SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර 'ජන අරගල භුමියේ' රැඳී සිටින විරෝධතාකරුවන් ඉවත්කිරීම

සඳහා පොලිසිය විසින් අප්‍රේල් 18 දා අධිකරණය නියෝගයක් ලබාගැනීමට සුදානම් වනබව වාර්තාවේ.

ජනාධිපති කාර්යාලය අසල ජන අරගල භිමියේ ඉඳිකර ඇති කුඩාරම් හා ඉඳිකිරීම්  ඉවත් කිරීමට වහාම කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය විසින් පොලිසිය වෙත ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.  

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම හිතවතකු වන නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර විසින් එම ඉල්ලීම කර ඇතැයි ද පැවසේ.

විරෝධතා කළාපය "ගෝඨාගෝගම" ලෙස නම් කරමින් කුඩා ජනපදයක ආකාරයකින් මේවන විට අරගල භුමිය ක්‍රියාත්මක වෙයි.

විරෝධතාවයේ නිරත පිරිස කූඩාරම් සවිකර රාත්‍රිය ගත කරන අතර ඔවුන් විසින්ම ජංගම වැසිකිලිද විරෝධතා භූමියට රැගෙන විත් ඇත.

මේ අතර පසුගියදා විරෝධතාකරුවන් පැවසුවේ රජය මෙම ජංගම වැසිකිලි එම ස්ථානයෙන් ඉවත්කිරීමට කටයුතු කරන බවයි.
මේවනවිටත් කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව රටේ පවතින අයහපත් තත්ත්වයට එරෙහිව අව්-වැසි නොතකා තරුණ තරුණියන් ඇතුළු දහස් සංඛ්‍යත  පිරිසක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටිති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉවත් වීම සහ අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුක ආණ්ඩුව ඉල්ලා අස්වීම ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වේ.

රාජපක්ෂ පවුල හා දේශපාලනඥයින් විසින් වංචාර කර ඇති රටේ ධනය යළි රටට අත්පත් කර ගැනීම ඔවුන්ගේ තවත් සටන් පාඨයකි.

රාජ්‍ය දේපළ හා මුළ්‍ය වංචාවන්ට සම්බන්ධ දේශපාලනඥයින් ඇතුලු පුද්ගලයින්ට රටින් පිටවීම වළක්වා ලීම තවත් ඉල්ලීමකි.

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි