SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වසර කිහිපයකම සිට අසාධ්‍ය රෝගියකු බඳු වූ ලංකා ආර්ථිකය සඳහා විවිධ වෛද්‍යවරුන් ප්‍රතිකාර කළත්, නිවැරදි ප්‍රතිකාර‍යක් සිදුකළේ හිටපු මුදල්

අමාත්‍ය මංගල සමරවීර සමයේ බව මහාචාර්ය රොහාන් සමරජීව පවසයි.

"මංගල තමයි ආර්ථිකය සඳහා හරියට ප්‍රතිකාර කළේ. ඒ අතරේ තමයි , දින 52 ආණ්ඩු කුමන්ත්‍රණය සහ පාස්කු ප්‍රහාරය එල්ල වුණේ. වර්ධනය සීමා වුනේ ඒ නිසා. නමුත් හරියට ප්‍රතිකාර කෙරුණා. ඒ බව IMF පවා කියනවා. මේ ආණ්ඩුව ඇවිත් ඒ ප්‍රතිකාර නවත්තලා ගොඩ බෙහෙත් දුන්නා. හරියට ධම්මික පැණිය වගේ" යැයිද ඔහු පැවසීය.

මහාචාර්යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (05)  රැඩිකල් මැද විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ය.

වත්මන් තරුණ - ජනතා නැගිටීම සහ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පැවැත්වූ මේ මාධ්‍ය හමුවට මහාචාර්ය රොහාන් සමරජීව සමග නීතිඥ  භාග්‍යා සෙනෙවිරත්න, මාධ්‍යවේදීන් වන සංජය ලියනගේ, මාධ්‍යවේදී හරේන්ද්‍ර ක්‍රිෂ්ණ ස්වාමි, සිවිල් සමාජ ක්‍රියාකාරී සහ ආර්ථික විශ්ලේෂක කිත්සර  ගුණරත්න සහභාගි වූහ.

මෙහිදී අදහස් දක්වමින් මහාචාර්ය රොහාන් සමරජීව වත්මන් තරුණ - ජනතා නැගිටීමේ එක් ප්‍රධාන හැරවුම් ලක්ෂයක් ලෙස ආණ්ඩුව පැනවූ සමාජ මාධ්‍ය තහනම ඉවත්කර ගැනීම සැලකිය හැකි බවත්, තාරුණ්‍යය විසින් ආණ්ඩුවට අත්කර දුන් ඒ පරාජය මර්දනය හැරවා දැමීමක් ලෙස පැවසීය.

ඒ තාරුණ්‍යයේ මැදිහත්වීම දකින්න 'අනේ මංගල හිටියා නම්..'  කියා තමන්ට එහිදී සිතුණු බවත් මහාචාර්ය රොහාන් සමරජීව එහිදී පැවසීය.

" අපේ රටේ කාලයක් තිස්සේ ආවේගශීලී දේශපාලන සටන් පාඨ, දේශමාමක සටන් පාඨ වලට මුල්තැන දීලා, වැඩි බරක් දීලා, මූලික ආර්ථික යථාර්ථය යටපත් කරලා තියෙනවා.

1983 ලංකාවට දැවැන්ත විදෙස් ආයෝජන ගෙනෙන සමුළුවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුනා.  දමිළ රජයේ නිලධාරියෙකු  විදේශීය ආයෝජකයන් ආකර්ශනය කරගන්න අමතමින් ඉන්න විට් තමයි බොරැල්ලේ ගිනි තැබීම් පටන් ගත්තේ. හොඳ අවස්ථාවක් එදා අහිමිවුණා.

"පසුගිය කාලයත් එහෙම තමයි.

මෙම අදහස් දැක්වීම අවස්ථාවේ තම පරම්පරාව සිය යුතුකම් කොටස රට වෙනුවෙන් සිදුකර නොමැති බවට හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සිදුකළ ප්‍රකාශයක් සිහිපත් කළ මහාචාර්ය රොහාන් සමරජීව ඒ බව පිළිගනිමින් හැඟුම්බර වන ආකාරයක් ද දකින්නට ලැබිණ. 

 

නීතිඥ භාග්‍යා සෙනෙවිරත්න

එහිදී අදහස් දැක්වූ නීතිඥ භාග්‍යා සෙනෙවිරත්න විසින් මෙම ආර්ථික අර්බුදය වැඩියෙන්ම දැනෙන්නේ කාන්තාවන්ට බවත් දරුවන්ගේ බඩගින්න වැඩියෙන්ම දැනෙන්නෙ අම්මලාට බවත් ප්‍රකාශ කෙරුනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් භාග්‍යා විසදුම ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහාය ලබා ගැනීම හැකි ඉක්මනින් ලබා ගත යුතු බව පැවසුවාය.

 

ආර්ථික විශ්ලේෂක කිත්සර ගුණරත්න

ආර්ථික විශ්ලේෂක කිත්සර ගුණරත්න අදහස් දක්වමින් පවසා සිටියේ සමහර දේශපාලන පක්ෂ මැතිවරණයක් පැවැත්විය යුතුයි පවසමින් ළදරු දේශපාලන විසදුම් තරුණයන් පිලිනොගන්නා බවත් ජනාධිපතිවරණයකට රුපියල් බිලියන 4.5 පමණ වියදම් වෙන බවත් එවිට IMF සාකච්ඡා නවතින බවත් එම වියදම ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට සහන දීම විසදුමක් ලෙස පෙන්වා දුනි.  

ප්‍රශ්න වලදී මිනිසා වෙනදාටවත් වඩා බුද්ධිමත්ව කටයුතු කල බවද ප්‍රශ්නයට විසදුමක් සොයන්නන් විය යුතු බවද අවධාරනය කෙරුනි.

 

මාධ්‍යවේදී හරේන්ද්‍රන් ක්‍රිෂ්ණ ස්වාමි

මාධ්‍යවේදී හරේන්ද්‍රන් ක්‍රිෂ්ණ ස්වාමි මෙහිදී වැදගත් අදහසක් මතුකරමින් පාලකයන් ඇතුළු සම්ප්‍රදායික දේශපාලනය වෙත සිහිපත් කළේ තවදුරටත් ජාති ආගම් භේද හරහා පාලනය වීම මේ තරුණ ජනතා නැගිටීම හමුවේ ප්‍රතික්ෂේපව ඇති බවයි.

 

 

මාධ්‍යවේදී සංජය ලියනගේ

මෙහිදී  අදහස් දක්වමින් මාධ්‍යවේදී සංජය ලියනගේ පවසා සිටයේ උද්ඝෝෂණය කරන තරුණයන්ගේ පණිවිඩය හරියට කියවා ගැනීම ඉතා වැදගත් බවය. වත්මන් තරුණ - ජනතා නැගිටීම සම්ප්‍රදායික දේශපාලනයට දිරවා ගැනීමට නොහැකි විය හැකි නමුත්, මතුව ඇති තත්ත්වයට නිසි වැඩපිළිවෙළක් නොමැතිව රට පාලනය කළ පාලකයන් අඩුවැඩි ලෙස වගකිවයුතු බවත් ඔහු පැවසීය.

පාරට බැස ඇත්තේ තාප්ප පිරෙන්න චිත්‍ර ඇඳපු 69 ලක්ෂය නියෝජනය කරන තාරුණ්‍යය ඇතුලත් ජනතාව බවත්, එබැවින් ත්‍රස්තවාදී, අන්තවාදී කතා හෝ සුපුරුදු ගෝනි සෙල්ලම් වලින් ඒ හඬ වැසීම වෙනුවට රට හදන ශක්තිමත් පොදු වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඔහු පැවසීය.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි