SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ පස් වන පටුමගේ පිහිටි නිවසේ මේ වන විට සාකච්ඡාවක නිරත වෙමින් සිටී.

මෙම මන්ත්‍රී කණ්ඩායම සමග රනිල් වික්‍රමසිංහ පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී මෙන්ම කොළඹ නගරයේ වෙනත් විවිධ ස්ථානවලදී සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇති අතර එම මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කර ඇත්තේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසි පහක් පමණ රැගෙන සහයෝගය ලබාදීමට එකතුවන බවයි.

මෙම සාකච්ඡාව රාත්‍රි හතයි තිහට ආරම්භවී ඇති අතර මෙතෙකේ අවසන් වී නොමැත.

අගමැතිධූරය රනිල් වික්‍රමසිංහට ලබාදීමට ජනාධිපතිවරයා අදහස් කරගෙන සිටීම නිසා බහුතරය සකස් කිරිමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙලෙස කැමැත්ත පළ කර සාකච්ඡාවට එක්ව ඇත.

මෙම සාකච්ඡාවෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නද තවත් මන්ත්‍රී කණ්ඩායමක් සමග රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡාවක නිරතවීමට සූදානම් බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

(sathiya.lk)