SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වර්තමාන අර්බුදයේ වගකීම මෙතෙක් කල් රට පාලනය කළ සියල්ලට පැවරේ.

එහෙත් මේ මොහොතේ අප වැටී ඇති මහා ආගාධයේ සෘජු වගකීම දැරිය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවයි.

මන්දයත් රෝගියා මෙවැනි අසාධ්‍ය තත්වයට පත් කළේ ඔවුන් වන හෙයිනි. "ගෝඨා ගෝ හෝම්" නමැති සටන්පාඨය වැදගත් වන්නේ එබැවිනි.

ඒ පරම සත්‍ය සජීවීව ප්‍රකාශයට පත්වීම පටන් ගැනුණේ මහ පාරෙනි. මිරිහාන එහි තිඹිරිගෙය වී නම්, ගෝල්ෆේස් පිටිය එහි ප්‍රභාමත් කේන්ද්‍රය විය. අද මුළු රටම එහි අසහාය පරිවාරය බවට පත්වෙමින් තිබේ.

ඒ සම්බන්ධයෙන්, කුඩා පිරිස් වශයෙන් පාරක් සහ හන්දියක් ගානේ නිහඬ විරෝධතාවෙන් සිටගෙන සිටි ධෛර්ය සම්පන්න ජනතාවගේ සිට මහා අරගලයක තත්වයට එය ගෙන ආ ගෝල්ෆේස් ඇතුළු සියලු පුරවැසි කණ්ඩායම් වෙත අපේ ප්‍රශංසාවත්, කෘතඥතාවත් මෙයින් පිළිගැන්වේ.


මේ වනාහි, ආර්ථික අර්බුදයක් දේශපාලනික අර්බුදයක් දක්වා උඩුදුවා ඇති තත්වයකි. ඒ හෙයින්, ආර්ථික මෙන්ම දේශපාලන විසඳුමක් ඒ සඳහා සමගාමීව අවශ්‍ය කෙරේ. ප්‍රශ්නයේ මූලය ආර්ථිකය වෙතත්, විසඳුමේ ආරම්භය දේශපාලනික. "ගෝඨා ගෝ හෝම්" තුළින් එය කැටි ගැන්වෙයි.


අද රටේ ජනතාවට ගෑස් නැත. විදුලිය නැත. කිරිපිටි නැත. පෙට්‍රල්-ඩීසල්-භූමිතෙල් නැත.හේතුව, ආණ්ඩුවට ඩොලර් නැති වීමයි.

උද්ධමනය සියයට 120 දක්වා ඉහළ ගොස් ඇත. රුපියලේ අගය ඊට සමානුපාතිකව කඩා වැටී ඇත. ‌හේතුව, ඩොලර් හිඟයට අමතරව, රුපියල් ට්‍රිලියන තුනකට අධික ප්‍රමාණයක් අලුතෙන් මුදල් අච්චු ගැසීමයි.


මේ ආර්ථික අර්බුදය විසඳීමට ගෝඨාභය රාජපක්ෂට හෝ ඔහුගේ ආණ්ඩුවට නොහැකිය. එදා වේල යාන්තමට පිරිමසා ගැනීමට යම් ණයක් ‌හෝ ආධාරයක් පිහිට විය හැකි වෙතත්, රට අභ්‍යන්තරයේත්, පිටස්තර ලෝකයාගේත් විශ්වාසය දිනාගැනීමට තවදුරටත් රාජපක්ෂලාට හැකියාවක් නැති වීම ඊට හේතුවයි. ඒ නිසා, පහත සඳහන් කරුණු, මේ  මොහොතේ ගත යුතු හදිසි පියවර වශයෙන් අපි දකිමු.


01 - පාර්ලිමේන්තුවේ පක්ෂ නියෝජනය කරන සර්ව පාක්ෂික තාවකාලික අන්තර්-වාර ආණ්ඩුවක් අවුරුද්දක කාලයක් සඳහා ස්ථාපිත කළ යුතුය. දූෂණ හෝ වෙනත් බරපතල අක්‍රමිකතාවන් පිළිබඳ ප්‍රකට කිසිවෙකු ඒ අන්තර්වාර අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවීය යුතු අතර එම අමාත්‍ය මණ්ඩලය 10-15 සීමා විය යුතුය. සෑම අතකින්ම, ඒම අන්තර්වාර ආණ්ඩුව පාරේ සිටින ජනතාවගේ තාවකාලික අනුමැතිය සම ආශිර්වාදය ලබාගත හැකි එකක් විය යුතුය.

02- මේ අන්තර්වාදී ආණ්ඩුවට උපදෙස් දීම සඳහා ස්වාධීන බුද්ධි මණ්ඩලයක් පිහිටුවිය යුතු අතර, විවිධ වෘත්තීය සහ බුද්ධිමය ක්ෂේත්‍ර නියෝජනය කරන විශේෂඥ පිරිසක් ඊට අනුයුක්ත කරගත යුතුය. මහබැංකු අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා නිල බලයෙන් ඊට පත්විය යුතුය.

03 - ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුය. ඔහු ඉල්ලා අස්වන තුරු, රට පුරා දැනට ගෙන යන ජන අරගල මාලාව තවත් ශක්තිමත්ව ප්‍රවර්ධනය කළ යුතුය.  

04- එම අන්තර්වාර ආණ්ඩුව මඟින්, 20 වැනි  ව්‍යවස්ථා සංශෝදනය අහෝසි කොට, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම දක්වා දිවෙන ව්‍යවස්ථා වෙනස්කම් කෙරෙහි වහා යොමු විය යුතුය. එසේ නොවන්නේ නම්, ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට පැවරෙන, 19 වැනි  ව්‍යවස්ථා  සංශෝදනයට සමාන, එහෙත් එහි  පැවති දුර්වලතා පිළිසකර කරගත්, අතරමැද ව්‍යවස්ථා සංශෝදනයක් ඇතිකර ගත යුතුය.

05- විශේෂයෙන් ජපානය සහ යුරෝපා සංගමය ඇතුළු රාජ්‍යයන් සහ IMF" ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන වලට ආමන්ත්‍රණය කරමින්, හදිසි ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා අවශ්‍ය කරන ක්ෂණික ආධාර ඉල්ලා සිටිය යුතුය.

06- අවුරුද්දක් අවසානයේ, අලුත් ජනවරමක් සඳහා ජනතාව ඉදිරියට යා යුතුය.  

අපේ ආර්ථික සහ සමාජ සංවර්ධනය සඳහා පුරවැසි සිවිල් සහභාගීත්වය නූතන යුගය තුළ අත්‍යවශ්‍ය යැයි අපි සිතමු. ඉහත සඳහන් යෝජනා අප ඉදිරිපත් කරන්නේ එකී අභිමතාර්ථය පෙරදැරිවයි. එම අරමුණ සාධනය වන තෙක් පමණක්  නොව, ඉන් පසුවත්  සිවිල් සංවිධානයක් වශයෙන් අප නිරතුරුව ජනතා අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින බවට මෙයින් සපථ වෙමු.

(අන්තර් විශ්වවිද්‍යලයීය විද්‍යාර්ථීන්ගේ  සංසදය,රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ සහ රාජ්‍ය අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතනවල කලින්කල සිටින ලද මහා ශිෂ්‍ය සංගම්වල නියෝජිතයින්ගෙන් සැදුම් ලද ප්‍රගතිශීලි සංවිධානයකි.)

(අන්තර් විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංසදය) 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි