SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අප්‍රියෙල් තුන් වනදා ආරම්භ කළ ජනතා සටන දැන් උච්චතම අවස්ථාවට පැමිණ තිබේ.

ඊයේ ඇද වැටුණු මහ වැසි මැද්දේ උවද සටන අත් නොහැර රෑ පහන් කළ තරුණ තරුණියන් තවමත් අරගල භූමියේ රැදී සිටී.

ඇත්තටම කිසිම දේශපාලන මෙහෙයවීමෙන් තොරව පැන නැගුන මෙම ජනතා අරගලයේ ඉළක්කය යථාර්ථවාදී සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණක් බව ඉතා පැහැදිලියි. ඔවුන් ඒ අරගලයේ නිරත වෙන්නේ අප වෙනුවෙන් වගේම රට හා රටේ අනාගත පරපුර වෙනුවෙනි. ඒ නිසා මේ අරගලය ඉදිරියේ කිසිවෙකුට ඇස් කන් පියාගෙන සිටීමට කිසිම අයිතියක් නැත.

අරගලය විසින් අපේ රටේ දේශපාලන කඳවුරු දෙකකට බෙදා ඇත. එනම් රාජපක්ෂ රෙජිම පලවා හැරීමට පක්ෂපාතී කදවුර හා රාජපක්ෂ රෙජීමය රැක ගැනීමේ දුෂ්ඨ කදවුර ලෙසයි.

දේශප්‍රේමී හා දේශද්‍රෝහී ලෙස බෙදුම් රේඛාව වැටි ඇත්තේ එලෙසයි.

සිංහල, දෙමළ ,මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියලු ජාතිකත්වයන් ඒ දෙගොඩට අයිතිය. සියලු ආගමික සංස්ථාවන් ඒ දෙගොඩට අයත්ය. සියලු දේශපාලන පක්ෂ එම දෙගොඩට අයත්ය.

දැන් ඒ බෙදුම් රේඛාවෙන් රට බෙදා අවසන්ය.

දැන් මේ රටේ හෘද සාක්ෂිය තිබෙන මිනිස්සුන්ට රටේ රාළට කතා කරමි. දේශපාලනයට පක්ෂවලට රටේ රාළ කතා කරමි. දැන් ඔබලා තමන් අයිති මොන කදවුරටද යන්න ඔප්පු කර පෙන්විය යුතුයි.

මේ රටේ ජනතාව සහ සිවිල් සංවිධාන තමන් ජනතා අරගලයට පක්ෂපාතී බව ඔප්පු කර හමාරය. ඒ නිසා දැන් රටේ රාළ ඇඟිල්ල දිගු කරන්නේ මේ රටේ දේශපාලනය පක්ෂ වෙතය.

ආණ්ඩුව නියෝජනය කරන හා විපක්ෂය කියා දැන් දෙගොඩක් නැත. ඇත්තේ අරගලයට පක්ෂපාතීද නැද්ද යන්න පමණි. එමනිසා දැන් අරගලය ආරක්ෂා කිරීමට මේ රටේ දේශපාලන පක්ෂ ඉදිරිපත් විය යුතුයි. ඔවුන් දේශප්‍රේමීන්ද, නැතිනම් දේශද්‍රෝහීන් යන්න රටට ඔප්පු කර පෙන්විය යුතුයි.

සජබෙ, ශ්‍රීලනිප, ජවිපෙ,43, එජාප, ජානීපෙ, දෙමළ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය කියා දැන් බෙදීමක් නෑත. සජිත්, මෛත්‍රී, අනුර, රනිල්, පාඨිළි, විමල්, ගම්මන්පිල, රාසමානික්කම්...කියාද බෙදීමක් නැත.

ඇත්තේ ඉහත බෙදීම පමණි.

එනම් ජනතා අරගලයට පක්ෂද නැද්ද යන්න පමණි.

ඒ නිසා රටේ රාළ දැන් යෝජනා කරන්නේ අරගලයට පක්ෂපාතී සියලුම දේශපාලන නායකයන් අරගල බිමට පැමිණිය යුතු බවයි.

ඔවුන්ගේ පැමිණීමට අරගලකරුවා ඉඩ දිය යුතු බවයි.

ඔවුන් පැමිණ අරගලකරුවාගේ ඉල්ලීම කුමක් දැයි සාකච්ඡා කල යුතුයි.

අරගලකරුවාද මේ රට හමුවේ දැන් නිශ්චිත වැඩපිලිවෙලක් ඉදිරිපත් කළ යුතුයි.

එම ඉල්ලීම ඉටු කිරීමට තමන් මැදිහත් වන බවත් එහි වගකීම බාරගන්නා බව අරගලකරුවා ඉදිරියේ තබාගෙන ඒ දේශපාලන නායකයින් රටේ ජනතාවට සපත කල යුතුයි.

එය කෙටි කාලීන වැඩපිලිවෙලක් විය යුතු අතර අරගලකරුවා විසින් එය අධීක්‍ෂණය කළ යුතුයි.

ඒ සදහා නිර්පාක්ෂික විද්වත් මණ්‌ඩලයක් පත් කළ යුතුයි. එසේම අරගලය තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනා යුතුයි. ඊට නැවත දැවැන්ත ප්‍රති සංවිධානයක් ඉතා කොටි කාලිනව කළ යුතුයි.

විසදුම මීලග පාර්ලිමේන්තු සතිය වන විට දේශපාලන පක්ෂ විසින් රටට ප්‍රකාශ කළ යුතු අතර එම සතිය තුල අරගලය ශක්තිමත් කර නැවත ඉදිරියට ගෙනා යුතුයි. එම නිසා මේ දැන්ම දේශපාලන පක්‍ෂ නායකයන් හා සිවිල් සමාජ ප්‍රධානීන් අරගල භූමියට පැමිණිය යුතුයි. 

අරගලකරුවා කැදවු දෙදින සටන අද දිනයෙන් අවසන් වීමට නියමිත බැවින් ඊට පෙර වහාම මෙම ක්‍රියාමාර්ග ගත යුතු බව යෝජනා කරමි.

ඒ ඉඩ ලබාදී අරගලකරුවා විසින් සටන ඊළග අධියර දක්වා රැගෙන යායුතු බව රටේ රාළගේ යෝජනාවයි.

#GotaGoHome2022

ජනතා අරගලයට ජයවේවා.

 

@ප්‍රියන්ජිත් විතාරණ

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි