SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අනවරත අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ අඳෝනාවට සංවේදී වෙමින්,

අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වි සර්වපාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවට අවස්ථාව දිය යුතු යැයි හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර ඇත.

එසේ නොකර දාදු බලයෙන් හෝ බාහු බලයෙන් බලයේ රැඳී සිටීමේ නග්න අපේක්ෂාවෙන් සිදු කරන මන්ත්‍රීන් වෙන්දේසි කිරීමේ කෛරාටික දේශපාලන උපක්‍රම මඟින් සිදුවන්නේ අර්බුදයේ ගැඹුර සහ පරිමාව පුළුල්වීම පමණක් බවද එම ලිපියේ සඳහන් වේ.

ඔහු වැඩිදුරටත් පවසන්නේ, මෙම තීරණයට එළඹීම සඳහා ප්‍රමාද වන සතියක් පාසා සිදුවන්නේ රටේ අනාගතය සහ ස්ථාවරභාවය වසර ගණනාවකින් විනාශ කර දැමීම බවත් අවම වශයෙන් මේ තත්පරයේ දී හෝ අප ඒ පිළිබඳව අවබෝධ කරගත යුතුව තිබේ යන්නයි.

හිටපු ඇමති ඩලස් අලහප්පෙරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්දිරයේ දී ඊයේ ( 21) හමුවී මෙම ලිපිය භාරදී ඇත.

ආණ්ඩුවේ බහුතර බලය මේවනවිට අහිමිව ඇති බව ඩලස් අලහප්පෙරුම හිටපු අමාත්‍යවරයා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී සාක්ෂි සහිතව පැහැදිලි කර දී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජනාධිපතිවරයාට බාරදුන් ලිපිය පහතින්

21

 

22

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි