SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගාලු මුවදොර අසළ ජනාධිපති ලේකම් කාර්යාලය පෙදෙස #GotaGoHome2022 අරගල කරුවන් විසින් දැන් පැය 48කට වඩා කාලයක් අත්පත් කරගෙන තිබේ.

එය මෙරට අරගල ඉතිහාසයේ සිදුවන දීර්ඝතම sit-in එක නැත්නම් ධරණය වෙයි. එය අතිශය සාමකාමී පිරිසකගේ ඒකරාශි වීමකි. මෙරට බංකොළොත් කමට හේතුවූ එක් සාධකයක් විය හැකි චීන පෝරට් සිටි ව්‍යපෘතිය ද අරගල කරුවන් අත්පත් කරගෙන සිටින ස්ථානයට නුදුරින් දැඩි ආරක්ෂාව යටතේ පවතී.

මීට කාලයකට පෙර පෝර්ට් සිටිය බැලීමට යාමේ උණක් සහිත ජනසන්නිපාතයක් මේ භූමිය අවට පිරී සිටියා අපට මතකය. නමුත් ආර්ථික අර්බූධය තීව්ර වනවිට මේ භූමිය නිරන්තරයෙන් අරගලකරුවන්, වෘත්තීය සමිති, සහ ආණ්ඩු විරෝධතාවයන් දියත් කළ විපක්ෂයේ කේන්ද්රීය අණසකට යටවූ මර්මස්ථානය බවට පත්විය. මෙවර අරගල රැල්ල ආරම්භ කරමින් ජනාධිපති කාර්යාලයට කඩා පැණීමට පළමුව උත්සාහ කළේ සජබ ආධාරකරුවන්ය. පාන් ගෙඩ් සවිකළ ලී කැබැලි හෙල්ල හා පන්දම් සහිතව පැමිණි එම සජබ අරගල කරුවන් තමන්ගේ ආර්ථික පීඩනය කියා පෑ දර්ශන ඉතා ප්රබලව ජන අරගල අපේක්ෂාව දැල්වීමට හේතුවිය. ජාජබය, ජවිපෙ, පෙසප, සජබ ආදී සියලු විපක්ෂයේ පක්ෂ විසින් රට පුරා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර ගණනාවක්ම දියත් කර ඇති පසුබිමක, දශලක්ෂයක් කොළඹට ගෙන එන ව්‍යාපාරය ඇරඹුනේ මිරිහාන අරගලයෙන් පසුවය. මිරිහාන අරගලය ආණ්ඩුවේ දූර්වලත්වය ඉතා ඉහළින් එළියට ගත් එකකි. එය මර්දනයට යොදාගත් බාල උපාය නිසාම එම අරගලය ජාත්‍යන්තර මාධ්‍යවල පවා අවධානයට ලක්විණ. කෙසේමුත් රටපුරා ගොවි, ධීවර, කම්කරු, ශිෂ්‍ය, තරුණ, හා වෘත්තිකයන්ගේ අරගල සේම පක්ෂ මූලික කොටගත් බහුජන අරගල මාළාවක් දියත්වී ඇති පසුබිමක අද ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය වටලාගෙන සිටින ව්‍යාපාරය සංකේතිකව මෙම අරගල රැල්ලේ සමස්ථ ප්රකාශනයේ සාරය බවට පත්විය හැකි විභවතාවයකින් යුතු එකකි.

දැනට එය කොළඹ කේන්ද්රීය තරැණ අරගල කරුවන් රාශියකගේ මැදිහත්වීමෙන් ඉදිරියට යනු පෙනෙයි. එයට වෙනත් ව්‍යාපාර ගණනාවක සහාය ද ලැබෙමින් පවතී. කතෝලික, මුස්ලිම් සියලු ජනකොටස්ද එම අරගලයට එක්වනු ඊයේ අපට දැකගත හැකිවිය. එය විසින් දෙන පණිවුඩය නම් නිසැකවම අරගලය කිසිම ජන වර්ගයක, ආගමක, හෝ පක්ෂයක අනන්‍යතාවයෙන් තොරව ඉදිරියට යායුතු බව විය හැක.

චීන පෝර්ට් සිටිය ආසන්නයේ සිට සිදුකරන උද්ඝෝෂණවලට චීනය කොහොමත් කැමති නැතිව්ය හැක. චීනය විසින්ම, බලය ගැනීමේ දී, වැඩියෙන්ම කැමැත්ත දැක්වූ රාජපක්සලා අද හතර වටින් වටවී තිබේ. මුහුද දෙසින් පලායාමට පවා ඔවුන්ට හැකිවණු ඇත්දැයි සැක සහිතය. ලංකාව විශාල දේශපාලන වෙනසකට මුල පුරමින් සිටී. පවුල් පාලනය අහෝසි කර ගැනීමට හැකිවුවහොත් එයම විශාල ජයග්‍රහණය කි. එසේම කඩා වැටූණ රාජ්‍යයක නව දේශපාලන සංස්කෘතියක් සහිතව ඉදිරියට යාමේ පෙළඹුම හා තෙරපුම දැවැන්ත ලෙස මෙම අරගල හරහා ප්රකාශ වී ඇත.

රාජ්‍ය ස්වාධිපත්‍ය නැමති ඩිලෙම්මාව ජාතික හා ආගමික හෝ පංතිමය ආකාරයකින් අර්ථ දක්වනවාට වඩා කොස්මොපොලිටනීය නව අර්ථයකින්, චීන පෝර්ට් සිටි මානයේ සිට, ගැඹුරින් අසන අරගලයකට සරළ පිළිතුරු වෙනුවට ගැඹුරු ව්‍යුහාත්මක දේශපාලනික පිළිතුරු ලබා දීමට මෙරට දේශපාලන හා සිවිල් සමාජීය පිරිස් වැඩි වශයෙන් එම අරගලය හා බද්ධ වියයුතු මොහොත දැන් එළඹ තිබේ.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි