හිතවාදීන් දිගින් දිගටම කියා සිටි රනිල් හිතවාදීන් පවසන්නේ, අද කොටස් වෙළඳපොල වර්ධනය ඊට කදිම සාක්ෂියක් සපයන බවයි.

රනිල් වික්‍රමසිංහ මහාතාට ජාත්‍යන්තර විශ්වාසය දිනාගෙන සිටින එකම දේශපාලකයා නිසා ඔහුව විශෟවාස කොට විදේස් ආයෝජන සහ ආධාර රැසක්ද දිගින් දිගටම රට තුළට ගලාගෙන ඒමට නියමිත බව වැඩි දුරටත් ඔවුන් සඳහන් කර සිටියි.

කෙසේ වුවද මේ වන විට රට තුළ පැන නැගී ඇති ඉන්ධන හිඟය, බල ශක්ති අර්බුධය සහ බඩු භාණ්ඩ හිඟයට ඉක්මන් විසඳුම් නොගෙනාවොත් මහජනතාව තවත් ප්‍රකෝපකාරී වෙමින්, මුලු රටම මහා ව්‍යසනයකට ඇදගෙන යනු ඇති බව දේශපාලන සහ ආර්ථික විශ්ලේෂකයින් දිගින් දිගටම අදහස් දැක්වීය. කිසිම බලාපොරොත්තුවක සේයාවක්වත් නැති එවන් තත්ත්වයක් තුළ අද කොටස් වෙළඳපොලේ නැගිටීම මහජනාතාව සහ ව්‍යාපාරික ප්‍රජාව තුළ අපේක්ෂාවන් ජනිත කරවමින් ඇත.