SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පුතේ,,

ඔයාගෙ විප්ලවීය සගයන්ට කියාදෙන්න මේ රට කෑවෙ අපිම බව,,

ඡන්දය යනු අපගේම කැමැත්ත බව,,

අවුරුදු 74 ක් ආණ්ඩු හැදුවේ අපිම බව,,

ගෙදර යැව්වෙත් අපිම බව,,

ඒත් ඒ කිසිදු පාලකයෙක් ආර්ථික විශමතාවය මත පදනම් වූ ගැටලුව විසදුවේ  නොමැති බව,,

අපේ රටේ ඇත්තේ ආර්ථිකය සහ අධ්‍යාපනය ප්‍රතිව්‍යූහගත නොවීමේ ගැටලුවක් බව,,

 

Capitalism ඇවිත් අපි හැමෝටම කෙළවා ඇති බව,,

ඉන් ඔබේ අවශ්‍යතා සියල්ල ආශාව බවට පෙරලු බව සහ ඔබ ඉන්නේ ඔබේ පරිභෝජන ආශාවේ සුරතාන්තයේ බව,,,

ඔයා ඔයාගෙ කෙල්ල එක්ක අරගළයේ බ්රේක් එකේදී pizza hut එකේ pizza කද්දී Capitalism ගුදය හරහා රමනය කළ බව නොදැන සිටි බව,,

ප්ලේන්ටිය ගහලා අරගල කළයුතු යුගයක් නොවන බව,,

අද අරගළයේ මිටි මොලවාගත් අත් වල ඇත්තේ phone  සහ මාර්ක් සකර්බර්ග්ගේ" Live " බව,,

ඔබ පාලකයාට එරෙහි වෙද්දීම ඔබ සූරන්කෑමට මාධ්‍ය ඒජන්තවරුන් සහ සකර්බර්ග් සූදානම් බව,,,

ඔබ අරගළය  සංවිධානය කරද්දී ම ඔවුන් අතිරික්ත ප්‍රාග්ධනයක් සොයා ගෙන ඇති බව,,

මෙය නාගරික සහ අර්ධ නාගරික පරිභෝජන හිගතාවයේ අරගලයක් මිස දුප්පතුන්ගේ අරගලයක් නොවන බව,,

අහිංසකයන්ගේ පීඩනය තවදුරටත් ඔවුන් සියල්ලගේ විනෝදය බවට පෙරළෙන බව,,,

එසේම ඔවුන්ට කියාදෙන්න මේ ප්‍රධාන ධනේෂ්වර පක්ෂ වලට අභියෝග කළහැකි ප්‍රබල "වමක් " අපට අවශ්‍ය බව,,

"වම" යනු ජ.වි.පෙ නොවන බව,,,

අපේ ආශාව යනුම Capitalism බව,,

ආදරය, මනුෂ්‍යත්වය, කලාව, සංවාදය ඉන් මරා දමා වින්දනය සඳහා ප්‍රචණ්ඩත්වය අපට හුරු කරන බව,,

අපිම අපේ සාර්වස්තිකයට කෙළවා ගත් බව,,

එහෙයින්,, මේ යුගයේ අරගළය මනස කේන්ද්‍රීයයි,, වාස්තවික යි,, හැදෑරිය යුතු බව,,

අනාගත නව පුරවැසි ශිෂ්ඨාචාරයක් බිහිකර ගත හැක්කේ ශරීරය නඩත්තු කරන පරඩැල් වලින් නොව නව කියවීමක් තුළ මනස ශික්ෂණය කරගත් පුරවැසියන්ගෙන් බව,,

 පුතේ,,, ඒ නිසා වැඩිහිටි මනසක් සහිතව දේශපාලනය දකින්න.දේශපාලන ගැටලුවලට සදාචාර විසදුම් සොයන භීතිකා කරුවකු නොවන්න. මගේ පරපුරේ හෝ මට පෙර පරම්පරාව යනු බහුතරයක් මෙකී අර්බුදය වටහාගැනීමට තරම් දේශපාලන සාක්ෂරතාවක් නැති මුග්ධයෝ බව ඔවුන්ට කියාදෙන්න,,,

අනෙක් පසින් ඔබේ පියා චිත්‍ර ශිල්පියෙකු සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස නිර්මාණ කරනයේ සිටියද ඒ සියල්ලද පශ්චාත් ධනේෂ්වර ය තුළ පරිභෝජන වස්තු පමණක් බව,,, අතිරික්තය සූරාකන්නංගේ ආලින්ද වල හිස්තැන් ඉන් පිරෙන බව කියාදෙන්න,,,අරගළයේ මෙවලම් ඇත්තේ පීඩකයා තුළමයි,,, ඔබට හොරු ඇල්ලීමට අවශ්‍ය නම් හංදියේ කඩේ මුදලාලි ගෙන් පටන් ගන්න,

පුතේ,, මේ ක්‍රමයේ හිස්තැන් ගොඩයි,,

ඒ නිසා සිහිය තබාගන්න,,,

"සිස්ටම් චේන්ජ් "  කියන්නේ,

"සිස්ටම්" එකේම "චූන්" එකක් නම් නෙමෙයි!

අපි මොඩන් විදිහට අරගල කරමු,,,,

 

රනිල් ශානක

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි