SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නිර්දේශපාලනික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව අප්‍රේල් 21දා සංවිධානය කෙරෙන 'අපේක්ෂාවේ සත්‍යක්‍රියාව'ට ආණ්ඩුවේ පාර්ශ්වයෙන් දිගින් දිගටම බාධාකිරීම් සිදුවෙමින් තිබෙන බව 'රැඩිකල් මැද සාමූහිකය' කියා සිටියි.

එම සත්‍යක්‍රියාව කොළඹ නිදහස් චතුරශ්‍රය අභියස පැවැත්වීමට සැලසුම්කර ඒ පිළිබඳව අවසර ලබාගැනීමට කටයුතු කර තිබුනද අවසන් මොහොතේ එම ස්ථානය ලබාදිය නොහැකිබව සංස්කෘතික අමාත්‍යංශ බලධාරීන් දැනුම් දී ඇත.

#GOHOMEGOTA : 'අපේක්ෂාවේ සත්‍යක්‍රියාව'ට ආණ්ඩුවෙන් බාධා ! - නිදහස් චතුරශ්‍රය දෙන්න බැ කියයි!

ඒ අනුව 'අපේක්ෂාවේ සත්‍යක්‍රියාව' අප්‍රේල් 21දා පස්වරු 5.00 සිට 7.00 දක්වා විහාර මහා දේවි උද්‍යානය (නෙළුම් පොකුණ ඉදිරිපිට) දී පැවැත්වීමට 'රැඩිකල් මැද සාමූහිකය' තීන්දු කර ඇත. සුදු පැහැති ඇඳුමින් සැරසී මෙම අවස්ථාවට සහභාගී වන මෙන් 'රැඩිකල් මැද සාමූහිකය' ගෞරවයෙන් ඉල්ලා සිටියි.

අප්‍රේල් මස 21 වන දාට යෙදෙන මංගල සමරවීරයන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ඔහු ප්‍රාර්ථනා කළ රට නිර්මාණය කිරීම උදෙසා කුඩා පියවරක් වශයෙන් එම සත්‍යක්‍රියාව පැවැත්වෙන බව 'රැඩිකල් මැද සාමූහිකය' කියා සිටියි.

වීදි බැස ඇති සුවහසක් පුරවැසියන්ගේ සාධාරණ ඉල්ලීම් අනුව රාජපක්ෂ ක්‍රමය අවසන් කිරීමත්, පුරවැසියාට වග කියන ගෞරවනීය රජයක් ඇති කරගැනීමත් අභිලාෂය කරගත් දේශපාලන සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අතර සම්මුතියක් ගොඩනගා ගැනීමත් මෙහි මුලික අරමුණ වී තිබේ.

'රැඩිකල් මැද සාමූහිකය' 'සැබෑ දේශප්‍රේමී' අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා මංගල සමරවීරයන් විසින් ආරම්භකළ දේශපාලන මෙහෙයුමකි.

උතුරු නැගෙනහිර ප්‍රජාවද ජන අරගලයට සහභාගී කරගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වන අතර මෙහිදී මංගල සමරවීරයන්ගේ රැඩිකල් සෙන්ටර් යෝජනාවලිය තුළ එකී ජනතාවද නියෝජනය කරගන්නා යෝජනාද ඇතුලත් කර තිබීම විශේෂත්වයකි. එමගින් ගෝල්ෆේස් පිටියේ ක්‍රියාත්මක තරුණ ජන අරගලයට ජාත්‍යන්තර සහයෝගයද ලබාගැනීමට හැකිවනසේ  ශක්තිමත් ප්‍රවාහයක් දක්වා ගෙනයා හැකිවීම විශාල ජයග්‍රහණයක් ලෙස පෙන්වා දිය හැකිය.

පහත දැක්වෙන්නේ රැඩිකල් සෙන්ටර් ඉදිරිපත් කරන සම්මුතියේ යෝජනා පෙළයි. මේවා තරුණ අරගලකරුවන් ඉදිරිපත් කළ යෝජනා වන අතර රුඩිකල් සෙන්ටර් ඉදිරිපත් කරන නව යෝජනා  දෙකක්ද අතුරු නැගෙනහිර ජනයා මූලික කොටගෙන අවසානයේ දක්වා ඇත.

1- රාජපක්ෂවාදය අවසන් කිරීම.

2- 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර සුදුසු සංශෝධන සහිතව 19වන සංශෝධනය යළි පැනවීම.

3- රාජපක්ෂ විරෝධී පක්ෂ එකමුතුවෙන් නිශ්චිත කාලයක් සඳහා  අන්තර්වාර පාලනයක් ඇති කිරීම.

4- සියලු ජාතීන්ට, ආගම්වලට සහ ලිංගිකත්වයන්ට සම අයිතිය ලැබෙන ශ්‍රී ලාංකේය සමාජයක් පිලිගැනීම.

5- ආර්ථික අර්බුදයට සාමූහික එකඟතාවයෙන් කඩිනම් විසඳුම් සෙවීම

6- ඖෂධ, අත්‍යාවශ්‍ය ආහාර, විදුලිය, ගෑස් පොහොර සහ අනෙකුත් කෘෂිකාර්මික යෙදවුම් සහ කාර්මික යෙදවුම් ප්‍රමාණවත් ලෙස අඛණ්ඩව සැපයීම සහතික කිරීම.

7- අර්බුදය හමුවේ දිළිඳු ජනතාවගේ සමාජ සුරක්ෂිතභාවය සහතික කිරීම.

8- පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ සහ පක්ෂවල  වත්කම් බැරකම් ජනතාවට දැනගැනීමේ අයිතිය ලබාදීම.

9- රාජ්‍ය ආයතනවල සියලු ගනුදෙනු විගණනයට යටත් කිරීම

10- මානව අයිතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කිරීම.

11-නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම.

12-වංචා දූෂන සහ පාස්කු අපරාධ සම්බන්ධ චෝදනා නීත්‍යානුකූලව විමර්ශනය කොට දඬුවම් ලබාදීම.

13- දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම

ඒ අනුව රැඩිකල් සෙන්ටර් ඉදිරිපත් කර ඇති නව යෝජනා වන්නේ,

14- ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම

15- පුරවැසියන්ගේ මතය ඉදිරිපත් කිරීමට සහ පුරවැසි සහභාගීත්වය තහවුරු කිරීම සඳහා  පුරවැසි වේදිකාවක් පිහිටුවීම

 

මේ තරුණ පරම්පරාව පාට, පක්ෂ, භේද නැති කොටුවකට සීමා නොවෙන පරම්පරාවක්... 

 අපි සීරුවෙන්...

 

 

 

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි