SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරයා තමන්ට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි, කිසිදු ඉල්ලීමක් කර නැතැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තහවුරු කළ බවට අගමැති මාධ්‍ය ලේකම්වරයා සිදුකර ඇති ප්‍රකාශය අසත්‍ය බව ජනාධිපති

කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍යලේකම් රොහාන් වැලිවිට වෙබ් අඩවියකට පවසා ඇත්තේ අගමැතිවරයා ඉල්ලා අස්විමට මෙතෙක් තීරණය කර නැති බවයි.

රොහාන් වැලිවිට ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති කාර්යාල ප්‍රකාශකයා පැවසුයේ, රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගෙන්, ජනාධිපතිවරයා කළ ඉල්ලීමට අග්‍රාමාත්‍යවරයා සාධනීය ප්‍රතිචාරයක් දැක්වූ බවයි.

වසර 50 ක දේශපාලන අත්දැකීම් ඇති තමන්ට රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මනා අවබෝධයක් ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එහිදී ජනාධිපතිවරයාට පවසා ඇත.

 ඊයේ පස්වරුවේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ට එම ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස දන්වා තිබිණ.

ජනාධිපතිවරයාගේ ඉල්ලීමට කැබිනට් අමාත්‍යවරුන් වන වෛද්‍ය රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ ආචාර්ය නාලක ගොඩහේවා ද එකගතාව පළ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කෙසේවෙතත් අමාත්‍ය විමලවීර දිසානායක, එහිදී සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් කිසිඳු ඵලක් නොවන බවයි.

මේ අතර එළඹෙන සඳුදා දින විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව ඔහුගේ පවුලේ ආරන්චිමාර්ග පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයා ඉල්ලා අස්වූ  වහාම කැබිනට් මණ්ඩලය අහෝසිවී යන බැවින් ඒ අනුව එළඹෙන සතියේදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව ද වාර්තා වේ.

මේ අතර ඊයේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීම සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අරලියගහ මන්දිරයට පැමිණ ඇතැයි වාර්තාවේ. එම පිරිස අතර මේවනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් මෙන්ම හිටපු මන්ත්‍රීවරුන් ද සිටි බව 'නෙත් නිව්ස්' වාර්තා කරයි. 

@Theleader.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි