SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සිදුකළ යෝජනාව තමන් ද අනුමත කරන බව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසයි.

කෝප් කමිටුවේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන මහාචාර්ය චරිත හේරත්, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වහාම ඉවත් විය යුතු බවය.

වත්මන් අර්බුදය විසඳීම සඳහා ගත යුතු පියවර ඇතුළත් යෝජනා හයක් ඉදිරිපත් කර ඇති චරිත හේරත්, මාස 6ත් 8ත් අතර කාලයක් සඳහා කුඩා, භාරකාර ස්වභාවයේ ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් මාස 08කට පසු මැතිවරණයකට යා යුතු බවත් යෝජනා කර ඇත.

c
'ආණ්ඩුවේ බහුතර බලය ඉවරයි' - ඩලස්

c1


අනවරත අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ අදෝනාවට සංවේදී වෙමින්, අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වි සර්වපාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවට අවස්ථාව දිය යුතු යැයි හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර තිබිණ.

එසේ නොකර දාදු බලයෙන් හෝ බාහු බලයෙන් බලයේ රැඳී සිටීමේ නග්න අපේක්ෂාවෙන් සිදු කරන මන්ත්‍රීන් වෙන්දේසි කිරීමේ කෛරාටික දේශපාලන උපක්‍රම මඟින් සිදුවන්නේ අර්බුදයේ ගැඹුර සහ පරිමාව පුළුල්වීම පමණක් බවද එම ලිපියේ සඳහන් වේ.

ඔහු වැඩිදුරටත් පවසන්නේ, මෙම තීරණයට එළඹීම සඳහා ප්‍රමාද වන සතියක් පාසා සිදුවන්නේ රටේ අනාගතය සහ ස්ථාවරභාවය වසර ගණනාවකින් විනාශ කර දැමීම බවත් අවම වශයෙන් මේ තත්පරයේ දී හෝ අප ඒ පිළිබඳව අවබෝධ කරගත යුතුව තිබේ යන්නයි.

හිටපු ඇමති ඩලස් අලහප්පෙරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්දිරයේ දී අප්‍රේල්  21 දා  හමුවී මෙම ලිපිය භාරදී තිබිණ. ආණ්ඩුවේ බහුතර බලය මේවනවිට අහිමිව ඇති බව ඔහු එම අවස්ථාවේදී ජනාධිපතිවරයාට සාක්ෂි සහිතව පැහැදිලි කර දී තිබිණ.

@Theleader.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි